බිඟුන් මේනක ගමගේ
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකරන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධූරය නොලැබෙන්නේ යැයි ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ‘ලංකාදීප’යට පැවැසීය.
සන්ධාන අගමැතිවරයකු බිහිවුවහොත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විපක්ෂයට එන්නට සිදුවනු ඇතැයි කී හෙතෙම ඒ අනුව විපක්ෂයේ වැඩිම මන්ත්‍රීන් ගණන නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයට විපක්ෂ නායක ධූරය හිමිවිය යුතු යැයි අවධාරණය කළේය.
පළාත් පාලන මැතිවරණ ප්‍රතිපලය අනුව විපක්ෂ නායක ධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලැබිය යුතු යැයි පාඨලි චම්පික රණවක ඇමැතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හාදයත් බයිලා කියන ගමන්ම නේද ඉන්නේ?
ඔය අතරතුරේ ආණ්ඩුවේ උළුගෙදර පැත්තේ යාළුවො බලන්න නෙවේ. බෝඩින් වෙන්නම යන්න වුණොත් සේරම හබක්...
මේ කතාව ඇත්ත. පාඨලී රණවක මොනවා කියවනවද මන්දා...
මේ ඡන්දය මහින්ද රාජපක්ෂ නිසා දිනපු ඡන්දයක් පමණයි. එ්ත් කලබල වෙලා ඉන්නේ ගම්මන්පිල, ගුණවර්ධන, වීරවංශ යන අයයි. මතක තබා ගත යුතු දේ නම්, මේ අය නිකම් බෙරිහන් දුන්නට, මහින්ද රාජපක්ෂගෙන් තොරව මේ අයට පැවැත්මක් නැහැ.
අවුරුදු 3කට මන්ත්‍රී පඩි, වාහන පහසුකම් සහ අනිකුත් දීමනා ඈතුලු සියලුම දේ ලබාගෙන ඔබ මේ රටට, ජනතාවට කරපු එක සේවයක් කියන්න.
මෙයාට වෙන වැඩක් නැත්ද?
මේ තවත් ඉස්සෙක්.. අර ඕස්ට්‍රේලියන් කාරයට අච්චර වංචාවක් කරල ' පිවිතුරු ' වෙන්න යනව.
එතකොට මේක පාර්ලිමේන්තු චන්දයක්ද තිබ්බේ. මන් හිතුවේ පළාත් පාලන මැතිවරණයක් කියල. මට පිස්සු.
මොහු නිතරම බලන්නේ මොකක් හරි දෙයක් අද්‍යනය කර මෙහෙම තමයි වෙන්නේ කියා ප්‍රචාරය කිරීමටයි නමුත් කියන කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ .. ඒවුනාට හොඳට ප්ලෑන් කරලා අර ඕස්ට්‍රේලියා ජාතිකයාට දුන්න ගේම විතරක් සාර්ථක වුනා.
බැහැ නෙවෙයි, මෙයාට ඕන පරණ තාලෙටම මහරජා කරගන්න.