(ඉන්දිකා රාමනායක)
මිග් යානා ගනුදෙනු නඩුවට අදාළව අධිකරණය මගහැරීම නිසා ජාත්‍යන්තර වරෙන්තු ලැබ සිටින එම නඩුවේ සැකකරුවකු වන රුසියාවේ හිටපු ශි‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් ඩුබායි අධිකරණයට කරුණු වාර්තා කර එම අධිකරණ නියෝග මත ඉදිරියේ ඔහු මෙරටට රැගෙන ඒමට කටයුතු කරන බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග කියයි.
රාජතාන්ති‍්‍රක ප‍්‍රශ්න සහ සැකකරුවන් හුවමාරු කර ගැනීමේ උදර්පන නීතිය මුල්කරගෙන පැන නැගුණ ගැටළු කිහිිපයක් හේතුවෙන් උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒමට නොහැකි වු බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.
මේ හේතුව නිසා උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒමට ඩුබායි බලාගිය 7 දෙනෙකුගේ සමන්විත විශේෂිත නිලධාරීන් කණ්ඩායමට උදයංග නොමැතිව ආපසු හිස් අතින් මෙරටට පැමිණීමට සිදු වු බවද එම නිලධාරියා පැවසීය.
මොහු ඇමරිකාව බලා යමට සුදානම්ව සිය බිරිද සමග ඩුබායි ගුවන්තොට පර්යන්තයට පැමිණ සිටිය දි එරට ආගමන විගමන නිලධාරීන් විසින් ඉකුත් 04 වැනිදා අත්අඩංගුවට ගනු ලැබ තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් කට්ටිය ගිහින් හිස් අතින්ම ඒවිද? එත් කමක් නැහැ කට්ටිය පොඩි සොමියක් අරගෙනනම්. අපි වියදම් කරන්නම්.
අඩු ගානේ මේ 7 දෙනාට උදයංග එහෙ ඉන්නවද නැද්ද කියල දැක ගන්නවත් ලැබුනේ නැද්ද? නිකම් එයා පොර්ට් එකේ ඇවිදලා ආවද?
ඩුබායි අධිකරණයට කරුණු කියන්න උදයංග ඩුබායි පුරවැසියෙක් නෙමෙයි. ඔහු ඩුබායි පැමිණියේ ට්‍රාන්සිට් සඳහා පමණි.
කාටද මේ බොරුකරන්නේ .. ඔහු යහතින් ඇමරිකාවේ.
විකාර... ඒ මනුස්සයා ඩුබායි වලින් ගිහිල්ලා. තව සෙට් එකක් ට්‍රිප් එකකට යන්න වගේ සෙට් වෙන්නේ...
එ් කියන්නේ උදයංග තාම ඩුබායි වලද?
අපරාදේ උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒමට ඩුබායි බලාගිය 7 දෙනෙකුගේ සමන්විත විශේෂිත නිලධාරීන් කණ්ඩායමට සල්ලි ගෙව්වේ, වියදම් කළේ මහජන මුදල්. මෙච්චර තාක්ෂණය දියුණු ලොකේ යන්න කලින් හරියට කතා කරගන්න බැරි වූවානේ.
මෙයාට පිංසිද්ධ වෙන්න නිලධාරීන් කීප දෙනෙකුට පිටරට සවාරි ගහන්න ඉඩ ලැබෙනවා! අනේ අනිච්චන්!
හත්පොලේ ගාගන්නවා කියන්නේ ඕකටයි. පුරවැසිකම තියෙන්නේ කොහෙවත්. අධිකරණයට යන්නේ තවත් කොහෙවත්.
මහජන මුදල්වල අමාරුව දැනෙන්නේ දුප්පත් අයටයි. රජය වියදම් කරන ආකාරය අවිනිශ්චිතයි.