IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉරාන නාවික හමුදාවේ නෞකා 3ක් කොළඹ වරායට සේන්දු වෙයි

අමල් වික්‍රමරත්න
 
ඉරාන නාවික හමුදාවට අයත් ‘බයන්ඩර්’, ‘නග්ඩි’ සහ ‘ටොන්බ්’ යන යුද නෞකා ත්‍රිත්වය අද (16) පුහුණු සහ සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී.
 

නෞකාවන් වරායට පැමිණීමෙන් අනතුරුව ඒවායේ අණදෙන නිලධාරීන් වන කොමාණ්ඩර් බෙනාම් හොසෙයින්පෝ, කොමාණ්ඩර් මෙහ්දි අහමද්පෝ සමානි, කොමාණ්ඩර් මොහොමඩ් බාගර් රහ්නමා යන නිලධාරීන් බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය. 
 
එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
 
නෞකාවන් දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරනු ලබන විවිධ සංස්කෘතික සංදර්ශණ, සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් රාශියක් සඳහා සහභාගී වීමට නියමිතව ඇත. 
 
සිව් දින නිල සංචාරය නිමා කරමින් එම නෞකාවන් 19වන දින දිවයිනෙන් පිටත්වීමට නියමිතය. 



අදහස් (2)

ඉරාන නාවික හමුදාවේ නෞකා 3ක් කොළඹ වරායට සේන්දු වෙයි

කුමාර් (ගල්ෆ්) Friday, 16 February 2018 07:35 PM

යේමන් වල, ලෙබනනයේ වගේ මෙහෙත් මුස්ලිම් මිනිස්සු අතර බේද ඇතිකරලා ත්‍රස්තවාදය පතුරන්නද දන්නේ නෑ හදන්නේ.

:       16       109

nimal Saturday, 17 February 2018 12:20 AM

ලංකාවට ගෙන්නගන්නේ ඉතින්!!!,ලෝකෙන්ම සම්බාධක පනවලා, මොකුත් කරගන්න බැරි අන්ත අසරණ රටකින් තමයි.. මේ රටේ හිටපු නායකයෝ ඔක්කොම කලේ ඕක... එක්කෝ ඉරාන් යයි. නැත්නම් ඇෆ්ඝනිස්ථාන් යයි. නැතිනම් පාකිස්තාන් හෝ ඉරාකේ .. ඉතින් ලංකාවට අර එන්න තියෙන ආධාරත් නැතිව යනවා. ඔය මගුල් නිසා මොකද ඔය රටවල් ත්‍රස්තවාදීන් , ලොවට බිහිකරන රටවල් හැටියට පට්ට ගැහිලා තියෙන නිසා, සම්බාධක පනවපු රටවල්..

:       54       114

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site