බිඟුන් මේනක ගමගේ
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමග අද (18) සවස පැවැත්වීමට නියමිත විශේෂ හමුවට තමාට සහභාගීවීමට නොහැකි යැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා නිල වශයෙන් දැනුම් දුන් බව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
කලින් යොදා ගත් රැස්වීමක් තිබෙන බැවින් මෙම අවස්ථාවට සහභාගීවීමට නොහැකි හේතුව හැටියට දක්වා ඇති බව ද ලක්තිලක මහතා කීවේය.
මෙම හමුවට කතානායක කරූ ජයසූරිය මහතාද සහභාගි වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිරච්ච ලණු කාරයෝ තමා මේ දෙගොල්ලන්ම කොටවන්නේ...
ජනාධිපතිතුමා හමුවෙන්න ගියේ නැති වුණාට කමක් නැහැ. ජනතා මතයට හිසනමා ගෙදර ගියොත් හොඳයි. තවත් බලලෝභීකමේ ඉඳලා රට කන්නේ නැතිව.
මොකක්ද මෙයාට ඒ පාර හැදිලා තියෙන ආරුඩේ?
සේනක, ජනතා මතය දුන්නේ පළාත් පාලන ආයතන වලට. මෙතුමා සමහරු වගේ කොහොමහරි බලයට එන්න දඟලන කෙනෙක් නෙවෙයි. මින් පෙරත් පැරදුණාම ඉක්මණින්ම අගමැතිකමෙන් ඉවත් වූ කෙනෙක්...
මේ තිබ්බේ පළාත් පාලන ඡන්දේ.. එ්කේ දිනන පැරදුණු කියලා අගමැති එන්න වෙන්න ඕනෑ නැහැ. පාර්ලිමේන්තු මැතිවරණේ තමයි තීරණේ වෙන්නේ අගමැති අයින් වෙන්න ඕනෑද? නැද්ද? කියන එක...
බැංකුවේ ගනුදෙනුව ගැන විස්තර අසාවි යන බයෙන් වෙන්න ඇති සුත්තර පුංචා නොගිහින් හැංගිලා ඉන්නේ...
කරුණාකරලා ජනතා විරෝධි රනිල් අස්වෙලා ගෙදර යන්න... රට, ජාතිය, ආගම විනාශ නොකර...