රංජන් කස්තුරි
පළාත් පාලන ආයතනවලට සභිකයින් පත්කිරීමේදී අනිවාර්ය කාන්තා නියෝජනය ගැටලුවක් වී ඇතැත් මෙවර පැවති මැතිවරණයට අදාළ වන සේ පනතට සංශෝධනය සිඳුකළ නොහැකි යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි.
එවැනි ගැටලුවක් තිබේනම් ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්දයකදී ඒවා නිවැරදී කර ගැනීමේ හැකියාවක් තිබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙවර 2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නව නීතියට අනුව සිඳුකළ හෙයින් ඒකී නිතිය යටතේ සභිකයින් තෝරාපත්කර යැවිය යුතුවන බවද එහි දක්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණයට තරඟ කරන අවස්ථාවේ මැතිවරණ කාර්යාලයෙන් උපදෙස් පත්‍රිකාවක් ලැබුණා. එහි පැහැදිලිව සඳහන් කළා. 69% ක් කොට්ටාශ මට්ටමින් හා 40% ක් සමානුපාතික මට්ටමින් ලබා ගන්නා බව. අවසන් ලෙස සඳහන් කලේ කාන්තා 25% ක අපේක්ෂිකාවන් පත් කරන අයුරු.. ඒ අනුව 20% අඩු හා මන්ත්‍රී ආසන තුනට අඩු පක්ෂ ඉවත් කොට ඉතිරි පක්ෂ ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයන් එකතු කොට එය අදාල ප්‍රාදේශීය සභාවට හිමි කාන්තා අපේක්ෂක සංඛ්‍යාවෙන් බෙදා ලැබෙන අගය තීරක අගය ලෙස ගෙන ඒ ඒ පක්ෂ ලබා ගත් ඡන්ද ප්‍රමාණයන් තීරක අගයෙන් බෙදා කාන්තා නියෝජිතයන් එම පක්ෂ සඳහා පත් කරන බව. එසේ වුවද, දැන් ක්‍රියාත්මක කිරීමට යන්නේ ජයග්‍රහණය කරන ලද පක්ෂ සඳහා කාන්තා නියෝජිතයන් නොදී පරාජිත පක්ෂ සඳහා එම අවස්ථාව ලබා දීමයි. එය මහජන මතයට පයින් ගැසීමකි. කාන්තා ඡන්දයට කල අසාධාරණයකි.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මේ රටේ පරමාධිපත්‍ය දරන්නේ මහජනතාව මිස කවර හෝ අමාත්‍යාංශයක් නොවේය. කාන්තා නියෝජනය පිළිබඳව ජනතාව තීන්දුවක් ලබාදී ඇත්නම් ව්‍යවස්ථාදායකයේ යුතුකම ඒ වෙනුවෙන් නීති සම්පාදනය කිරීමයි.
පනත හදපු කෙනා තමයි අල්ල ගන්න බලාගෙන ඉන්නේ.
මහරගම ජල්බරිය නියමයි. අංශභාග ලෙඩෙකුත් බඩල්ගම ඉඳල බයිසිකලෙන් ඇවිත් දිනුවයි කියල කියනවනේ!. මැරිච්ච මිනිසුන්ට වුණත් කමක් නැහැ අපායෙන් හරි ඇවිල්ලා ඡන්දෙ ඉල්ලලා දිනන්න පුළුවන් විදිහට පනත සංශෝධනේ කරන්න.