මනෝප්රිය ගුණසේකර
ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 71කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවෙක් සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව නඩු පවරා ඇත.
එම නඩුව විභාග කිරීමට දින නියම කිරීම සඳහා ලබන මැයි මස 16 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා අද (19) නියම කළේය.
අල්ලස් කොමිසම හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල විත්ති පාර්ශවයට ලබාදිය යුතු ලේඛණ බාරදී ඇතැයි කියමින් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
2009 වසරේ සිට 2014 වසර දක්වා වු වසර හයක කාලය තුළදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රුපියල් කෝටි 71 කට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇති බව අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ චෝදනා පත්‍රයේ සඳහන් වේ.
2009 ජනවාරී මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළදී සිය නීත්‍යානුකූල වත්කම් හා ලැබීම් වලින් උපයාගත නොහැකි රුපියල් 744 80 017 මුදල් හා දේපළ උපයාගෙන ඇති බවත් එම මුදල් හා දේපළ උපයාගෙන ඇත්තේ අල්ලස් වලින් බවත් අධිචෝදනා පත්‍රයේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.
මුදල් උපයාගෙන ඇති ආකාරය හා දේපළ උපයාගෙන ඇති ආකාරය දැක්වෙන උපගොනු දෙකක්ද අධිචෝදනා පත්‍රය සමඟ අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්යක්ෂ ජනරාල් නීතීඥ සුනේත්‍රා ජයසිංහ මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් පැමිණිල්ල විත්ති පාර්ශවයට බාරදිය ලේඛණ තමන් බාරදුන්නේ යැයි කීවාය.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් තමන්ට ලැබිය යුතු සියලු ලේඛණ ලබාදී ඇත්ද යන්න දැනුම් දීමට මත්තෙන් මෙම ලේඛණ පරීක්ෂා කළ යුතු හෙයින් ඒ සඳහා තමන්ට දිනයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළ අතර මෙම නඩුව ලබන මැයි මස 16 වැනිදා කැඳවීමට ද අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුට ද නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා කරන්නෙනම් හරියට බෝධිසත්වයෙක් වගේ.
මේක නම් බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක්. ඒ අය තමයි ඔය කෝටි 71 මෙයාගේ ගිණුමට දාලා තියෙන්නේ. මේ මව්බිමේ දේශපේ‍්‍රමියා කවදාවත් හොරකම් කරන්නේ නෑ.
මොහුගේ වේදිකාවේ කතාව කොහොමද බබා වගේ... හිටපු ජනපති පිරිවරාගෙන ඉන්න දෙතුන් දෙනෙක් හැරුණාම ඒ ඔක්කොම හොරු. ටිකක් කලින් ඔය නඩු දැම්මා නම් දෙනාටමත් හිරේ. අපේ රටේ මෝඩයෝ ඡන්දය දෙන්නේ මේ හොරුන්ගේ කතා වලට රැවටිලා.. මේවා තේරුම් නොගැනීම රජයේ මෝඩකම බව දැන්වත් තේරුම් ගත යුතුයි.
දැන් ඉතින් මේ ඡන්දේදී මහජන මුදල් කෝටි ගණන් හොරකම් කළ මේ ඒකාබද්ධයේ කල්ලියට වැඩි ඡන්ද මහගොඩක් දුන්නනේ. අනේ මෙහෙමත් මෝඩ ඡන්ද දායකයන් ඉන්න රටක් මේ ලෝකෙම නැහැ. ට්‍රිලියන නමයක් මහජන මුදල් හොරාකම් කළ අයට නැවතත් ඡන්දෙ දුන්නනේ...
මේක ඊනියා අධිරාජ්‍යවාදී ඩයස්පෝරාවේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්නැති...
පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙනුයි, ඇමතිකමෙනුයි 2009 ඉඳන් හම්බකරපුගාන පෙන්නනවලුනේ.. කෝටි 71 එහෙමයි හොයලා තියෙන්නේ. එතකොට මෙතුමා කාපු බිපුවා, ළමයින්ට උගන්නපුවා එහෙනම් හොරකම් කරපුවා වෙන්න ඇති. අනේ දෙයියනේ හොරාකාපු සල්ලි වලින් ළමයින්ට දෙනවද කන්න බොන්න.
ඔන්න දැන් කියයි පළිගන්නවා කියලා. මොනවා වුණත් අන්තිමට වෙන්නේ පාස්පෝර්ට් නඩුව වගේ මෙයා නිදහස් වෙනවා. පාස්පෝර්ට් නඩුවෙන් ඇතුළට ගියානම් අවුරුදු 7ක් ඇතුළේ. මේවා හොඳයි කොන්ඩේ බැඳපු තට්ටයින්ට...
