අමල් වික්‍රමරත්න
ඉරාන නාවික හමුදාවට අයත් ‘බයන්ඩර්’, ‘නග්ඩි’ සහ ‘ටොන්බ්’ යන යුද නෞකා ත්‍රිත්වය අද (16) පුහුණු සහ සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී.
නෞකාවන් වරායට පැමිණීමෙන් අනතුරුව ඒවායේ අණදෙන නිලධාරීන් වන කොමාණ්ඩර් බෙනාම් හොසෙයින්පෝ, කොමාණ්ඩර් මෙහ්දි අහමද්පෝ සමානි, කොමාණ්ඩර් මොහොමඩ් බාගර් රහ්නමා යන නිලධාරීන් බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය.
එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
නෞකාවන් දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරනු ලබන විවිධ සංස්කෘතික සංදර්ශණ, සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් රාශියක් සඳහා සහභාගී වීමට නියමිතව ඇත.
සිව් දින නිල සංචාරය නිමා කරමින් එම නෞකාවන් 19වන දින දිවයිනෙන් පිටත්වීමට නියමිතය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යේමන් වල, ලෙබනනයේ වගේ මෙහෙත් මුස්ලිම් මිනිස්සු අතර බේද ඇතිකරලා ත්‍රස්තවාදය පතුරන්නද දන්නේ නෑ හදන්නේ.
ලංකාවට ගෙන්නගන්නේ ඉතින්!!!,ලෝකෙන්ම සම්බාධක පනවලා, මොකුත් කරගන්න බැරි අන්ත අසරණ රටකින් තමයි.. මේ රටේ හිටපු නායකයෝ ඔක්කොම කලේ ඕක... එක්කෝ ඉරාන් යයි. නැත්නම් ඇෆ්ඝනිස්ථාන් යයි. නැතිනම් පාකිස්තාන් හෝ ඉරාකේ .. ඉතින් ලංකාවට අර එන්න තියෙන ආධාරත් නැතිව යනවා. ඔය මගුල් නිසා මොකද ඔය රටවල් ත්‍රස්තවාදීන් , ලොවට බිහිකරන රටවල් හැටියට පට්ට ගැහිලා තියෙන නිසා, සම්බාධක පනවපු රටවල්..