නිමල කොඩිතුවක්කු
වහාම ක‍්‍රියාත්මක වන පරිදි ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ඇතුලූ වෘත්තීය සමිති නායකයින් හයදෙනෙකුගේ සේවය අත්හිටුවීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඩබ්. බී ගනේගල මහතා ඔහුගේ නිල කාමරයේ හිර කර තබා ගනිමින් ජනවාරි 17 වැනිදා විරොධතාවය පළකිරීම ඇතුලූ කරුණු හේතුවෙන් තමා ඇතුලූ පිරිසගේ සේවය අත්හිටුවා ඇති බව රන්ජන් ජයලාල් මහතා පැවසීය.
පසුගිය සිකුරාදා (16) සේවය අත්හිටුවීමට අදාල ළිපි තමන් වෙත විදුලි බල මණ්ඩලයේ පාළනාධිකාරිය ලබාදුන් බවත් ආයතන සංග‍්‍රහයට පටහැනිව වැටුප් රහිතව මෙම ක‍්‍රියා මාර්ගය ගෙන ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
රන්ජන් ජයලාල් මහතාට අමතරව විදුලි බල මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සමුලූ ලේකම් අජිත් දේවප‍්‍රිය, නිදහස් සේවක සංගමයේ ලේකම් ඩබ්. ඒ. පී ප‍්‍රභාත්, උප සභාපති පී. ඞී. එස් පේ‍්‍රමලාල් කමිටු සාජාජිකයන් වන ඞී. එස් විජයලත්, ප‍්‍රියන්ත ගුණසේකර යන මහත්වරුන්ගේ සේවය මෙලෙස අත්හිටුවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලොක්කන්ට තාමත් ලජ්ජා නැහැ වගේ, මේ විදිහට අත්තනෝමතික තීන්දු ගන්නේ...
එළකිරි.. යහපාලනේ වැඩ පටන් අරන් වගේ.. මේවා ඒ කාලෙම කරානම් පොහොට්ටු පරවෙලා..
තම පෞද්ගලික අභිලාශයන් ඉටු කර ගැනීමේ පරමාර්ථයෙන් තවත් වැඩ වර්ජනයක් අත ලඟ...
හිතාගෙන ඉන්නේ විදුලි බල මණ්ඩලය ඒ අයගේ බූදලයක් කියලා.
අර මොකද්ද කඩුව හරියට වැනෙන්නෙ නැති නිසාදෝ මන්ද රට පුරාම පොඩි දැලි පිහි නම් නියමෙට ඉලක්කෙටම වැනෙනවා.