ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට මුක්කු නොගසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් පැවසීය.
මුක්කු ගසා ආණ්ඩුව ගෙන යා නොහැකි බවත් ජනවරම ඇත්තේ කොතනදැයි බැලීමට නම් පාර්ලිමේන්තුව විසිරවිය යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා කීවේය.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.
“මැතිවරණ අල්ලස් මධ්‍යයේ නොයෙක් බාධක මැද පොහොට්ටුවට ඡන්දය දුන් සියලු දෙනාට ස්තුති වෙනවා. ශ්‍රීලනිප ඇමැතිවරයා වංගෙඩියක් දුන්නම, එජාප ඇමැතිවරයා ගිහින් දෙනවා මෝල් ගහක්. ලංකා දේශපාලන ඉතිහාසයේ මැතිවරණ නීති වැඩියෙන්ම උල්ලංඝණය කළ මැතිවරණය මෙයයි. ඒත් බඩු බෙදලා ඡන්ද ගන්න බෑ කියලා ජනතාව පෙන්නුවා.
මට දැන් ආණ්ඩුවේ විපක්ෂෙ හොයන්න බෑ. ටීඑන්ඒ ඉඳන් වටේම ඉන්නේ එකට. ඔක්කොගෙම ඡන්ද එකතු කරලා කියනවා මහින්දට වඩා ගත්තා කියලා.
රාජිත සේනාරත්න කියනවා අපි ආණ්ඩුවක් ගන්න හදනවා කියලා. අපි ආණ්ඩුවට මුක්කු ගහන්න හැදුවේ නෑ. අපි ඒ බව මුලින්ම කිව්වා.
මේ ඡන්දයේ සියයට 80ක් දෙනා ඡන්දය දුන්නා. ප්‍රාදේශීය සභා මැතිවරණ ඉතිහාසයේ විපක්ෂය ජයග්‍රහණය කළා. දැන්වත් ජනතාවට තිබෙන ප්‍රශ්න සාකච්ඡා කරයි කියලා අපි හිතුවා. ඡන්ද ප්‍රතිඵලය ආපු ගමන් යූඇන්පී අය කියනවා එජාප නායකයා මරු කරන්න කියලා. ශ්‍රීලනිප සභාපතිකමත් තියාගෙන ශ්රීලනිපය කියනවා එජාප නායකයා මරු කරන්න කියලා. එජාපය කියනවා ශ්‍රීලනිප නායකයා මාරු කරන්න කියලා.
අපි ආණ්ඩුවට ජැක් ගහන්න ගියේ නෑ. හැබැයි අපි කිව්වා ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න කියලා.
කරු අගමැති කරනවාද එජාප නායකයා කවුද කියලා තීරණය කිරීම ශ්‍රීලනිප නායකයාගේ වැඩක් නෙමෙයි. තිලංග සුමතිපාල මහතා ඊයේ රෑ එකක් කියනවා. උදේ මහින්ද අමරවීර මහතා තව එකක් කියනවා. එජාපෙන් දවල්ට තව එකක් කියනවා. මෙහෙම කොහොම ආණ්ඩුවක් කරගෙන යන්නේ.
විපක්ෂ නායකවරයා කියනවා පොහොට්ටුව ජාතිවාදය අවුස්සනවා කියලා. දෙමළ ජාතික සන්ධානය තමයි ජාතිවාදය වැපිරුවේ.
ජැක් ගහලා මුක්කු ගහලා ආණ්ඩුවක් පවත්වාගෙන යන්න බෑ. ජනමතය තේරුම් ගන්න. පාර්ලිමේන්තුව විසිරුවන්න. බලමු ජනමතය කොහෙද තියෙන්නේ කියලා‘‘ යයිද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙදාපාර නම් මුක්කු වලින් බේරෙන්න ලැබෙන එකක් නැහැ. හමුදා කාරයෙක්ලු දඩයම පටන්ගන්න යන්නේ. එයාට නම් පුදුම අමාරුවක් තියෙන්නේ... සේරම කට්ටිය ආණ්ඩුවේ උළු ගෙදරට යවන්න.
මහින්ද රාජපක්ෂ දිනනවා දකින්න කැමැතියි නම් නොදන්නා තමන්ගේ තරමට වඩා විශාල ප්‍රකාශ නොකර පැත්තකට වෙලා ඉන්න. ගිය පාරත් එතුමාගේ ඡන්ද ගොඩාක් කැඩුනේ ඔබ නිසායි..
ආණ්ඩුව කියන්නේ මුක්කු ගහන තැනක් නෙමෙයි. උගතුන් පිරි, රටක් පාලනය කරන තැනක්...
