අජිත්ලාල් ශාන්තඋදය
ශ‍්‍රී ලංකාවේ ජීවත්වන සර්පයින් අතරින් ඉතාම ලස්සන මෙන් ම දුර්ලභම සර්පයා වන මල්සරා හෙවත් පොල්මල් කරවලෙකු පසුගියදා කුරුවිට තෙප්පනාව ප‍්‍රදේශයෙන් හමුවූ බව දෙහිවල සත්ව උද්යානයේ අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් මහතා පවසයි.
ඉතා අඩු විසක් ඇති මෙම සර්පයා දුටු විගස මරා දැමීමට බොහෝ දෙනෙක් පෙළඹෙන බව පවසන නිහාල් සෙනරත් මහතා ‘මල්සරා’ හොවත් පොල්මල් කරවලා’ මරා නොදමන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මල්සරා වැඩිපුරම ජීවත් වන්නේ ගස්වලය. කලබල වූ විට ඉතා කඩිසරව ගස්වලට මාරුවීම මල්රාගේ සිරිත බව සෙනරත් මහතා පවසයි. රතු පැහැයෙන් යුතු මල් සලකුණු ද තැඹිලිපාට හා කලූ කුඩා කොටු වැනි සලකුණු ද පිටදිගේ දක්නට ලැබේ. බඩපැත්ත ලා කොළ සහ ලා කහ පැහැයට හුරුය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ හරි චෛනීස් කඩේකට යනවට වඩා සත්ව උද්‍යානයට යන එක හොඳයි.
මල්සරා බැල්ම හෙලා මගේ සිතට කොඳුරනවා
ඔයිට වඩා ලස්සන සහ අති විෂ තිබෙන සර්පයෝ දියවන්නාව පැත්තේ හරියට ඉන්නවා .
ලස්සන සර්පයෙක්.