ඉන්දිකා රාමනායක
සයිටම් විරෝධී අරගල වල නිරතව සිටි රජයේ වෛද්‍යපීඨ සිසුන්ගේ මහපොළ ගෙවීම් කටයුතු සීමා කිරීම සම්බන්ධයෙන් එම සිසුහු අද (15) මානව හිමිකම් කොමිසම් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
සයිටම් විරෝධී අරගල හේතුවෙන් වෛද්‍ය සිසුන් මාස 9 ක කාලයක් පුරා පන්ති වර්ජනය නිරතව සිටි අතර එම කාලය තුළ මෙම මහපොළ කපාහැර ඇති බව සිසුන් ගේ පැමිණිල්ළේ සඳහන් වේ.
වෛද්‍ය සිසුන්ට වසර 5 ක කාල සීමාව සඳහා මහපොළ වාරික 50 ක් හිමි වන බවත් දැන් එම ගෙවීම් වාරික 40 ක ප්‍රමාණයකට සීමා කර ඇති බවද එම සිසුහු පවසති.
තමන් පන්ති වර්ජන වල නිරත වුවද අධ්‍යනය වර්ෂවල කිසිදු අවුඩවක් සිදු නොකරන බවත් එසේ තිබියදී මහපොළ මෙලෙස සීමා කිරීමෙන් ඔවුන්ගේ ඉදිරි අධ්‍යන කටයුතු වලට බාධා එල්ල වන බව සඳහන් කරමින් වෛද්‍ය සිසුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි සංගමයේ සභික සුසිත් ප්‍රියංකරගේ ප්‍රධානාත්වයෙන් පැමිණි පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් වෛද්‍ය කියන වචනයත් අප්පිරියයි.
කසුන් වෙත, ලෙඩක් හැදුණාමත් එහෙම වෙයිද?
අපි දන්නා තරමට මානව හිමිකම් රකින ආයතන තියෙන්නේ, මානවයින්ගේ අයිතිවාසිකම් රකින්නයි.....
සයිටම් සිසුන්ටත් යන්න තියෙන්නේ , ඔවුන් ගේ ආයතනය නැති කරලා විසදුම තාම නෑ .. ඒත් රටේ ළමයිනේද ජීවිතනේද .
එතකොට අනිත් සිසුන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය උද්ගෝෂණ සිදුකර අහිමිකිරීම මානව අයිතිවාසිකම් අහිමිකිරීමක් නොවෙයිද? තමන්ට පමණද සේරම හිමිවිය යුත්තේ?
එතකොට අනිත් සිසුන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය උද්ගෝෂණ සිදුකර අහිමිකිරීම මානව අයිතිවාසිකම් අහිමිකිරීමක් නොවෙයිද? තමන්ට පමණද සේරම හිමිවිය යුත්තේ?
පිටරට වල ඉගෙන ගන්න සිසුවන්ට මොන පොළවත් නැහැ. මෙම ළමයි පාර්ට් ටයිම් පොඩි පොඩි රස්සාවල් කරලා. ඉඳුම් හිටුම් කෑම බීම සහ ටියුෂන් ගෙවන්නේ. ලංකාවේ ඔක්කොම විහිළුවක් වෙලා.
ඔවුන් විශ්වවිද්‍යාල දේශනා මග හැරියානම් අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගත්තනම් එම කාලයට මොකටද මොනම අරමුදලකින් හරි සල්ලි ගෙවන්නේ. අනිකුත් අංශ වල පුද්ගලික ආයතන විශ්වවිද්‍යාල මොනතරම් රටේ තියෙනවද.
සත පහක් දෙන්න එපා. ඉර්සියාකාරයන්ට
දෙමාපියන් බොහෝවිට ඉතා අපහසුවෙන් සපයාදෙන මුදලින් ඉගෙනීම් කටයුතු නොකොට දේශපාලුවන්ගේ අතකොලු බවට පත්වන මෙවැන්නන්ට මොන ශිෂ්‍යත්වද. මාස 9ක් පන්ති වලින් බැහැරව සිට දැන් මොන මානව හිමිකම්ද.
නිදහසේ අධ්‍යාපනය ලබන්නට අැති අයිතියට විනාශ කළ සිසුන්ගේ මානය අයිතින් සුරකින්නේ කවුද එතකොට. කුහක වෙන්න එපා කියන්නේ මේකට තමා
මොඋන් නොදැනිම ඔවුන්ගේ ජීවිත පස්සට යනවා ඊට සමගාමිව ශාස්ත්‍රය සහ රටද පස්සට යන එක වලක්වන්න බැහැ. පැරකුම් ගේ ප්‍රකාශය සමග එකඟ වෙමි.