ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයා ලෙසින් හැඳින්වෙන ධම්මික පෙරේරා මහතා රුපියල් මිලියන 160ක වටිනාකමකින් යුත් ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථයක් ආනයනය කර ඇතැයි වාර්තා වේ.
ආනයන බදු ද ඇතුළත්ව මෙම මෝටර් රථයේ මිල ආසන්න වශයෙන් රුපියල් මිලියන 160ක් වන අතර දකුණු ආසියාවේ පුද්ගලයකු මෙම මෝටර් රථයක් ආනයන කළ පළමු අවස්ථාව මෙය බව ද පැවසේ.
අග්නිදිග ආසියාවේ හෝ මැද පෙරදිග කලාපයේ පුද්ගලයකු ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථයක් ආනයනය කළ පළමු අවස්ථාව මෙය විය හැකි බව ද පැවසේ.
‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මෝටර් රථය එච්.ජේ. මුලිනර් සමාගම සහ බෙන්ට්ලි මෝටර් රථ සමාගම නිෂ්පාදනය කෙරූ සීමිත මෝටර් රථ වර්ගයකි. මුලිනර් සමාගම ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථ 50ක් නිෂ්පාදනය කර ඇති අතර එම මෝටර් රථ 50ම එකිනෙකට වෙනස් බව වාර්තා වේ.
ධම්මික පෙරේරා මහතා මිලදී ගෙන ඇත්තේ එම මෝටර් රථ මාදිලියේ අවසන් මෝටර් රථයයි.
ලොව මිල අධිකම තනි මෝටර් රථ මාදිලිය වන ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථ 50ම හස්ත නිර්මාණය. මෝටර් රථ සියල්ලම එකිනෙකට ආවේණික ලක්ෂණවලින් සමන්විත වන අතර නිර්මාණය සඳහා ලොව මිල අධිකම ලෝහ වර්ග භාවිත කරමින් නිෂ්පාදනය කර තිබේ.
එපමණක් නොව ලොව ප්‍රකට ස්වර්ණාභරණ නිර්මාණකරුවන් යොදාගන්නා ලොව මිල අධිකම අමුද්‍රව්‍ය යොදාගෙන ඇති අතර මෝටර් රථවල බාහිර ආලේපන ලෙස රත්තරං සහ රිදී යොදාගෙන තිබේ.
ධම්මික පෙරේරා මහතා විසින් මිලදී ගනු ලැබ ඇති මෝටර් රථය නිල් සහ ‘පෝසිලේන් සුදු’ පැහැයෙන් යුතු මෝටර් රථය අද (15 වැනිදා) මෙරටට ගෙන්වා තිබේ.
බටහිර රටවලට අමතරව ආසියාවේ ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථ තුනක් තිබෙන බවත් ඒවා චීනයේ තිබෙන බවත් වාර්තා වේ.
මෙම මෝටර් රථයේ නාමික අගය ස්ටාර්ලිං පවුම් 390,000ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 84 ක්) බවත් මෙම මෝටර් රථයට පැන වී ඇති ආනයන බද්ද රුපියල් මිලියන 76 ක් බවත් ශ්‍රී ලංකා රේගු ආරංචි මාර්ග කියයි.
ඩේලි එෆ්.ටී ඇසුරිනි
055





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කෙනෙක් ගෙනාපු නිසා අපි සුබ පතනවා. කොහොම වුණත් ලංකාවේ කි.මී. 100 වේගයෙන් යන්න පුළුවන් අධිවේගේ විතරයි.
රජයට ගෙවිය යුතු බදු ගෙවා ඇත්නම් කිසිම ප්‍රශ්නයක් අපිට නැත..
මිලියන තුනක වාහනේට බද්ද මිලියන පහයි. මිලියන අසූහතරට බද්ද හැත්තෑ හයයි. අනේ මන්දා...
වැඩක් නෑ කතා කරලා. පුදුම රටක් මේක .. දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි තමයි මේවා ..
රටේ කර්මාන්ත ශාලා ඇති කර , අපනයන භාණ්ඩ නිෂ්පාදනයට මේ අය දායක වෙනවා නම් කොපමණ වටිනවද ?
ඇත්තටම ආඩම්බරයි. තනියෙන් නැගිට්ට ශ්‍රී ලාංකිකයෙක්.
වාහනය වමින් එලවන එකක්වගේ
රට උලා කාල රජ පවුලේ බේබිලා ලම්බෝගිනි ගෙනාව එකේ මේ මනුස්සය තමන්ගේ ඔලුව පාවිච්චි කරලා ලොව ධනවත්ම ව්‍යාපාරික ලැයිස්තුවට ඇවිල්ල මොනවා කරාම අපිට මොකද!
