(බිඟුන් මේනක ගමගේ)
ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි අගමැතිවරයා ධූරයෙන් ඉවත් කළ නොහැකි යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වැනි සංශෝධනය සිදුකිරීමෙන් පසු මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි කී හෙතෙම අගමැතිවරයා ධූරයෙන් ඉල්ලා නොවන අවස්ථාවක එසේ ඉවත්කිරීමක් දැන් සිදු කළ නොහැකි යැයි ද අවධාරණය කර කීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(2) වගන්තියේ මේ බව පැහැදිලිව සඳහන් වන්නේ යැයි ද ආචාර්ය මහානාමහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
5 ද 6 ද කියාලා අහද්දීත් මේක නේද සිද්දවුනේ?
රනිල්ට දැන් සැපද .පබයෙක් රජ කෙරුවට ,
අපේ අගමැතිතුමාගේ වෙලාව හොඳයි. ඔහු අවංකයි. අනෙක් අය වගේ නොවේ.
එහෙනං කලින් වතාවේ වුණේ කොහොමද?
ජනාධිපතිතුමා ඒක වත් දන්නේ නැද්ද?
43 (3) අනුව ජනාධිපතිවරයා සම්පුර්ණ ඇමති මණ්ඩලය විසුරුවන අවස්ථාවක අගමැති ධුරයද අහෝසිවනු ඇත.
තමන්ගේ දේශපාලන ගැතිකම් අනුව නේද අැමති මණ්ඩලය විසුරුවාම අගමැතිකම නැතිවෙනවා කියන එක හැංගුවේ මොකද?
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තේරුම් ගන්නවත් දන්නේ නැති අය කොහොමද රටක් පාලනය කරන්නේ? ඇමති මණ්ඩලය විසුරුවන්න තිබෙන හේතුව කුමක්ද? මොකද අර හොරු රැලට නැවත රට කන්න දෙන්නද හදන්නේ?
පිටකොඳු නාරටියක් නොමැත. මුදලට වහල් වී ඇත.
43 (3) ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවකදී වුවද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්යය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීමද කරනු ලැබිය හැක්කේය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේය.
දේශපාලනය කියවීමේදී ඇහැට පෙනෙන දේ පමණක් නොව එහි විරුද්ධාභාෂයද කියවීමට හුරු විය යුතුයි. මේ පිළිබඳ හොඳම උදාහරණය වන්නේ දැන් අප රටේ කාගේත් අවධානයට පත්ව ඇති " බ්‍රේකින් නිවුස්" කෝලමයි. එනම් කිසියම් මාධ්‍ය ආයතනයක් මඟින් අපවිත්‍ර අවලස්සන හඩු මාධ්‍ය සම්ප්රදායක් රටට හඳුන්වාදෙමින් කාලාන්තරයක් තිස්සේ එක්තරා දේශපාලඥයෙකු එළවන්නට තැත් කරන පිළිකුල් සහගත අඳ බොළඳ උත්සාහය හරහා සිදුවෙමින් පවතින්නේ එම පුද්ගලයාගේ අඩිතාලම පක්ෂයතුලත් පාක්ෂිකයින් අතරත් තව තවත් ස්ථාවර වීමය. තිස්තුන් පැය පුරා ක්‍රියාත්මක මේ කමකට නැති කෂඩ නෙයියාඩගමෙන් රටට කියාපාමින් සිටින්නේ එම තැනැත්තා කොතරම් මඩ ගැසුවද, නොසැලී තමන්ගේ වැඩ කටයුතු පාඩුවේ කරගෙන යාමට තරම් ආත්ම විශ්වාසයක් සහිත ප්‍රබල චරිතයක් බවයි. මඩ ප්‍රහාරයට ලක්ව ඇති කෙනාගේ දේශපාලන භාවිතාව පිළිබඳ සියුම් නිරීක්ෂණයක් නොමැති සාමාන්‍ය ජනයාට පවා මේ නිසා ඔහුගේ ආත්ම ශක්තිය පර්වතයක් සේ පෙනෙන්නට පටන් ගෙන ඇත. "කොච්චර ගැහුවත් වැටෙන්නේ නැනේ" යැයි මහජනයා කතාවෙති. මේ සජීවී විකාශ නාඩගම විසින් පැහැදිලි ලෙසම, ලාංකීය දේශපාලනයේ මහාපොදු සාධකය බවට ඒ පුද්ගලයා නැවතත් ඔසවා තබා ඇත.
(43) (3) වගන්තිය මෙසේය. “ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවකදී වුවද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම ද කරනු ලැබිය හැක්කේ ය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරණ වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බලනොපාන්නේ ය.“ (සංයුතිය වෙනස් කල හැක නමුත් අහෝසි කල නොහැක.)
ආ!! ඔහේ දැන් ඒ පැත්ත අරගෙනද? ඒ දවස්වල මහින්දට නේද කඩේ පිලේ ගියේ?
දැන් බලනකොට මේ ජනාධිපතිට මුකුත් කරන්න දන්නේ නැහැනේ...
සංයුතිය වෙනස් කලහම මේ අයගේ බලකාමිත්වයත් අහෝසි වෙනවා. බලයෙන් තොරව ඔතන ඉඳීමෙන් වැඩක් වෙයිද කියල හිතන්නත් වෙලාවක් එනවා. ඔය මිනිස්සු මිය ගිය පසුත් පෙරේත්යින් වී ඉපිද දියවන්නාව අසල හොල්මන් කරනවා නියතයි.