මේ අල්ලස් කොමිසම තවත් ඇවන්ගාඩ් වගේ කේස් එකකට අත ගහලයි කියලයි මට හිතෙන්නේ. විමල් වීරවංශගේ බිරිඳ කලින් දවසක කියලා තිබුණා විමල් වීරවංශට තවම නිවසක අයිතියවත් නැති බව. ඔක්කොම කරලා අන්තිමේදී රජයෙන් අපහාසෙට වන්දියකුත් ගෙවලා තමයි නවතින්න වෙන්නේ.
මේ අල්ලස් කොමිසම තවත් ඇවන්ට් ගාඩ් වගේ කේස් එකකට අත ගහලා කියලයි මට හිතෙන්නේ. විමල් වීරවංශගේ බිරිඳ කලින් දවසක කියල තිබුණා විමල් වීරවංශට තවම නිවසක අයිතියවත් නැති බව. ඔක්කොම කරලා අන්තිමේදී රජයෙන් අපහාසෙට වන්දියකුත් ගෙවලා තමයි නවතින්න වෙන්නේ.
හොරකම සහ දේශප්‍රේමය මනාව පිලිබිඹු වෙන නඩුවක්...
ඔන්න ඔහොම කල් ගියාම කල් ඉකුත් වෙන්නත් පුළුවන් නේද?
මේක මාර වැඩක්නේ! ලිපි ලේඛන පරීක්ෂා කරන්න මාස 3 ක්, මෙයාව හිරේ යවන කොට තව අවුරුදු 10ක් විතර යයි.
නියම දේශප්‍රේමියෙක්. අහුවුණේ 71යි. තව කොච්චර ඇතිද නෑ පරපුර අතර බෙදාගෙන ?
කෝටි 7.1 ක් නේද?
මට ඩේසි ආච්චි කෙනෙක් නොහිටියට, අපට පරම්පරාවෙන් උරුම වෙච්ච, කටු මැටි ගහපු ගෙයක් සමග දේපල තිබුණා. මට බිරිඳගේ පැත්තෙන් ලොකු දෑවැද්දකුත් ලැබුණා.
මේ තරම් සුද්දවන්තයෙක් මේ ලංකාවේවත් නැති තරම්.. මේවාට රැවටෙන මිනිස්සු තවත් ඉන්නවනේ...
විජේවීර, කස්ත්‍රෝ, කාල් මාර්කස්, ලෙනින් වගේ අයගේ ගිණුම් වල කීයක් සල්ලි තිබුණාද?
විමල් වීරවංශගේ නිවසේ මාසෙක විදුලි බිල රුපියල් 118000/- කියල අනුර කුමාර නායකයා පාර්ලිමේන්තුවට ඔප්පුකලා. සාමාන්‍යයෙන් යමෙකුගේ අාදායමෙන් 5%ක් තමයි විදුලි බිලට ගෙවන්න වෙන්නේ.. එහෙම බැලුවොත් විමල්ගේ මාසික අාදායම මාසෙකට ලක්ෂ 24ක් වත් වෙන්න ඕනෑ.
අපේ රටේ ඉන්න ලොකුම දේශප්‍රේමියා තමා වීරවංස හෙවත් පංචායුධ කුමාරයා.. මෙයාලා මෙච්චර දඟලන්නේ නඩුවලට කලින් ආණ්ඩුව පෙරලගෙන සුද්දවන්තයෝ වෙන්න තමා. ඔයාලා ඔක්කොම එකම වල්ලෙ පොල්ම තමයි...
ඉතින් මන්තිරි පඩියෙන් බැරිද ඔය ඔක්කොම උපයගන්න? එතුමා තරම් පිරිසිදු දේශපාලකයෙක් මේ රටේ බිහිවී ඇතිද මීට කලින් කවදාකවත්. බලන්නකෝ කතා කරන හැටි.
කීයටවත් වෙන්න බෑ. මෙතුමා කවදාවත් හොරකම්, වංචා කරන පුද්ගලයෙක් නෙවෙයි. පේනවනේ කතා කරන හැටි. ඔය සල්ලි ටික තියන් ඉන්නේ රටේ අනාගතය වෙනුවෙන්.
මම ඉන්න රටේ අමාත්‍ය ධුරයක් දරන්නේ උපාධියක්, පශ්චාත් උපාධියක්, තිබෙන උගතෙක්. ලංකාවේ මේ වගේ බෙහෙත් තෙල් කාරයෙක් වගේ උගුර පුප්පගෙන මොරදෙන මොහුගේ කැරැට්ටුව ගැන කුමන කතාද.
හොරකම් කරත් එකය් අනුබල දුන්නත් එකය් හොරකම වැහුවත් එකය් ඔක්කොම හොරු