ඩයනා උදයංගනී
රජයත් මේ වන විට සිටින්නේ අවයව බද්ධ කළයුතු අවස්ථාවක යැයි අවයව දන්දීමේ දිනය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සංවිධානය කර තිබූ පා ගමනට එක්වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
එසේ වුවත් ජනතාවගේ අවයව රැකගැනීම ඊට වඩා වැදගත් බව කී අමාත්‍යවරයා දැනට අවයව බද්ධ කිරීම් සිදුවන්නේ ප‍්‍රධාන රෝහල් කිහිපයක පමණක් වුවත් ඉදිරියේදී තවත් රෝහල් කිහිපයකට අවයව බද්ධ කිරීමේ පහසුකම් ලබාදෙන බව සඳහන් කළේය.
ශ‍්‍රී ලංකාවේ දී විදේශීය ජාතිකයින්ට වකුගඩු බද්ධ කිරීම් තාවකාලිකව නතර කර ඇතත් ඉදිරියේදී සිංගප්පුරුවේ සිදු කරන වකුගඩු බද්ධ කිරීම් නීතිරීති සහ රෙගුලාසි අධ්‍යයනය කර එය මෙරටට ගැලපෙන්නේ නම් පනවා ඇති තහනම තාවකාලිකව ඉවත් කරන බව ද අමාත්‍යවරයා කීවේය.
පාර්ලිමේන්තු සංකීර්ණය අසල සිට ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහල් භුමිය දක්වා අද (18) පෙරවරුවේ මෙම පාගමන පැවැති අතර, ඉන් පසු උත්සව සභාවක් ද පැවැත්විනි.
ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී අවයව දන් දුන් සිවු දෙනෙකුට සම්මාන ද පිරිනැමීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් මෙහිදී සිදුකෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උන්දැගේ මුළු ශරීරේම බද්ධ කරලනේ තියෙන්නේ... සිංගප්පුරුවේදී ඒ වගේම වාචාල කතා කීම පිළිබඳව පශ්චාත් උපාධියත්, පළමු පන්තියේ සාමාර්ථයක් සමගින් සමත් වෙලා තියෙන්නේ. මොන දේ වුණත් කමක් නැහැ අත අරින්න එපා ඔය පුටු ටික. මැරෙනකම්ම ඉඳිමු හොඳේ...
අර කට නිසා විනාශ වුණු කෙනාට කරන අභියෝගය අත හරින්නෙම නෑ නේද?
රාජිතගේ කට අයින් කරලා වෙනකටක් බද්ධ කළොත් මෙයා බේරෙනවා. නැත්නම් කට නිසා මාළුවාට වෙච්චදේ ළඟදීම වෙනවා.
තමුන්ගේ කට බද්ද කරගත්තොත් නේද හොද?