(ෂෙහාන් චාමික සිල්වා)
ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට තාවකාලිකව විදේශ ගතවීම සඳහා අධිකරණයෙන් අවසර ලබාගැනීමේදී ඇප වූ ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ සහෝදරිය අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) වරෙන්තු නිකුත් කළාය.
ඇමෙරිකාවේ තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් 132000ක් අවභාවිත කළැයි ඔහුට එරෙහිව අදාළ නඩුව ගොනු කර තිබේ.
මීට පෙර අධිකරණයෙන් අවසර ලබාගෙන තාවකාලිකව විදේශ ගතවීමෙන් පසු මේ වන තෙක් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට එරෙහි වරෙන්තු දීර්ග කිරීමටද නියෝග කෙරිණ.
අදාළ ඇපකරුවන්ගේ ඇප රාජසන්තක නොකිරීමට හේතු මීළඟ නඩුවාරය වන අප්‍රේල් 24 වැනි දාට ඉදිරිපත් කරන ලෙස ජාලිය වික්‍රමසූරිය මහතාගේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන වරෙන්තු දැම්මත් වැඩක් නැහැ.. දඬුවම් නම් මේ අයට ලැබෙන්නේ නම් නැහැ...
මේ හොරකම් ජනතාව අනුමත කරනවද? මොහු තානාපති කමට පත්කළේ කවුරුන්ද ?
ඇපයට අත්සන් කරපු අයත් රටේ නැහැ