රේගු නඩුවේ විමර්ශණ අවසන් බව අල්ලස් කොමිසම කියයි
ලංකා ගමනාගමන මණ්ඩලය මගින් තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද වාහන අමතර කොටස් සම්බන්ධයෙන් රේගුව කරන පරීක්ෂණ නතර කිරීමට හා බදු මුදල් නොගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 150 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන 125ක් ලබාගත් බව කියන සිද්ධියේ විමර්ශන අවසන් කර නීති අංශයට යොමු කර ඇතැයි අල්ලස් කොමිසම කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවේ අද (25) ප්රකාශ කළේය.