රංජන් කස්තුරි සහ චමිල් රූපසිංහ
රජයේ සියලු පාර්ශ්වයන් හා එක්ව රටේ සමෘද්ධියට හා සෞභාග්‍යය උදාකර ගැනීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී හා මැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට කටයුතු කරන්නැයි තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල මල්වතු මහනාහිමියන් ජනාධිපතිවරයා වෙත සහ අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ඉදිරියට ගෙනියපු තරම, පොරොන්දු ඉටුකරපු තරම රටේ ජනතාව හොදින් දන්නවා. එකනේ මේ ඡන්ද ප්‍රතිපලය දුන්නේ.
හාමුදුරුවො කියන්නේ දැන්වත් පොරොන්දු ඉටු කරන්න කියලා.
ඔබ වහන්සේගේ අනුශාසනාවට සහ රජයට කරන ලද කාරුණික ඉල්ලීමට මම ඉතසිතින්ම එකඟවෙමි. 2015දි රටේ ජනතාවට අපේ නායකයන් දෙදෙනා දුන් පොරොන්දු සියල්ල එලෙසින්ම ඉටුකිරීම ටිකක් පමා වුනත් ඒවා ඉක්මනින්ම ඉටු කිරීමට එම දෙපොළට පුළුවන. ඒවා ඉටුකර, රට සංවර්ධන මාර්ගයට කඩිනමින් ගෙනයාමට ඔබතුමන්ලාට තෙරුවන්ගේ ආශිර්වාදයත් දළදා සමිඳු පිහිටත් ලැබේවා !!!
පොරොන්දු ඉටු කරන්න නම් විකුණූ වරාය නැවත අරන් දෙන්න, ඩෝසර් කළ චෛත්‍ය හදා දෙන්න, රණ විරුවන්ගෙන් පළිගන්න එක නතර කරන්න.
නායක හාමුදුරුවො නිසා මට අවශ්‍ය උත්තරේ ලියන්න බැහැ.
නායක හාමුදුරුවනේ, දැන්ද අවදි වුණේ? ජනාධිපති මහමැතිවරණයේදී දුන් පොරොන්දු ඉටු නොකළ නිසා තමයි ජනතාව ඒ අයට නිසි පාඩම ඉගැන්නුවේ...
ඔබ වහන්සේ ඔය නොකියා කියන්නේ, රනිල් වික්‍රමසිංහ තවදුරටත් බලයේ තියාගන්න කියලනේ..
පොරොන්දු ඉටු කළෙත් නැහැ. ඉදිරියට ගියෙත් නැහැ. මේ විදිහට බැලුවොත් වෙනස් වෙයි කියල හිතන්නත් බැහැ.
නව ව්‍යවස්ථාවක් මගින් උතුර ඉඩම් හා පොලිස් බලතල දෙන්නත් පොරොන්දුවෙලා තිබෙනවා. ඒවත් ඉෂ්ට කරමු නේද හාමුදුරුවනේ?
මේ ගොල්ලෝ වැරදි කරන කොටත් මේ වගේ ලියුමක් යවලා අවවාද කරන්න අපේ හාමුදුරුවනේ. නැත්තම් මේ ගොල්ලන්ට කරගන්න බැරිවෙන කොට විතරක් ලියුම් යවන්න එපා. මොකද ජනතාව පසුගිය මැතිවරණයේදී ඡන්දය දුන්නේ ආණ්ඩු වෙනස් කරන්න නොවුණත්, ප්‍රකාශ කලේ මේ ආණ්ඩුව ගත් තීන්දු වලට දැඩි විරෝධයක් බව සිහිකර ගන්න. නමුත් ජනතාව අපහසුවට පත්වූ ඒ අවස්ථාවලදීත් ඔබ වහන්සේ මෙවන් ලිපි යොමු කළා නම් ජනතාව පැත්තෙන් එය වටිනා දෙයකි.
