රංජන් කස්තුරි
රටතුළ තිබෙන දේශපාලන තත්ත්වය නොසලකා කිසිඳු පසුබෑමකින් තොරව සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) අමාත්‍යාංශය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබේ.
මැතිවරණයකින් පසුව දේශපාලන කේන්ද්‍රයේ විවිධ වෙනස්කම් සිඳුවීම සාමාන්‍ය කරුණක් වන අතර එම දේශපාලන තත්ත්වයවන් නොසලකා ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙනයන ලෙසද ජනාධිපතිවරයා අමාත්‍යංශ ලේකම්වරුන්ට දන්වා තිබේ.
අමාත්‍යංශ ලේකම්වරුන් අද දහවල් කොළඹ ජනාධිපති කාර්යාලයට කැඳවා ජනාධිපතිවරයා එම උපදෙස් ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ අවුරුදු තුනටම නවත්තන්න බැරි තරමට කරගෙන ගිය සංවර්ධනය?
ඔය කිව්වට වැඩක් වෙයිද? අලව්ව ගිරිඋල්ල පාර වන කරලා දැනටම බාගෙට කඩලා දාලා. පසුගිය දෙසම්බරේ කොන්ත්‍රාත්කාරයෝ සල්ලි ලැබුනේ නැහැ කියල වැඩ නැවැත්තුවා. පස්සේ සොච්චමක් දීලද කොහෙද ආයෙත් වැඩ පටන් ගත්ත. මේපාරනම් ඒ අය යන්නම ගියා අපට අතින් කාලා හරක් බලන්න බැහැ කියලා. රටට එන සංචාරකයෝ වැඩි පිරිසක් ගුවන් තොටුපොළේ ඉඳන් මහනුවරට යන්නේ මේ පාරේ. ඒ අය මේ සුන්දර මාර්ග සංවර්ධනය දැකලා හෙම්බත් වෙලා. සමහර වෙලාවට ආයේ ආයෙත් එයි ඒ සුන්දරත්වය බලන්න. ලේකම්ලට කිව්වට සල්ලි නැතුව කොන්ත්‍රාත්කාරයෝ පාර හදයිද?
විශිෂ්ඨ ප්‍රකාශයක් ජනපතිතුමනි, ඔබතුමා පසුගිය වසර තුනේදී කරපු යෝධ සංවර්ධනය සමහරු දැක්කේ නැහැ. නමුත් බහුතර ජනතාව නිදහස් පක්ෂයේ වැඩපිළිවෙල අනුමත කර රෙජීමය පරාජයකළ බව ඡන්දයෙන් පැහැදිලි වුණා.
ජනාධිපතිතුමනි, අපි ඔබතුමා වෙනුවෙන් කඩේ ගිහින් කුණු වූ බඩු බාහිරාදිය ගෙදර ගෙනාපු තරුණයෝ තමයි අපි.. දෙලොවටම පලක් නැහැ... ඒ නිසා මෙලොව ජීවත් වෙන අපි වගේ තරුණයින්ට සේවයක් කළ හා අනාගතයේදී අපි වගේ තරුණයින්ට වගේම රටේම ජනතාවට සේවයක් කරන අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ රට බාරදෙන්න. ඒ කරන පිනම ඇති, වැඩකට නැති, ඔබතුමාට නිවන් යන්න !!
දවල් හීන කාරයින්ට උපදෙස් දෙන්න මෙතුමා හපනෙක්...
ඒක තමයි සමන් මමත් මේ හොයන්නේ.. මොනවද මේ අවුරුදු තුනටම නවත්තන්න බැරි තරමට කරගෙන ගිය සංවර්ධනය කියලා.
අද බොහෝ දෙනෙක් අසන ප්රශ්නය මහින්ද පාර්ශවය ජනාධිපතිවරණයකදී 50% දිනන්නේ කෙසේද යන්නයි. ජවිපෙ, ඒජාප, නිප මේ ඔක්කොම ජනාධිපතිවරණයකදී එක පැත්තක්. මේ යන විදිහට ජනාධිපතිවරණයක් දිනීමට නම් පොහොට්ටු පක්ෂය තුල විශාල වෙනස්කම් ප්‍රමාණයක් කල යුතුව ඇත. රාජපක්ෂවරුන් ඉවත් කිරීම මේ අතරින් ප්‍රධාන වේ. නෙපොටිස්ම්වලට ජනතා විරෝධය ඊට හේතුවයි. රාජපක්ෂ සහෝදරවරුනි, දරුවනි, දැන්වත් ජනමතයට හිස නමා දේශපාලනයෙන් ඉවත් වෙන්න.
