සමන් විජය බංඩාර
අරණායක සාමසර කන්ද නායයෑමෙන් විපතට පත් ව කුඩාරම් වල ජිවත් වන පවුල් 100 ක් වෙනුවෙන් උස්සාපිටිය රුවන්දෙනිය ප්‍රදේශයේ නිවාස 100 ක ඉදිකිරිම් අවසන් වී මාස ගණනක් ගත වි ඇති අතර තවමත් කුඩාරම් වල සිටින පවුල් වලට මේ වන තෙක් එම නිවාස ලබා දිමට වගකිව යුත්තන්ගේ අවදානය යොමුවී නොමැති බව ජනතාව අද (19) පවසති.
චින ආධාර යටතේ ඉදිවන නව නිවාස ව්‍යාපෘතිය නම් කර ඇත්තේ චින ලංකා මිත්‍රත්ව ගම්මානය ලෙසිනි. මෙම ගම්මානය විවෘත කිරිමට ජනාධිපතිතුමාගෙන් දිනයක් ලබා ගැනිමට නොහැකි නිසා තවමත් මේ ගම්මානයේ ඉදි කර ඇති නිවාස තමන්ට ලබා දිමට කටයුතු කර නැති බව ජනතාව පවසයි.
මෙම නිවාස ලබා නොදිම නිසා තවමත් දිප්පිටිය විල්පොල කඳවුර සහ දෙයියන්වල කඳවුරු වල කුඩාරම් අටවා ගෙන මෙම පවුල් ඉතා අපහසුවෙන් දිවි ගෙවති.
ඔවුන් මෙලෙස වසර දෙකකට ආසන්න කාලයක් මෙ අපහසු ජිවිතය ගත කරන අතර ඔවුන් ජිවත් වන කුඩාරම් ඉතා අඹලන් තත්වයේ පවති.
කුඩාරම් වල පාදම මේ වන විට දිරා ගොස් ඇති අතර ඉටි රෙදි වලින් ආවරණය කරගෙන ඔවුන් කුඩාරම් වල ජිවත් වෙති. වැසිකිලි නිරන්තයෙන් උතුරා යන බවත් අවට පරිසරය සනිපාරක්ෂාවක්ද නැති බවද ඔවුන් කියයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් ඉවසන්න.. ඊළඟ චන්දෙ එනකල්
මේ නිවාස දේශපාලන හෙන්චියලාට දෙන්න බලාගෙන ඇති, සුනාමි ගෙවල් දුන්න වගේ.
කොච්චර අසරණද මේ මිනිස්සු? අපේ පාලකයින්ට බලය ගන්න මිසක් අසරණ වෙච්ච මිනිස්සුන්ට පිහිටක් වෙන්න කිසිම වුවමනාවක් නෑ. ඔය අදත් පාර්ලිමේන්තුවේ කෑගහන්නේ අපි වෙනුවෙන් නෙවෙයිනේ. කොහොමහරි බලේ අරන් තියාගෙන තවත් සල්ලි හම්බ කර ගන්නනේ.
ඉතින් කූඩාරම් වල ජිවත් වුණාට මොකද වයි ෆයි ලැබිලා නේද තියෙන්නේ? තව මොනවද කෙරෙන්න ඕනෑ?
බය නැතිව ඉන්න කුඩාරමේම තව ටික කලක්... ඔබගේ ගැලවුම් කරුවෝ අද පාර්ලිමේන්තුවේ ඔබ වෙනුවෙන් කෑ මොරගසමින් සිටිති. ඔබ සුඛිත මුදිත කිරීමට ඔවුන් දියවන්නාව අද දෙවනත් කරති. එමනිසා මඳක් ඉවසන්න.
ඒ වුණාට කොටින්ට වන්දි ගෙවනවා ජනතාවගේ සල්ලි වලින්....
ඇමති වාහන සඳහා කෝටි ගණන් වියදම් කරනවා. දුප්පත් මිනිස්සුන්ට ඉන්න තැනක් නැහැ. ඔන්න අපේ රටට ආදරය කරන මිනිසුන්ගේ ක්‍රියා...
රත්වෙන්නම මඩු වලිගෙකින් තලලා ඔය කට්ටිය පන්නලා දාලා මිනිස්සුන්ට සමීප නායකයෙක් පත් කර ගන්න ඕනෑ. ඔය අයට ඔහොම ඉන්න වුණා නම් නාමික නිදහසට අවුරුදු 30ක් නෙවෙයි.. තව ආවේ නෑ කියලා කියාවි.
මේක යාපනේ සිදුවුණා නම් මෙලහකටත් සිංහල ඇමතිවරු මැදිහත්වෙලා ගෙවල් ඔක්කොම හදලා දීලා. සිංහල ජාතියට කෙනහිලිකම් කරන කල්ලතෝනි ආණ්ඩුවක් දැක්කමයි.