නායක හාමුදුරුවනේ මේ රටේ ඉන්න සියලු දේශපාලකයන්ට ඕන කරන්නේ පක්ෂය රජකරන්න මිස රට, ජාතිය සංවර්ධනය නොවේ. නැත්නම් පළාත්පාලන මැතිවරණ ප්‍රතිඵල මත රජය වෙනස් කරන්න කියාවිද? එ් නිසා හිමියනේ ඔබ වහන්සේ ඉදිරිපත්ව සියලු නායක හිමිවරුනුත්, අනෙක් ආගමික නායකයනුත් එකතු කරගෙන රටට ජාතික ප්‍රතිපත්තියක් ඇතිකර මේ රට බේරා ගැනීමට කටයුතු කරන්න.
අපේ හාමුදුරුවනේ දැන් ආණ්ඩුවක් නැහැනේ. ඔබවහන්සේ දැක්කනේ අවුරුදු තුනක් රටට ජනතාවට දුන්නු දේවල්. දැන් ඉතින් තියෙන්නේ කරන්න පුළුවන් කෙනෙකුට දීල යන එක, මේ චාටර් වෙච්ච හරිය මදිද කියලා තමයි අපිට අහන්න වෙන්නේ. නැත්නම් ඊළඟ පාර හිටපු තැනුත් හොයා ගන්න බැරි වේවි!!!.
වසර තුනක් ගතවූ තැන කරගන්න බැරිවූ දේ ඉතිරි අවුරුදු දෙකේ කොහොම කරන්නද අපේ හාමුදුරුවනේ?
ඔබ වහන්සේටත් හිතට හරි අමාරුයි වගේ නේදෙ? අපේ හාමුදුරුවනේ. මේ ආණ්ඩුව කරපු ජනතා විරෝධී වැඩ වලදී ඒවා නොකරන්න උපදෙස් දුන්නා නම් මෙහෙම වෙන්නේ නැහැ.
හරියටම හරි. එකතු වෙලා සහයෝගයෙන් රටට වැඩ කරන්න අපිට දේශපාලනය නෙමෙයි වැදගත්... හොරු ටික අල්ලන්න කූඩුවලට දමන්නයි.
"ආර්ථික පරිහානිය ළඟා කර දෙයි" කියන්නේ අපේ හාමුදුරුවනේ අමුතුවෙන් මොන පරිහානියක්ද? මහ බැංකුව මංකොල්ලය ගැන ඔබවහන්සේ නොදන්නවා වත්ද? මගේ අදහස නම් ඔබ වහන්සේලා පක්ෂ පාට අමතක කර දැමීමට මේ සුදුසුම කාලයයි.
අවසරයි අපේ මහනායක හාමුදුරුවනේ, ගම් සභා මැතිවරණයකින් ආණ්ඩු වෙනස් කිරීමක් හෝ අගමැතිවරයා වෙනස් කිරීමක් හෝ විමසා නැත. එහෙම කලයුතු බව කියන දේශපාලනයේ මෙන්ම ජන මාධ්‍යයේ නියැලී ඉන්නා උදවියට පහදා දෙන්නට කටයුතු කරන ලෙසට ගෞරවයෙන් ඉල්ලා සිටිමු. සමහර ජනමාධ්‍ය හැසිරෙන්නේ ලෝකයේ වගකීමකින් යුතුව කටයුතු කරන ජනමාධ්‍යවේදීන් ලෝකයාට දැන ගැනීමට අත්‍යාවශ්‍ය වැදගත් උණුසුම් ප්රවෘත්ති ඉදිරිපත් කිරීමේදී යොදා ගන්නා වචන දෙකක් තමන්ගේ කෝන්තර පිරිමසා ගැනීම වෙනුවෙන් යොදවා ගැනීමට තරම් තිරශ්චීන තත්වයකට අද වැටෙමිනි...
හාමුදුරුවෝ කියන්නේ කතාවට එකයි. ලබන මහා මැතිවරණයට පෙර එජාපයේ නායකත්ව වෙනසක් අවශ්‍යයි. රාජකීය විදාලයේ පරිපාලනය පක්ෂයෙන් අයින් කල යුතුයි. පුංචි ප්‍රේමදාසව අපිට ඕනෑ.
මේ විනාශයට මුල් වූයේ හාමුදුරුවරු. මාදුළුවාවේ සෝභිත හිමි "ජීවිතයට යුක්තිය " පටන් ගත්ත එකට තව හිමිවරු එක්වුණා. රතන හිමිත් සහයෝගය දුන්නා. රට ඇතිකරන්නේත්, නැති කරන්නේත් මෙහෙම වෙනකොටයි...
