රංජන් කස්තුරි
අපරාධ නඩුවකදී ළමයකු ලෙස ගණන් ගන්නා වයස අවුරුදු 8 සිට 12 දක්වා ඉහළ නැංවීමේ විධිවිධාන ඇතුළත් කර 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
මීට අමතරව එවැනි නඩුවකදී වයස අවුරුදු 12ට වැඩ් එහෙත් අවුරුදු 14ට අඩු ළමයෙකු සම්බන්ධයෙන් අවස්ථාවකදී චෝදනා ගොනු කරනු ලැබ ඇති වරද කිරීමේ බැරැරුම්කම තේරුම් ගැනීමට තරම් බුද්ධියක් ළමයාට තිබුනේද යන්න පිළිබඳව මහේස්ත්‍රාත්වරයාට තීරණය කළ හැකි ආකාරයේ විධ්විධානද ඊට ඇතුළත් කිරීමට නියමිතය.
එවැනි අවස්ථාවකදී විද්‍යාත්මක පදනමක් මත අදාළ මතයට එළැඹීමට විශේෂඥ සහය ලබා ගැනීමට මහේස්ත්‍රාත්වරයාට හැකි වන පිණිස ළමයා රජයේ වෛද්‍යවරයකුට ඉදිරිපත් කළ හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කරන්න එපා. ළමයෙක් දැන් හිරේ..
වරද තේරුම් ගැනීමට තරම් බුද්ධියක් අමතියෙකුටවත් නැති එකේ ළමයි කොහොම තේරුම් ගන්නද? ඒ හින්ද 'අවුරුදු 12-14 ළමයි සහ මැති ඇමතිවරුන්' කියල සංශෝධනය කරන්න. ඒ වගේම 'නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවන්නා සේම අමතක වීමද නිදහසට කරුණක් නොවේ' කියලත් සංශෝධනයක් ගේනවා නම් හොඳයි.
අපරාධ නඩුවකදී ළමයකු ලෙස ගණන් ගන්නා වයස අවුරුදු 18 දක්වා ඉහළ නැංවීමේ නැන් විය යුතුයි. වරද කිරීමේ බැරැරුම්කම අනුව මහේස්ත්‍රාත්වරයාට තීරණය කළ හැකි ආකාරයේ විධ්විධානද ඊට ඇතුළත් කල යුතුයි.
අපේ නීති සම්පාදන ව්‍යවස්ථාදායකයේ ඉන්න ළමයි ගැන සලකා බලා ඒ සීමාව වයස 75 හෝ 80 දක්වා වැඩි කරන්න. මේ නොදරුවන් ඉපදුනේ ළදරුවන් ලෙස, ජීවත් වුනේ ළදරුවන් ලෙස, රට කන්නත් දරුවන් ලෙස. පාසල් අවසන් කළෙත් (8 පන්තිය) අවසන් කළෙත් නොදරුවන් ලෙස. මියයන හැටි කියන්න ඕනේ නැහැනේ.
නඩු කැලේ, අධිකරණය වසාදමන්න .ජනතාව දුන් තීරණය එයයි.