( තිළිණි ද සිල්වා)
මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 7.833 ක මහජන මුදල් අවභාවිත කළේ යැයි කියන චෝදනාවලට ලක්ව සිටින රුසියාවේ සහ යුක්රේනයේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සිදු නොකරන බව එම අමාත්‍යාංශයේ ප‍්‍රකාශිකා මහිෂිනී කොළොන්නේ මෙනවිය අද (16) ලංකාදීපයට පැවසුවාය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර ගැනීමේ අරමුණින් ගිය රජයේ බලධාරීන් හිස් අතින් පැමිණීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී ඇය මේ බව කියා සිටියාය.
උදයංග වීරතුංග සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය පරීක්ෂණ සිදු නොකරන බැවින් ඒ සම්බන්ධයෙන් තොරතුරු කිසිවක් අමාත්‍යාංශය සතු නොවන බවත් මහිෂිනී කොළොන්නේ මහත්මිය කීවාය.
එම පරික්ෂණ කටයුතු සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හා නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශය එක්ව ඉකුත් 09 වැනිදා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළ බවත් එම නිවේදනයේ සඳහන් කරුණු හැරෙන්නට ඒ පිළිබඳ වෙනත් යාවත්කාලීන තොරතුරු විදේශ කටයුතු අමාතයාංශය සතු නොවන බවද ඇය පැවසුවාය.
විදේශ කටයුතු අමාත්‍යාංශය සහ නීතිය හා සාමය අමාත්‍යාංශය විසින් ඉකුත් 09 වැනිදා නිකුත් කළ නිවේදනයෙන් කියා සිටියේ උදයංග වීරතුංග මහතා ශ‍්‍රී ලංකාවට පිටුවහල් කරවා ගැනීමේ අරමුණින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවයි.
මේ කරුණ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජයට උපදෙස් ලබාගැනීම සඳහා අබුඩාබියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් ආගමනික කටයුතු සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතීඥයන්ගේ සේවය ලබාගෙන ඇතැයි එම අමාත්‍යාංශය සිය නිවේදනයෙන් පෙන්වා දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටටම, පක්ෂ විපක්ෂ බේදයක් නැතිව උඩ සිට පලට යනකම් හැමෝම බොරු කියනවා. අනේ මෙහෙම කාලයක්.
විදේශ ඇමති මාරපන පවා වහාම ඉවත්කළ යුතුබව ජනපතිට තවමනොතෙරෙන්නේ ඇයි. ජනපති තුමනි වහාම ක්‍රියාකාරී වන්න. එජාපය සහයෝගය දුන් පලියට හැම වැදගත් අමතිකමක්ම ඒ යට දෙන්න එපා රට වෙනුවෙන් සිතන්න.
පෙබරවාරි 10 ජනතාව තීරණය දුන්නේ... උදයංග වීරතුංග අල්ලන්න එපා. නඩු දන්නා එපා.
ලංකාව හොරුන්ගේ පාරාදීසයක් වේගෙන එන්නේ. මේ හොරු කාගේ කව්රුන්ද ? රටට දෙවියන්ගේ පිහිටයි !
නමුත් බඩගින්නට පොල් ගෙඩියක් අනවසරයෙන් කඩාගත් අහිංසකයෙකුට නම් පරීක්ෂණයක් නැතුව වුනත් හිරේට දාන නීති රටේ තිබෙනවා.