හාමුදුරුවනේ..!! දැනට ලංකාවේ ඉන්න පාලකයින් හැමෝම දූෂිතයි. මෙයාලව නඩත්තු කරන්න නිකන් මහජන මුදල් නාස්ති කරන්නේ... දුන් පොරොන්දු වගේම නැත්තට නැතිකරන්නම්. නැතිනම් රට සංවර්ධනය කරන්න බැහැ.
හාමුදුරුවනේ මොනවාද වුණු පොරොන්දු? මම දන්නා විදිහට නම් ගිය ආණ්ඩුවේ හොරු අල්ලනවා කියන පොරොන්දුව හැරෙන්නට මේ ව්‍යාපෘති රටේ ඇතිකර රට සංවර්දනය කරනවා කියන පොරොන්දුවක් නම් වුණේ නැත. වුණේ නම් අපේ ව්‍යාපෘති ගණනාවක් අවුරුදු 100 කට ආසන්න කාලයකට රටට අහිමිවීමයි. අපට බදුබර වැඩිවීමයි. ගිය ආණ්ඩුවේ හොරු ඇල්ලුවොත් ඒ අය හිරේ යාවි... ඊට පස්සේ මොකක්ද බලාපොරොත්තුව. තියාගන්න බලාපොරොත්තුවක් තිබෙනවාද? අපට බලාපොරොත්තු ඇතිකර තිබෙනවාද? ඉතින් හාමුදුරුවනේ ඔබවහන්සේත් මෙතන ලියන අයටම උචිතම අදහස් පලකරන්නේ ඇයි? හාමුදුරුවනේ රටේ අලුතින් ඇතිකලයුතු අලුත් කර්මාන්ත ගැන මේ පුංචි අපිට අදහස් දීමට බැරිය. නමුත් රටපුරාම වෘත්තීය සඳහා යන මා, අපේ රටේ මිනිසුන් ඉඩම් වලින් ප්‍රයෝජන නොගන්නා බව නම් දකිමි. වස්ගමුව පළාතේ අක්කර ගණන් ඉඩම්වල ඇත්තේ ලාඩප්පා ගස්ය. කර්තකොලොම්බන් අඹ ටිකක් වවන්නකෝ.. එවිට ඵලදාව පිටරට යවන්නත් අනිකුත් කර්මාන්ත වලට ගනීවිනේ. චීන අපිට කුඩා දැල් බෑග් වල එවන පොඩි නාරං... මැෂින් වල හදන එවානොවෙයි. ඒ අයගේ රටේ වැවෙනවා. තායිලන්තයෙන් පිටරට යවන බෝතල් කළ වරකා, රඹුටන් මැෂින් වල හදනවා නොවෙයි.., වවනවා. අනික තම ඉඩමේ වවා ගැනීමට කාටවත් පගාව දියයුතු නැත.
පියල් මහත්තයෝ, ඔය ඡන්දෙ `ජනමත විචාරණයක්` හැටියට ගත්තොත් .. පොහොට්ටුව පරාදයිනේ! 45% අරගන පුළුවන්ද ජනමත විචාරණය දිනන්න? අනිත් කාරණාව, පොහොට්ටුවන්ට පුළුවන්ද ජනමත විචාරණ ප්‍රකාශ කරන්න? මොන බලයක් ඇතුවද?
ඔබ වහන්සේගේ ලිපිය දැක්කම පුදුම හිතෙනවා. මෙයට අවුරුද්දකට විතර කලින්, විවිධ පාර්ශව රජයට චෝදනා කරනකොට ඔබවහන්සේ ප්‍රකාශයක් කරා නම් රජයට සංවර්ධන වැඩ, දේශපාලන පළිගැනිම්වලින් තොරව කරන්න කියලා. රජය නිවැරදි මාර්ගයට ගන්න යම් ඉඩකඩක් තිබුණා. එ්ත් දැන් නම් නහයටත් උඩින් ගිහිල්ලා.
ඔබ වහන්සේ බණක් කියලා., අනෙක් අයගේ සිතට යමක් දුන්නා නම් හොඳයි... මේ ප්‍රශ්නෙන් අෑත්වෙලා තවත් රට අවුල් නොකර... අවසර !!!