රංජන් කස්තුරි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා කතානායක කරු ජයසුරිය යන මහත්වරු අද (18) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය .
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපති , අගමැති හා කතානායක හමුව අද රාත්‍රීයේ සිදු වනු ඇති බවයි.
මේ අතර ජනාධිපති වරයා අද (18) දවස පුරා පොළොන්නරුවේ වැඩසටහන් කිහිපයකට සහභාගී වෙමින් සිටින අතර ඔහු අද පස්වරුවේ කොළඹට පැමිණීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ බැංකුවේ මහා හොරකමට අධිකරණයේ සැකකරුවෙකු වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරිපත් නොවීම තුළ ඔහු හඳුන්වාදී පත්කිරීමට අනුබල දුන් අගමැතිවරයා දැනටමත් එහි වග උත්තර කරුවෙකු බවට නිරායාසයෙන්ම පත්වී ඇති නිසා සාපරාධී ලෙස සාමුහික සැලසුම් කිරීමක් මගින් රජය සතු මහජන මුදල් අවභාවිතා කොට අයුතු ලාභ ලැබීමේ අරමුණින් කටයුතු කළ බවට සාධාරණ සැකයක් මතුව ඇති බැවින් ඔහුට අගමැති ධුරයේ තවදුරටත් රැඳී සිටීමට ඉඩ දීම කෙතරම් ජනතාවාදී සදාචාරාත්මක ක්‍රියාවක්ද?
දැනට ලැබෙන ආරංචි අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී කතානායක පදවියට ඉදිරිපත් වීමටත්, කතානායක කරු ජයසුරිය මහතා අගමැති හැටියට පත්කිරීමට එක්සත් ජාතික පෙරමුණ ගත් යෝජනාව ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීමට යන හමුවීමක් හැටියට පෙන්වීමට පුළුවන් බව දැනගන්නට තිබේ.
වැඩක් නැහැ.. එයාට පුද්ගලික න්‍යාය පත්‍රය ලොකුයි. රටේ ස්ථාවරත්වයට වඩා...
මෙහෙම රටක් වෙන කොහේද...? රටේ විධායක ජනපති - එක පක්ෂයක රටේ අගමැති - තව පක්ෂයක රටේ පුරපති - තවත් පක්ෂයක.... කෙනෙක්ට පෙනෙන්න පුළුවන් ලෝකේ මේ තරම් සර්ව සාධාරණ ප්රජාතන්ත්රවාදී ක්‍රමයක් ඇති රටක් වෙන ඇතිද කියා... හැබැයි මට නම් පෙනෙන්නේ මෙහෙම වෙන්න ඇති එකම හේතුව. රටේ පවතින දේශපාලන පරිසරය කියවීමට ලාංකීය ඡන්ද දායකයා අසමත් වීමයි. ස්ථීර ප්‍රතිපත්තියක් නැති ඡන්ද දායකයා ඔවුන්ගේ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති තමන්ගේ කරගැනීමේ පලවිපාකයි මේ...