"මොනවද මේ අවුරුදු තුනටම නවත්තන්න බැරි තරමට කරගෙන ගිය සංවර්ධනය?" මමත් අහන්න ගියේ ඔය ප්‍රශ්නයම තමයි.
ලේකම්වරුන්ට ඉක්මණින් වැඩ කරගෙන යන්න වැඩ පිළිවෙලක් තියනවාද? කියලා බලන්න ඕනෑනේ. කයිවාරුව මිසක වැඩපිළිවෙලක් නෑ. ප්‍රාදේශීය සභා වල අලුතින් ආපු කට්ටියත් වැඩ ඇල්ලුවාම රට හොඳටම සංවර්ධනය වෙයි කියලා හිතෙනවා. රජයක් වුණාම රටට අහිතකර කොයියම්ම ආකාරයේ තීරණවලට එන්න හොඳ නෑ. ප්‍රාථමික පංතියක් වගේ. මිනිසුන් බලන්නේ සාපේක්ෂව මේ ඡන්දෙදීත් ටිකක් හොඳ විදියට ඡන්දය දෙන්නයි.
සංවර්ධන කටයුතු එපරිද්දෙන්ම සිදුවිය යුතුයි.
එතුමාට අවුරුදු 3 කට පස්සෙද ලේකම්තුමාලා හමුවෙලා තියෙන්නේ? ලේකම්ලාගේ ප්‍රගතිය පත්තරෙන් බලන්න ඇති. ප්‍රේමදාස අතිගරු ජනාධිපති තුමා සෑම මසකට වරක් කවදාවත්ම අතපසු නොකර සහභාගී වුණා විතරක් නෙවෙයි ඒ පිළිබඳ පසු පෝෂණයද තිතටම ඉෂ්ට කළා. නිලධාරීන්ගෙන් අකුරටම වැඩගත් ලංකාවේ එකම කාර්යශුර දේශපාලනඥයා. කියන්න හරිම කණගාටුයි. අනේ ඒකට මුන්නැහේලා. මගේ රටට දළදා හිමි සරණයි!!!
අනේ මෙයාගේ බයිලා...
පළාත් පාලන මැතිවරණයෙන් ආසන දිනාගැනීමට සමත්වූ දෙතුන් දෙනා ගෙන්වාගෙන, පක්ෂයේ තීරණ පිළිනොගෙන වෙනත් දේවල් කරන සියලුම දෙනා අස්කරනවා. අස්කරනවා.. අස්කරනවා... මයි, කියන ඔබතුමා පක්ෂයේ ජන බලය සියයට හතරට බස්සවමින් වෙනත් පක්ෂයක් ජයග්‍රහණය කරවීමට කටයුතු කල පක්ෂයේ අනුශාසක ඇතුළු අනෙකුත් සාමාජිකයින්ට පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව විනය මාර්ග ගැනීමට පසුබට වන්නේ මොකද කියලත් පහදා දුන්නොත් නේද හොඳ?
අද රටේ ජනතාවගේ ජීවන වියදම් වැඩියි. පාර්ලිමේන්තුවේ නිකන් කන අයට මේවා තේරෙන්නේ නැහැ. මහ වැඩකට නැති සංවර්ධනය පැත්තකින් තියලා... මේවාට යන සල්ලි ලංකාවෙම ඉන්න ගොවියන්ට බෙදලා දෙන්න.
බලයට ආපු ගමන් සියලු සංවර්ධන වැඩ වහා නැවැත්තුවේ ඇයි? දැන් කිසි දෙයක් නැත. රනිල් ආවේ තමන්ට වසර 20ක් බලය නොදුන්න ජනතාවගෙන් පලිගන්න. එජාපයට තාමත් ඡන්දය දෙන මෝඩයන් සිටියි.
රටේ කෙරෙන වැඩ ගැන දැනගන්නේ පත්තරෙන් නිසා ලේකම් වරුන්ටත් සංවර්ධන වැඩක් රටේ කෙරෙනවා නම් ඒවා කරගෙන යන්න කියා පත්තරේ දැම්මා නම් ඉවරයිනේ. එතකොට ජනතාවත් දැනගන්නවා ඔබ රට ගැන බොහොම උනන්දුවෙන් වැඩ කරනවා කියලා...
මොන සංවර්ධනය ගැනද මේ කියන්නේ? පොල්ගෙඩිය 100ට යවපු එකද?
පහුගිය අවුරුදු තුන නිදාගෙනද හිටියේ?