(නිමන්ති රණසිංහ)
සන්ඩේ ලීඩර් ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් ලබාදීමට තමන් සූදානම් බව ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමන්ත අධිකාරී මහතා ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාල් මහතා ඉදිරියේ අද (16) ප්‍රකාශ කළේය.
නීතිඥ අතුල රණගල මහතා මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ඒ මහතා මේ බව දැනුම් දුන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුව අද (16) කැඳවු අවස්ථාවේදීය.
මෙම නඩුවේ සැකකරුවන් වන හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති තිස්ස සුගතපාල යන දෙදෙනා මාර්තු 02 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් කිරීමට ද තීන්දු කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ප්‍රකාශ රහසේ සිදු කලාට කවදා හරි නඩුවේ සාක්ෂි විභාගයේදී එලියට ඒවිනෙ
නිකම් කාලය කන වැඩ. පැහැදිලි සාක්ෂි තිබුනානම් මෙලහට වැරදි කාරයන්ට දඩුවම් ලැබිල බොහොම කල්.