ඔහේ කවුද මහත්තයෝ පාර්ලිමේන්තුව විසුරුවන්න කියන්න... ඒ පිය මහරජාණන්ගේ කාලේ සෙල්ලම් දාන්න දැන් බැහැ. 45% ක ඡන්ද පළාත් පාලන මැතිවරණයකින් ලැබුණාම, ඔහෙලා මේ රටේ අයිතිකාරයෝ වෙන්න හදනවද?
ඉක්මනින් කාර් රේස් බලන්න පුළුවන් වෙයි වගේ.
අනේ මන්ත්‍රීතුමා ජනතාව අවරුදු පහකටයි වරම දීල තියෙන්නේ. ඔබේ බුද්දිමත් තාත්ති වගේ වෙලාපහෙන් ඡන්දය තියන්න අපිට කිසිම උවමනාවක් නැහැ.
ශ්‍රී ලංකා දේශපාලකයින්ගෙන් ළමා කතා අහන්නත් පුරවැසියන්ට සිදුවී ඇත. තමන්ගේ අතීතයන් අමතක කර කතා කිරීම ශ්‍රී ලංකාවේ දේශපාලකයින්ට ආවේනික ලක්ෂණයක් වී ඇත. නාමල් බේබිට " බේබි" කියන්නේ සමහර විට ඊයේ පෙරේදා ඉපදුණු නිසා වෙන්නට පුළුවනි.
අනේද කියන්නෙ
තාම මේ රටේ වැඩි ඡන්ද දායකයෝ සංඛ්‍යාවක් ඔයාට කලින් උපන් අය. හැම දේටම කියවන්නේ නැතුව වැඩක් බලාගන්න.දේශපාලන උපදේශ ගන්න අපි මෝඩයෝ නෙමෙයි.
ඔබගේ වැඩ කිඩ ඉසිලිය හැකි බලා සතුටු විය හැකි ජන කොටසක් වහලුන් ලෙස ලංකාවේ සිටී ඉදිරියටම යන්න. අපේරට සිම්බාබ්වේ දේශය තත්වයට පත් කරන්න
නරියා කිව්වලු මිදි තිත්තයි කියලා.
නාමල්, තාත්තා දිනනවා බලන්න කැමති නම් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන පැත්තකට වෙලා ඉන්න. මේ පුවත්පතේ පාටක අදහස් කියවා තමන් කවුද කියා තේරුම් ගන්න.
අනේ නාමල් පැත්තකට වෙලා ඉන්න, මේපාරත් මහින්ද මහත්තයව පරද්දන්නද හදන්නේ.........
දන්නේ නැති නිසයි අහන්නේ, ඔය කොන්දෙටත් මුක්කු ගහලද ??
මුක්කු වලට ගන්නේ හොඳ ශක්තිමත් මුක්කු. කැඩුන දිරපු මුක්කු ගන්නේ නැහැ කිසිම දෙකට මුක්කු ගහන්න. ඔය මුක්කු වල තත්වය මජහනතාව හොඳින්ම දන්නවා. ඔවුන්ට කිසිදෙයක් අමතක වී නැහැ. ඔවුන් මැරී ඉපදිලාත් නැහැ.
ඇත්තම කියනවනම් රටේ ජනතාව ගරු කරන්නේ මහින්ද රාජපක්ෂ කියන පුත්ගලයට පමණි. එතුමා අපිට රජෙක් ...
ඔයාටත් ලොකු චෝදනා තියෙනවා ළමයෝ. නීති විභාගය සමත් වුනු විදිය පිලිබදව. කටමැත නොදොඩා ඉන්නවා නම් හොදයි.
කතා කරන්නේ නම් ජාතික වීරයෙක් වගේ.
තාත්තා නැති නම් ඔබතුමාටත් මුක්කුවක් තියා ඩක්කුවක් වත් නැහැ. පමණට වැඩිය ඉදිමෙන්න එපා. ඔය ටික කියන්න ඔබට වඩා සුදුස්සෝ පක්ෂයේ ඉන්නවා.
කොහොමත් මහා ඡන්දෙ එන්නේ 2020 .එතකම් ඉවසන්න
ගිය පාරත් පියාණන්ට ගෙදර යන්න වුනේ සමහරුන්ගේ අඳ බාල කතා නිසා බව තවමත් තේරිලා නැති හැටි. හපොයි කවදා මොලය පෑදේවිද?
හනේ ඇත්තට මහින්ද මහතාට පක්ෂයේ කවුරුවත්ම නැද්ද මහජන ප්‍රකාශ නිකුත් කරන්න මෙයා ඇරෙන්න. උම්මග්ග ජාතකයේ කේවට්ටයාව මතක් වෙනවා.