මැතිවරණය පවත්වන්නැයි ජිඇල් පිරිස්ගෙන් ලිපියක්
නැගෙනහිර, උතුරු මැද සහ සබරගමු යන පළාත්වල පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවත් ඊට ඉඩ නොදී නියමිත පරිදි මැතිවරණ පවත්වන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නීතිඥවරයකුගේ මාර්ගයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිපියක් යොමු කර ඇත.