ඉන්දිකා රාමනායක
උතුරේ තරුණ තරුණියන් 50 දෙනෙක් හමුදාගත පදනම යටතේ යුද හමුදා ස්වෙච්ඡා බලසේනාවට බදවා ගත් බව යුද හමුදාව කියයි.
බදවාගත් මෙම පිරිස අතර පුනරුත්ථාපනය වු හිටපු එල් ටී ටී ඊ සමාජිකයින් 11 දෙනෙක් සිටිති.
රටේ අවශ්‍යතාව මත බදවා ගත් මෙම පිරිස දැනට කෘෂිකර්මික ක්ෂෙත්රයේ අවශ්‍යතාවන් වෙනුවෙන් යොමුකර ඇති බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්රගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.
මොවුන් හමුදා නිලඇදුම් නොඅදින අතර විශ්‍රාම වැටුප ඇතුලූ හමුදාවේ සෙසු පිරිසට ලබාදෙන වරප්‍රසාද මොවුන් ට ද හිමිවන බවද හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.
රටේ අවශ්‍යතාව මත රටේ සංවර්ධන වෙනුවෙන් ඉදිරියේ දී උතුරේ තරුණ තරුණියන් ස්වෙච්ඡා බලසේනාවට වෙත බදවා ගන්නා බවද හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් ඉතා හොඳ දෙයක් !!
මේක තමයි නියම සංහිඳියාව කියන්නේ. එහෙම නැතුව මේ මිනිස්සුන්ටත් වෙනම රටක් ඕනෑ නෑ. මේ රටේවත් පුරවැසිභාවය නැති උතුරේ දේශපාලකයන් තමයි නැති ප්‍රශ්න ඇති කරවන්නේ.
පෙන්නන්න කියන්න බටහිර රටවල අන්ධයින්ට, ලෝකේ වෙන එකම රටක් මේ ආකාරයට සතුරු සෙබළුන්ට සලකන, ඔවුන්ව රටේ ජනසමාජයේ කොටසක් බවට පත් කරන... ඒ අය දන්නේ අපේ රටේ රිලවුන් එක්ක එකතුවෙලා ජිනීවාවල උඩුබුරුලන එක විතරයි.
ඉල්ලගෙන කන්නයි හදන්නේ. සතේකටවත් විශ්වාස කරන්නෙපා. මේ අය වැඩකරන්නේ ඩයස් පෝරාවෙන් එන නියෝගවලටයි.
අහක ඉන්න සර්පයෝ රෙද්ද අස්සේ දාගන්නවා කියන්නේ මේ වගේ වැඩ වලට තමයි.
නිවට, ද්‍රෝහී, පරගැති ජඩපාලකයින්ට අවශ්‍ය මේ රට විනාශ කරන්ටයි. මේ අපරාධ කාරයින්ට මේ වගේ අවස්ථා නොදිය යුතුයි. ඔය ගොබ්බයියන්ගේ හෙන්චයියාලාත් කරන්නේ ආවැඩීම පමණයි.
නරියන්ට කුකුල්ලු බාර දුන්නා වගේ වැඩක් තමයි මේක...