(ප්‍රසාද් මුතුකුඩ )
ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලනඥයකු ශ්‍රී ලාංකීය සිනමාවේ ජනප්‍රියම නළුවකු වූ විජය කුමාරතුංග මහතාගේ 30 වැනි අනුස්මරණ ගුණ සැමරුම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (16) සීදූවේදී පැවැත්විණි.
විජය පදනම සංවිධානය කරන ලද එම උත්සවයේදි කුමාරතුංග මහත්මිය අතින් විජය සමාධියට පුෂ්පෝපහාර දැක්වූවාය.
එම උත්සවයට හිටපු අමාත්‍ය පීලික්ස් පෙරේරා මහතා ,නියෝජ්‍ය ඇමතිනි සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය , විජය කුමාරතුංග මහතාගේ පවුලේ ඥාතීහූ ඇතුළු පිරිසක් එක්වූහ.
එම උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කුමාරතුංග මහත්මිය පැවසුවේ විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට එක්කිරීමට අදහසක් නොමැති බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්තනගල්ලෙන් ඡන්ද 67 ක් කියල ආරංචියි....
ඔය සමාධිය පිරිසුදු කරන්නේ මේ දවසට විතරයි..අනෙක් දවස්වල කොළ හල්ලිලා ගන දෙයක් නැහැ.
විමුක්තිව දේශපාලනයට එවුවොත් ඇපත් නැතිවෙනවා. රට වෙනුවෙන් මොනවා කලාටද එයට මිනිස්සු චන්දෙ දියුත්තේ? අඩුතරමින් ලංකාවේ භුමියේ ගහක් කොලයක් වත් හිටවල තියෙනවද? ලංකාව තමන්ට පෙන්නන්න බැහැ කියපු මිනිහෙක් ට මොන මගුලට ද ඡන්දෙ දියයුත්තේ?
බණ්ඩාරනායක පවුලේ දේශපාලන මැදිහත් වීම මෙතනින් අවසානය.
අපුරු ස්වමිදියණිය තම සැමියාට පින් අනුමෝදන් කරන හැටි බලන්න . හරියට තේ පාටියක තේ හදනවා වගේනේ . කාලයකදී ඇය රටේ ප්‍රධාන චරිතයක්නේ . කුඩා දරුවන්ටනම් මේ දේවල් පෙන්නන්න නම් එපා , බුද්ධාගමටත් දෙවියන්ගේ පිහිට තමා, මැය රටත් විකුණලා අපිවත් විකුණලා රටේ ඉන්න දරුපැටවුන්ගේ මොලත් විනාශ කරලා බුද්ධාගමත් නැත්තටම නැති කරලා තමයි නවතින්නේ .
අනේ දන්නා කෙනෙක් කියන්න විජය කුමාරතුංග මහත්තයා රටට මොනවද කලේ කියලා...
දේශපාලනය සහ මව්බිම ගැන අත්දැකීම් නැති අය රටේ නායකත්වයට අවශ්‍ය නැත..
අත්තනගල්ලත් එහෙම කළා නම් තව මොනවද කළ දේවල්? ජනතාව දන්නවා!