ජපාන 650 සි සි මරුතියේ ජපාන යෙන් අගය ලංකා රුපියල් වලින් ලක්ෂ 8ක් , නමුත් ලංකාවේ බදු ගහනවා ලක්ෂ 16ක් , එතකොට අපි ගන්නේ ලක්ෂ 24 කට කිට්ටුව .
ගූගල් එකට අනුව මේ කාර් වර්ගය ලොව මිල අදික වාහන වර්ග 10 අතරේවත් නැහැනේ.
අනේ ඉතිං නේ... ඕකෙන් යන්න වෙන්නෙත් මේ පාරවල් වලමනේ.
මේක මොකක්ද අගමැතිතුමා ජනතාවගේ සල්ලිවලින් ගෙන්නපු කොටි 50 වාහනයට ලංවෙන්නත් බැහැ
කැසිනෝ ක්ලබ් හා ෆිනෑන්ස් කොම්පැනි හරහා ජනතාව සුරාකා ලබා ගත් මුදල්.......................
වැඩිපුර සල්ලි තියෙන හින්ද මටත් එකක් අරන්දෙන්න බැරිද ?
ධම්මික හොරාකාලා ගෙනාපු වහනයක් නොවෙන නිසා මේකේ වරදක් මටනම් පෙන්නේ නැහැ. හොරු පිරුන රටක මෙහෙම මිනිහෙකුත් ඉන්නවා කියල සතුටක් දැනෙනවා.
මෙතුමා සාධාරණ ධනවතෙක්නම් .... ලංකාවේ ඉන්න එකත් අපිට ලොකු දෙයක් , අනික එතුමාගේ ජීවිත කලේ එතුමා කැමති වහනයක් ගන්න බැරිනම් එතුමාගේ දනවත්කමින් ඇති වැඩේ මොකක්ද ?? මහා බැංකු හොරකමේ කසුන් පලිසේනගේ බෝනස් එක විතරක් කෝටි 10 ක් හොරාකaපුව . ඉතින් මේක එතරම් දෙයක් නොවේ , අපේ මැති ඇමැතිවරුත් ලංකාවේ ලොකුම සල්ලිකාරයෝ තමා ...
හෙල්ලෝ මේ විදියට හොරුන්න්ට ප්‍රසිද්ධිය දෙන්න එපා .මු විතරක් නෙවේ මේ වගේ දේශපාලකයෝ බිහි කරපු හොරු ගොඩක් ඉන්නවා.මුන් ව්‍යාපාරිකයෝ නෙවෙයි අමු හොරු. මුන්ගේ රාජකාරිය තමයි දේශපාලකයෝ හොරකම් කරන සල්ලි ගොඩගහ ගැනීම. අඩුම ගානේ මුන්න්ට සිල්ල්ලර කඩයක් වත් කර ගන්න බැහැ. අමු ගොන් තඩි. මුන්ව මෙහෙයවන්නේ අජිත් කබ්රල්ල වෙගේ ජාත්‍යන්තර හොරු. මම දන්නවා උබල මේක දන්නේ නැහැ කියල. තවදුරටත් කියනවනම් මුන් කරන්නේ ව්‍යාපාරයකට සල්ලි දල මුන් හම්බකරපු සල්ලි වගේ ගන්නවා .
මම මේ ඉරිසියාවට කියනවා එහෙම නෙමෙයි. මෙයත් කොටස් වෙළඳ පොලේ ජිල්මාට් වලට සම්බන්දයි. කැසිනෝ සූදු වලට අමතරව...............
මේවා සාධාරණ සල්ලි වෙන්නේ කොහොමද? කැසිනෝ වලින් මිනිසුන්ගෙන් හූරගන්න ඒවා. පවුල් කී දාහක් විනාශ වෙලා තියෙනවද මේ සුදුව නිසා? කොයිතරම් අපරාධ සිදු වෙනවද මේක හරහා?
මෙවැනි දානපතියෙක් ගැන පුදුම හිතෙනවා මේවා ලංකාවට ලොකු දේවල් වෙන්න පුළුවන් නමුත් ,මේ මුදල් වලින් මිට වඩා උතුම් දේවල් කරන්නට පුලුවන්ද ? අසරණ රෝගාතුරව දුක් විදින ජනතාව කොපමණද ? ගොඩක් රෝගතුරයන්ට ප්‍රතිකාරයක් ,බෙහෙත් නැතිකමෙන් මියයනවා මෙවැනි කටයුතු වලට උපරිම දායක වන්න තිබුන නම් නේද මනුස්ස ගුනදාර්මයන් සදාකාලිකව ඉතිරි වන්නේ .
සාධාරණව මුදල් උපයා රටටත් පුදුම නිහඩ සේවයක් කල උත්තමයෙක් ඔබට දීර්ඝායු වේවා!!!!!
හොඳයි ඉතින්...!