(කාංචන කුමාර ආරියදාස)
පළමු වසරට ඇතුළත් කළ දිනයේ පටන් තාවකාලික මඩුවක අකුරු කළ දඹුල්ල තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ පළමු වසරේ සිසුන්ට දඹුල්ල පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකය ප්‍රදේශයේ දානපතියෙකු සමඟ එක්ව මාසයක් ගතවීමට මත්තෙන් අලුත් ගොඩනැඟිල්ලක් ඉදිකර භාරදීම අද (15) සිදු කෙරිණි.
ජනවාරි 15 වැනිදා 1 වසරට ඇතුළු වූ එම සිසුන් තාවකාලිකව ඉදිකරන ලද මඩුවකට ඇතුළත් කළ දුක්බර පුවත ජනමාධ්‍ය මඟින් හෙළිදරව් කර තිබිණි.
මැති ඇමතිවරුන්ගේ මෙන්ම වගකිවයුතු බලධාරීන්ගේ කිසිදු අවධානයක් ඊට නතු නොවීම නිසා දෙමව්පියන් දැඩි අසරණ තාවයකට පත් වෙද්දී දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීමේ කටයුතු සිදු කෙරිණි.
මාතලේ පොලිස් අධිකාරි අයි. බී .ටී . සුගතපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සම්පත් දායකත්වය ලබාදුන් ව්‍යාපාරික ටී .ජී . තුෂාර මහතා (ටජ්මහල් ටේලර් අධිපති ) ඇතුළු ආරාධිත අමුත්තෝ පැමිණ උත්සවාකාරයෙන් පන්ති කාමරය කුඩා දරු දැරියන්ට ප්‍රදානය කළහ.
මාසයක් ගත වන පෙබරවාරි 15 වැනිදින අලුත් ගොඩනැගිල්ලට ඇතුළු වීමට හැකිවන පරිදි දඹුල්ල ප්‍රජා පොලිස් ඒකකය සිදුකළ මෙම සත්ක්‍රියාව මවුපියන්ගේ මෙන්ම බොහෝ දෙනකු ගේ ප්‍රශංසාවට ලක්විය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කළ උතුම් ක්‍රියාවට මාගේ උපහාරය!
ඔබලා විසින් කරන ලද මෙම පුණ්‍ය කර්මයේ බලයෙන් මෙයට දායක වුණු සියල්ලන්ටම තවතවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා !!! තවද මෙහි සඳහන් " මැති ඇමතිවරුන්ගේ" නමැති වචනවල විශාල වැරැද්දක් ඇති බැවින් ඒවා මෙසේ "මැති ඇමතිහොරුන් " ලෙස නිවැරදි වියයුතු බව කාරුණිකව සඳහන් කිරීමට කැමැත්තෙමු. මක්නිසාදයත් ඔය කියන "අර ඇමති මේ ඇමති" ඔබගේත්, මගේත් අහිංසක බදු මුදල්වලින් යහමින් සුර සැප විඳින නිවටයන් බැවිනි.
මේ දේවල් කරගන්නෙත් මිනිස්සුම එකතු වෙලා නම් මොන එහෙකටද මේ රටේ ඉන්නවා කියන අධ්‍යාපන ඇමැතිවරු?
මේ කළ උතුම් ක්‍රියාවට මාගේ උපහාරය! rate අනවශ්‍ය වියදම් නතර කර මෙවන් වටිනා දේ කිරීමර ජනපති හා අගමැතිතුමන්ට සිත් පහල වේවා !
රටක් වටින වැඩක්..................උදව්කරපු හැමෝටම ජනතාවගේ ආරංචිය...................
දඹුල්ල පොලීසියේ අදාළ ඒකකයටත් දායකත්වය දුන් සියලු දෙනාටත් මාගේ ඝැලූට්.
මෙන්න මේක තමා විය යුත්තේ ... දඹුල්ල පොලිසියට අපේ උපහාරය...පොඩි දරුවෝ පීඩාවට පත්වෙන්නේ කොහෙද අපි එතනට යොමුවෙලා අතදෙන්න ඕනේ ....
මෙන්න මේක තමා විය යුත්තේ ... දඹුල්ල පොලිසියට අපේ උපහාරය...පොඩි දරුවෝ පීඩාවට පත්වෙන්නේ කොහෙද අපි එතනට යොමුවෙලා අතදෙන්න ඕනේ ....
ශ්‍රී ලංකා පොලීසියේ විශිෂ්ඨ සේවයක්...........ස්තූතියි..පොලිස් සේවයට