ඩබි ඒ පියතිලක සහ ක.ග කරුණාරත්න
වියළි කාලගණයට අභියෝග කරමින් පොලොන්නරුවේ පරාක‍්‍රම සමුද්‍රයේ ජල මට්ටම වාන් මට්ටමට අසන්නව ඇති බවත් මේ වන විට ජල මට්ටම අක්කර අඩි එක් ලක්ෂ දොලොස් දාස් අටසිය පනහක් බව පොලොන්නරු දිස්ති‍්‍රක් වාරාමාර්ග අධ්‍යක්ෂක සුසිල් හේවගේ මහතා පවසා සිටි.
පරාක‍්‍රම සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි එක් ලක්ෂ දොලොස් දාස් අටසිය පනහක් පවතින බවත් වාන් දොරටු විවෘත කිරිම සඳහා අක්කර අඩි එක් ලක්ෂ දාහත්දාහක් තිබිය යුතුය. මේ වන විට දිනකට වැවෙන් තප්පරයට ඝණ අඩි 200 ක් මුදාහරින අතර දිනකට පරාක‍්‍රම සමුද්‍රයට ඇළහැරින් තප්පරයට ඝණ අඩි 200 ක් සහ කලුගගෙන් තප්පරයට ඝණ අඩි 500 ක් වැවට ජලය ලැබෙන බව කියයි.
ඉදිරි යල් කන්නය සඳහා කිසිදු බාධාවකින් තොරව පරාක‍්‍රම සමුදුයේ කන්න වගා කිරිමට හැකියාව ඇති බවත් මින්නේරිය ගිරිතලේ සහ කවුඩුල්ල වැව් සඳහා ඉදිරියෙදි වර්ෂාව ලැබුනොත් වැව් පිරවිය හැකි බව ඒ මහතා කීය.
වර්ෂාව නොලැබුණත් මොරගහකන්ද ජලාශයෙන් ජලය ලබා ගැනිමේ හැකියාව ඇති බැවින් ඉදිරි යල් කන්නයේ ජල හිගයකින් තොරව ගොවිතැන් කටයුතු ආරම්භ කිරිමට හැකියාව ඇති බව පොලොන්නරු දිස්ති‍්‍රක් වාරාමාර්ග අධ්‍යක්ෂක සුසිල් හේවගේ මහතා වැඩිදුරටත් කිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාවන්
ආණ්ඩුව පෙරලුනා කියලා හිතලා වහින්න ගත්තෙ. පෙරලුනේ නැති හින්දා ආයෙත් පායයි.
හොඳ සැලැස්මක්
මේවගේ අහන්න සතුටු දෙකට "වාසනාවන්" කිව්වහම . කව්ද ඊට අකමැතිවෙන කෙනා
අධ්‍යක්‍ෂ තුමණි, දැනට කවුඩුල්ල ජලාශයේ ජල මට්ටම ඉතා අවම මට්ටකමක පවති කවුඩුල්ල ව්‍යාපාරයෙන් මහ කන්නයේ ජලය නිකුත් කර ඇත්තේ එක් කොටසක් සඳහා පමණි මැණික් හොරොව්ව ව්‍යාපාරය සඳහා කන්න තුනක් ජලය නිකුත් නොකරන ලදි එහි කුඹුරු ඉඩම් මේවන විට වනගත පුදේශ මෙන් දිස්වේ මෙහි ගොවින් ඉතාමත් දුෂ්කර ජිවිතයක් ගතකරමින් සිටි. මොරගහකන්ද ජලාශයෙන් කවුඩුල්ල වැව කඩිනමින් පුරවා එම කොටසට ජලය ලබාදෙනමෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු
ස්තුතියි සිරිසේන ජනපතිතුමනි,!!!
අහන්නත් ආසයි. මේ වගේ වැව් පද්ධතියක් ලෝකේ වෙන කිසිම රටක නැහැ. අපේ මුතුන් මිත්තන්ට පින්සිදු වෙන්න ඕනි. ඒ අය දිව්‍ය ආත්ම වල ඉඳගෙන මේවා බලාගෙන ඇති. වර්තමානයේත් ජලකලමනාකරණයෙන් අපි ඉදිරියෙන් ඉන්නවා. පිටරැටියන් මේවාට ඉරිසියයි.
මේක වතුර හොරකමක් වගේ පෙන්නේ
මේවා හොද ආරංචි හොද දේ අගේ කරනවා