(බිඟුන් මේනක ගමගේ)
ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවල එකඟතාව අනුව නිමල් සිරිපාල ඇමැතිවරයා අගමැති ධූරයට පත් කෙරෙන ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
පිහිටුවීමට නව ආණ්ඩුවේ ඇමැතිකම් ලබාගෙන සහයෝගය තහවුරු කරන්නැයි ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා සිටි නමුත් එය එසේ වීමට නම් අගමැති ධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන්නැයි තමන් ඉල්ලා සිටියේ යැයි ද මන්ත්‍රීවරයා කීය.
එහෙත් ජනාධිපතිවරයා එම ඉල්ලීමට එකඟ නොවන බැවින් ඇමැතිකම් ලබා නොගෙන ආණ්ඩුවට සහාය දැක්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළේ යැයි ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පරණ දේවල් ( හොරකන් ) අමතක කරන්නත් එකඟ වුණා.
දැන් මේ සැමෝම එකඟ වුනා කියන්නේ , මේ රට විහිලුකාරයන්ගේ දේශයක්ද ? රටේ නීතියක් නැද්ද ?
ජනාධිපති තුමෝ, පසු ගිය සතියේ දීත් හොරුන් සමග පාලනය කරන්නේ නැතැයි අපට කී ඔබ මහින්ද සහ ඔහුගේ හොරු මුල සමග එකතු වන්නට යනවාද? ඔබට "සිරිසේනෝ, සිරිසේනෝ" යි අඬ ගැසූ වීරවංශගේ හඬට ඔබ කීකරු වුනාද? ලැජ්ජා නැති කම ජනාධිපති කමටත් වඩා ලොකු වෙයිද?
බල තණ්හාවෙන් පිස්සු නටන රටේ නායකයෝ................
දැන් සතුටුයි නේද ? අර ඕස්ට්‍රේලියන් මනුස්සයාගේ හොරකම් කරපු සල්ලි ටික නොදී ඉන්න පුළුවන්නේ නියම පක්ෂයේ නම ( පිවිතුරු හෙළ උරුමය ) මෙහෙම උන් ඉන්න රටක අපිත් ඉපදුනනේ ..
කාටද? පත්තියන්.............පිස්සු....
වෛරයෙන් වෛරය නොසන්සිඳේ..............
ඔය වගේ දෙයක් මහජනයා බලාපොරොත්තු වූයේ නැත එමනිසා පොහොට්ටුවට ඡන්දය දුන් මහජනයා මුලානොකොර ජනාධිපති කැමැත්තට යුඇන්පිය සමග දීගය කොරගෙන ගොස් 2020 දී පොහොට්ටු රජයක් ගෙන එන්න. මේ වැඩෙන් පොහොට්ටු ජනයා සියට 50% ක්ම අමනාපවනවා නොඅනුමානය?
ඕක තමයි අපිට ඕන කරේ
"අගමැති ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන්නැයි තමන් ඉල්ලා සිටියේ යැයිද ... එහෙත් ජනාධිපතිවරයා එම ඉල්ලීමට එකඟ නොවන බැවින්....". ආයෙත් වරක් මහින්ද අගමැති කරවීමට එයාගේ හෙන්චයියලා ඉස්සරහට දමන කෝලම වේදිකාවට ගෙනැල්ලා! මෙයාගේ චූටි මොලේට නොතේරෙන දේවල් ජනාධිපතිවරයාට දැනෙන එක රටේ සුබසිද්ධියට හේතු වෙනවා! ඔබත් කළු කෝට් අඳින නීතිඥයෙක් වුණත් රටේ ව්‍යවස්ථාව ගැන මෙලෝ දැනීමක් නැතිබව පේනවා... ජනාධිපතිතුමාට කරපු ඉල්ලීමෙන්ම !!!