විනීතා එම් ගමගේ
නියං කාලයේ දී විදුලි බලාගාර ආශ්‍රීත ජලාශයන්ට කෘත‍්‍රිම වැසි ලබා දීම කෙරෙහි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත.
මේ සඳහා තාක්ෂණික සහය ලබා දීමට තායිලන්ත රජය සුදානමින් සිටිතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලාංකේය විද්‍යාඥයින් ඇතුළු නිලධාරින්ට දැනුම ලබා දීමේ වැඩ මුළුවක් කොළඹ කිංස්බරි හෝටලයේ දී අද (18) පැවත්වෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ අධ්‍යක්ෂ සංවර්ධන සුලක්ෂණ ජයවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.
දැනට දිවයිනට පැමිණ සිටින තායිලන්ත විශේෂඥයින්ගේ තාක්ෂණ දැනුම මෙන්ම මුලික පරික්ෂණ සඳහා සහය ද ලබාදීමට නියමිත අතර මෙහිදී පරිසර හානි වලින් තොරව හා සංවහන රටාවන්ට හානි නොවන පරිදි මෙම වැඩ පිළිවෙල දියත් කරන අන්දම ද වැඩමුළුවේ දී අවධානයට ලක්කරන බව ද ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.
කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, මහවැලි අමාත්‍යංශය, ගුවන් හමුදාව, මධ්‍යම පරිසර අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක විද්‍යාඥයින් සහ තාක්ෂණවේදීහු මෙම වැඩමුළුන්‍ට සහභාගිවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නිවැරැදි නම් මෙම වැඩපිළිවෙළ හඳුන්වා දුන්නේ ගරු ආර්. ප්‍රේමදාස හෝ ගරු ජේ.ආර්. ජයවර්ධන බලය හොබවන කාලයකදීයි.
තියෙන කැලේ කපල කෘතීම වැසිවස්සන රටක්!
එච්චර වියදම් කරන්න උවමනා නෑ. තියෙන කැලෑ ටික ආරක්ශා කරල දීලා වැව් වලයි ජලාශ වලයි තැම්පත් වෙලා තියෙන මඩ ඉවත් කරල දුන්නනම් හොදටෝම ඇති.
මේවට තමයි බයිලා කියන්නෙ.
වෙදගේ හරි මේ වැඩපිළිවෙල හඳුන්වා දුන්නේ අසුගනන්වල ගරු ජේ ආර් ජයවර්දන ජනදිපතිතුමගේ කාලේ මම ඒ කාලේ නියන් ආධාර බෙදලත් තියෙනවා