( තිළිණි ද සිල්වා)
ඉතා ඉක්මණින් මහ මැතිවරණයක් අවශ්‍ය බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී පැවසීය.
මේ වන විට රටේ ව්‍යාකූල තත්ත්වයක් පවතින බව කවුරුත් දන්නා බවත් එබැවින් මහමැතිවරණයක් ඉල්ලා සිටින බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා කීය.
ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගනිමින් ඊළග සටනට සැරසෙන්නේද යන්න මෙහිදී මාධ්‍යවේදීන් හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසූ අවස්ථාවේදි ඔහු කියා සිටියේ ‘අපි හැමදාමත් රට වෙනුවෙන් සටන් කළ අය බවත්, අපි ඉල්ලන්නේ මහ මැතිවරණයක්‘ බවත් ය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙනැල්ලා මහ බැංකුවට පත් කරපු කෙනා වහාම අර්ජුන් මහේන්ද්‍රන් ගෙනැල්ලා ලංකාවේ උසාවියට ඉදිරිපත් කල යුතුවෙනවා නේද? මිනිහ තමයි අර්ජුන් මහේන්ද්‍රන්ගේ ඇප කාරයා වුනෙත්. එහෙම කෙනෙක් කොහොමද රටේ අගමැති වෙන්නේ?
හිරගෙදර හිරකාරයන් මාරු නඩුව ඉක්මන් කරන්ඩ.
ඇමරිකාවේ හැංගිලා ඉඳල ඉක්මනට අවේ ඕක කරගන්න තමයි
සුදු වැන් ලෑස්තිද ? යුද්දයට මුව වෙලා මිග් ඇවන් ගාර්ඩ් වලින් ගහපු මහජන මුදල් ආපසු ගෙනෙනවද ? අර දීපු ඇත් පැටව ආපුහු ගන්නවද ? කුඩු වෙළඳාම පටන් ගනවද ? මේ සේරම මිනීමොර්රු හිටපු මාලිගාව නැවත ඉල්ල්ගන්නවද ? නියමයි.
දීල තියෙන උත්තරෙන් පේනවා ඇමරිකාව අතහරින්න බැරිබව.
මැතිවරණයක් ? ලංකාවෙන්ද? ඇමරිකාවෙන්ද?
ඕක ඇමරිකාවෙන් ඉල්ලන්නකෝ අනේ්.. ඔයා එහෙ නේද?
දක්ෂ මනුස්සයෙක්... අපහාස කරනකොට බුද්ධිමත්ව තර්කානුකූලව කරන්නට ඕනේ.. නිරපරාදේ මනුස්සයින්ට අපහාස කරන අනුවණයින්ගේ ගොන් වැඩ..
කලබල වෙන්න එපා මල්ලි දෙන්නම් මහමැතිවරණය 2020 දී. එතකම් ආපහු ඇමරිකාවට ගිහින් සැප විඳින්න. රටේ යුද්ධය තිබුණු කාලෙදීත් මෙහේ හිටපු නැති කෙනෙක් කොහොමද වර්තමානයේ රට ගැන කිඹුල් කඳුළු හෙලන්න ඉක්මනට දුවගෙන ආවේ?
රටට විශාල සේවයක් කල මෙතුමාගේ වටිනාකම රටට ආදරයක් තියෙන මිනිසුන් දන්නවා.
මේ අය රටට කරපු සේවයක් නැ.
අපේ අනාගත ජනපති තුමන්ට ජයවේවා!!!!!!!!!!!
යුද්ධයට බයේ පැනලා ගියා කිව්වට, මම හිතුවෙ මඩක් ගහනවා කියලා. බලාගෙන ගියහම කථාව ඇත්ත. අනේ මන්දා,
ඇමරිකාවේ පුරවැසිබව තියෙන අයට ඒ රටේ දේශපාලය කරන්න පුළුවන්. ඇයි ලංකාවම ඉල්ලන්නේ.
කලින් කිව්වා නේද ඔයා ඇමරිකානු පුරවැසියෙක් කියලා. ඉතින් කොහොමද ලංකාවේ ආණ්ඩුවෙන් එහෙම ඉල්ලන්නේ. ගිහින් ට්‍රම්ප් ගෙන් ඉල්ලන්න.
පේනවා නේද පුරවැසිභාවය ගැන අහනකොට මග හැර ගිහින් දෙන පිළිතුර ...
මෙයාට මොකද්ද තියන තදියම? තමන් කවුරු කියලා හිතාගන ඉන්නවද මන්දා !
ආ.. මෙච්චර දවස් කොහෙද හිටියේ? මව් රටට ගිහින් හිටියා වගේ.. ඡන්ද ප්‍රතිඵල හොඳ නැතිනම් මෙහෙම ඒවිද? ෂා... පුදුම දේශප්‍රේමීන්නේ...
අපුරු සූට් එකක්නේ. සැවිල් රෝ ද නුඩි කොන් ද? කෝක වුණත් හොඳ ගානක් යන්න ඇති.
ඉක්මණට නොකළොත් ඉවරයි. අන්න ලසන්තගේ මරණය ගැන පොලිස් ලොක්කෙක් ප්‍රකාශයක් කරන්න කැමති වෙලා..