(වජිර ප්‍රසන්න)
දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත්වූ සභිකයෙකු ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ඉල්ලා අද (16) නවමැදගම නගරය මැද අට්ටාලයක සිට උපවාසයක් ආරම්භ කළේය.
අජිත් රෝහණ සිල්වා නම්වූ මෙම මන්ත්‍රීවරයා පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් නව මැදගම කුඩාගම කොට්ටාසය ජයග්‍රහණය කර ඇත.
“මීට ඉහත අවස්ථා තුනකදී මම ප්‍රාදේශීය සභාවට තේරී පත්වුණා.මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඡන්ද 1100ක් අරගෙන ජයග්‍රහණය කළා. දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට සුදුසු මමයි.මම විද්‍යාවේදී රාජ්‍ය පරිපාලන විද්‍යා විශේෂ උපාධිධාරියෙක්.එසේ තිබියදී දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ලේකම්වරයෙක් මැදිහත්වී නවක මන්ත්‍රීවරයෙකුට දෙහිඅත්තකණ්ඩිය ප්රෙදේශීය සභාවේ සභාපති ධූරය දෙන්න කුමන්ත්‍රණයක් දියත් කර තිබෙනවා.ඊට මම දැඩි විරෝධය දක්වනවා.“යැයි හෙතෙම පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සටන පටන් අරගෙන වගේ
උපාධිදාරියෙක් වීමම නුසුදුසුකමක්නේ මහත්තයෝ. මේ ලංකාවනේ.
ඕක තමා හැමතැනම බළල්ලු ලවා කොසේ ඇට බාවනවා වගේ වැඩක් ඡන්ද ගන්න මොනවා හරි උප්පරවැට්ටි යොදනවා.
ලොක්කා වගේමයි.
විද්‍යාවේදී රාජ්‍ය පරිපාලන විද්‍යා විශේෂ උපාධිධාරියෙක් වුනාට මදි අලුත් හොරකම් සහ මැරකම් පිළිබද පලවෙනි ශ්‍රේණියේ සාමාර්ථයක් ඕනේ තනතුරු ගන්න! ඒකවත් දන්නේ නැතුවද දේශපාලනය කරේ? අද රටේ ජනතාව ඉල්ලනෙත් එහෙම අය! ඒක නිසා උපවාස කරන්නේ කාට පෙන්නන්නද ?
ඔබට උපාධියට අමතරව දක්ෂතා තිබුනානම් හොඳ ටියුෂන් ගුරුවරයෙකු වෙන්න තිබුනා. ඉංගිසි දැනුම තිබුනානම් පෞද්ගලික අංශයේ හොඳ රැකියාවක් ලබාගන්න තිබුනා.
ඔහොම දවස් පහක් තියන්න. එතකොට ඉබේම නැගිටලා එයි. වීරවංශ ඕකට හොඳ දක්ෂයා...
දෙන්නම එකම පක්ෂයේ නිසා මේ කතාව ඇත්තක් වෙන්න පුළුවන්. තනකුරක් ලබා ගන්න ඒකට හිඟා කන්න ඕනද? ඒකට සුදුසුකම් තිබෙනවා නම් නිකම්ම එය අතට එනවා. තව ටික දවසක් යනකොට ඔබේ බොස් ඇවිල්ල වතුර වීදුරුවක් පොවලා, නතර කරන්න කියන කම් ඔය උපවාසය දිගටම කරගෙන යන්න. ලේන්සුවක් එලාගත්තා නම් කීයක් හරි හම්බ කරගන්නත් තිබුණා!! අනේ පව් !!!
ඔබට ඡන්දය ඉල්ලන්න තිබුණේ මහරගමින්. බඩල්ගම පදිංචිකාරයෝ විස්සක් බිහිකළේ නැගලා ගිහින් එහෙදි දිනලාලු . අවුරුදු 80 පැනපු දෙන්නෙකුත් අංශභාගේ හැදුණු රෝගියෙකුත් ඒ අතරේ ඉන්නවලු! මීට පස්සේ ඡන්දෙ ඉල්ලනකොට කොහේ හරි දුර බැහැර පළාතකට බයිසිකලේ නැගලා ගිහින් එහෙන් ඡන්දෙ ඉල්ලන්න. දිනුවොත් සභාපතිකම ෂුවර්!
ඔය උපාධියට කරලා තියන විෂයන් වැරදියි. කරන්න තිබුනේ හොරකන් කරන විදිය, බොරු කියන විදිය, කොමිස් ගහන විදිය, පපුවට ගසාගන්නා ජාත්‍යාලය කියන විෂය, ජාතන්තර කුමන්ත්‍රණ විෂය,.. ඔන්න ඔය වගේ දේවල්. එහෙනම් ඔයාට නිකම්ම සභාපතිකම දෙනවා. අපේ රටේ ජනතාවත් හිටු කියලා ඡන්දෙත් දෙනවා. දැන් ඉතින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලගෙන ඉන්න. නැත්නම් අට්ටාලේ උඩම මැරිලා යන්න. ලෙමන් පෆ් එහෙම හංග ගත්තේ නැද්ද? නැතිනම් අර දේශපාලකතුමාට පණිවිඩයක් ඇරලා ගෙන්න ගන්න.
උපාධිදාරින් පත්වීම හොඳයි.. හැබැයි ඡන්දයකදී මිනිස්සුන්ගේ වැඩි ප්‍රතිචාරය බලන්නත් ඕනෑ. වැඩිම ප්‍රතිශතය වැඩිම ඡන්ද අරගත් කෙනාට දෙන්න ඕනෑ. අඩු ඡන්ද අඩු ප්‍රතිශතය අරගෙන තනතුරු ඉල්ලනවා නම් වැරදියි. ඡන්දයක් තියන්නේ ඒකටනේ.. කාට වුණත් වැඩි ඡන්ද ප්‍රතිශතයට දුන්නා නම් වැඩේ ඉවරයි.
පුදනකොටම කාපි යකා කිව්වලු!
ඔය උපාධි වලින් සුදුසුකම් ලැබෙන්නේ නැහැ සභාපති ධුරයට. හොරකම්, මැරකම්, දූෂණ, වංචා, කොමිස් ගැහිලි, පගා ගැහිලි පිළිබඳව විශේෂ පුහුණුවක් පළපුරුද්දක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෑ.