(ඩයනා උදයංගනී)
එක්සත් ජාතික පක්ෂය හා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ බලවේගය අතර ජාතික සන්ධානයකින් ආණ්ඩුව පිහිටුවා පාර්ලිමේන්තුවේ හා නිල විපක්ෂය ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිගත යුතු යැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
පොහොර සහනාධාර, සමෘද්ධි සහනාධාර, පාලම් බෝක්කු තැනීම්, ඇමති මාරු කිරීම් ආදියෙන් ඔබ්බට ගිය, ජනතාවගේ වේදනාවට ප්‍රතිචාර දක්වන යෝධ දේශපාලන ප්රතිසංස්කරණයක් ඉදිරි මාස 18 තුළ වහා සිදු විය යුතු බව ද අමාත්‍යවරයා පවසයි.
මෙම ජාතික අවශ්‍යතාව ඉටු කිරීමට තරම් දෙපාර්ශවයේම නායකයින් දූරදර්ශී විය යුතු අතර එය පිළිගැනීමට සියළු දෙනා නිහතමානී විය යුතු යැයි ද අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
ජාතික හෙළ උරුමය කිසි විටෙකතත් ජනතාවගේ අභිලාෂයන් බිඳ දැමීමට ඉඩ නොදෙන බවද අමාත්‍යවරයා කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මගේ කට... චන්දා
කටින්ද කතා කරන්නේ මහත්තයෝ. තව කියන්ඩ ගොඩක් දේවල් තියෙනවා, ඒත්....
ඔබතුමා හරි......ඒකාබද්ධ ආණුඩුව ඉදිරියට යනවා නම් පොදු ජන පෙරමුණ විපක්ෂයේ තමා...................
වයර් මාරු වෙලාද? එහෙම නැත්නම් ලොකු දොළදුක් ඇති වෙලාද?
ඒකාබද්ධයට මොකටද බං ඔච්චර බය. කොන්ද කෙලින් තියාගෙන වැඩකරපල්ලකෝ. 2014 නොවැමිබර් 21 සිට 2015 ජනවාරි 6 වෙනකමි වෙිදකාවල කියපු විදිහට කොරානමි මෙහෙම වෙන්නේ නැහැ. අද ඉදලා හරි හරියට කරනවානමි ඊලග ඡන්දෙදි මිනිසුන් සලකා බලයි.
එතකොට විපක්ෂ නායක ජී.එල්.පඬිතුමාද? නියමයි. ඔබතුමාත් ඒපැත්තට හෝයියාව දානවා වගේ. වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කීවානම් නේද හොඳ?
කතාව නම් ඇත්ත
පනින්න පෙර සුදානම් වීමක්.
අනේ නිකන් යන්න. ගෙම්බා වගේ එහාට මෙහාට පනිනවා විතරනේ තමුන් කරන්නේ...
අවුරුදු 3කට පස්සේ මතක් වෙලා විපක්ෂයක් ගන්න. ඉතුරු මාස 18ත් ඉඳලා පල්ලියක ලෝගුවක් දාගන්න.
ඔබ තුමාගෙ මෙගා පොලිස් සංවර්නධය වගේද??
මු පනින්න වගේ මයේ හිතේ.........ගෙම්බා මාර්ක් එකක් පෙන්වන්නේ...............
මොකක්ද? "නිල් විපක්ෂය ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ" ... එහෙම පිළිගන්න එයා ඒ පක්ෂයේ සාමාජිකයෙක්වත්ද කියල ඇමතිතුමා හොයලා බැලුවද? තාම මහින්ද ඉන්නේ, වැට උඩ ! එයා වාසි පැත්තට හෝයියා කියන්නෙක් බව එයා යටතේ ඇමතිකමක් දැරූ ඔබ නොදන්නවාද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයට ප්‍රතිපත්ති ප්‍රකාශයක් වත් හරිහැටි එලිබැස්සවීමට පුළුවන් වුණාද? එහෙම අයටද පාර්ලිමේන්තුවේ හා නිල විපක්ෂය ලෙස ....පුදන්න සුදානම් වෙන්නේ?