කොතෙකුත් දේශපාලන හැලහැප්පීම්, තර්ක විතර්ක මෙන්ම අර්බුද මැදින් ජීවිතය ගෙවී ගියද තම දරුවන් ක්‍රීඩා කරන රග්බි තරගයක් නැරඹීමට යාමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ශිරන්ති රාජපක්ෂ මහත්මියත් අමතක නොකරති. කොළඹ තුරඟ තරග පිටියේදී (17 වැනිදා) සී.එච්. පිල සහ සී.ආර්. පිල අතර පැවැති තරගය නැරඹීමටද මහින්ද රාජපක්ෂ මහතාත් ශිරන්ති රාජපක්ෂ මහත්මියත් පැමිණ සිටියහ.
ශ්‍රී ලංකාවේ පැරණිතම රග්බි තරගාවලිය වන ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලියේදී සී.එච්. ඇන්ඩ් එෆ්.සී. පිලට නායකත්වය දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ බාලම පුතණුවන් වන රෝහිත රාජපක්ෂයි. මද්දුමයා වන යෝෂිත රාජපක්ෂද සී. එච්. පිල වෙනුවෙන් ක්‍රීඩා කරන අතර ජ්‍යෙෂ්ඨයා වන නාමල් රාජපක්ෂ උපදේශකවරයකු ලෙසින් සී.එච්. පිලට එක්ව සිටී.
කොළඹ තුරඟ තරග පිටියේදී ඊයේ පැවැති මෙම තරගයේදී යෝෂිත සහ රෝහිත ක්‍රීඩා කළ සී.එච්. පිල ලකුණු 46-29 කින් පරාජය කිරීමට සී.ආර්. කණ්ඩායමට හැකිවිය.
ඡායාරූපය - ගයාන් අමරසේකර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දරු සෙනෙහසම තමයි තාජුඩීන්ගේ දෙමව්පියන්ටත් තියෙන්නේ..
ඒ කාලේ මෙතන කොට කොටා දේශපාලන බලෙන් රගර් ගහනවා කිව්ව අයට පේනවා ඇති, යෝශිතලා, රෝහිතලා තාමත් රගර් ගහනවා කියලා. මොකද දක්ෂතාවයක් නැත්තම් ඔය සමාජ වලට තාමත් ගන්නේ නැහැනේ... අනෙක් ඒවත් ඔය වගේ තමයි. ඒකට කියන්නේ ගොබෙල්ස් නියාය කියායි.
බලය තියෙද්දී ඔය තරගය පැරදුණා නම් විනිසුරුවන් හා ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ සියලුදෙනා අම්බානක ගුටි කනවා.
කොයි කෙනාද මනාප, අමනාප දාන එක හිරකරලා තියෙන්නේ?
අනේද කියන්නේ? රගර් තියා නීතිය දන්නෙත් නැහැ ඔය නීති මහත්තයා. මේ ගොල්ලන් ගහන රගර්...
තවත් බොහෝ දෙනෙකුට තාජුදීන්ව මතක් වෙනවා ඇති!
ගෙදරට වෙලා හිටිය නං ඔය තරගය දිනා ගන්න තිබ්බා. ඉස්සර ක්‍රිකට් මැච් වලටත් වුණේ ඔය සිද්ධියම තමයි.
අනේ මොනවද? ඔයාලා දන්නා රගර් ! මම දන්නෙත් නැහැ අප්පා.
මම කිව්වා යන්න එපා කියල, ගියොත් පරාදයි.
බටලන්ද කුමක්ද යන්න නොදන්නා ජන පිරිස සිටීම කරුමයකි.
තජුදින් ඔබ කොහේ සිටියත්. මේ මැච් එක පරද්දුවා වගේ. ඔබගේ. නඩුවත් දිනන්න කිසිම. දෙයක්. නොකරපු. ගානට ඉදගේන ඉන්න ලස්සන
වයස 60 පැන්න මට නම් ඔය බම්බු කලිසම් අල්ලන්නෙන් නැහැ සායක් හරි සාරියක් මිස
මේ පුත්තුන්ට රගර් ගහන්න තියා ක්‍රීඩක ආදේශ බැංකුවේ වත් වාඩිවෙන්න දක්ෂ නොමැත කියලයි කියන්නේ ..
අපේ මිනිස්සු කතා කරන්නේ හරියට මේ රගර් ක්‍රීඩාවත් අපි හොයා ගත්තා වගේ මහා ලොකු දැනුමකින්.
පහුගිය දවස්වල කඹ ඇදල,ඔය වගේ එකක් බලන එක හොඳයි.
බේබිල බෝලේ අතට ගත්තම කව්රුවත් ගේමට යන්නේ නෑ ... අැඟේ හැපෙන්න යන්නේ නෑ .. චාන්ස් එක දෙනවා ... ගියොත් වැඩේ තාජුඩීන් ! නාවික හමුදා - වැලිසර කඳුවූර , ගුවන් හමුදා - රත්මලාන / කටුනායක කඳුවූරු වල සේවය කල ඕනෑම සාමාජිකකගෙන් අහල ඇත්ත නැත්ත තහවරු කරහන්න පුළුවන් !
කෑවා නේ අම්බානට. .. ඒ දවස්වල රජ කු(මාරයෝ) පැරදුණා නම් CR එකේ කොල්ලොන්ගේ කෑලි හොයන්න වෙනවා
මෙයාලා දෙන්නාට ඒකාලේ මරාපු මිනිස්සුන්න්ගේ සොහොන්කොත්, මිනීවළවල් බලන්න යන්න කියන්න.
කොමෙන්ට් බලපුවම තේරෙනවා අපේ මිනිස්සු මොනතරම් වහල්ලුද කියල.. මේ දේශපාලුවෝ වෙනුවෙන් මේ මිනිස්සු මෙතන මරාගන්නවා.. උන් හොදට සතුටින් කලේ ගෙවනවා.. දැන්වත් හැදියල්ල..
පෙරේරා.. ඔයා තාජුඩීන් මරපු තැන සිටියා වගේනේ කතා කරන්නේ... ඒකට ඉතින් මොනවා කරන්නද?
ශිරා කලිසමට බැහැලා.. අද තමයි දැක්කේ.!!! ස්වීට්
හැමෝම දැනගතයුතු දෙයක් තමයි තාජුඩීන් මරනවා කවුරුත් දැකපු කෙනෙක් නැහැයි කියන එක. දේශපාලන මිනීමැරුම් ගැන බැලුවොත් කොටින්ට ආයුධ එහෙම දුන්නේ රටේ අහිංසක මිනිස්සු මරන්නනේ.. කොහොම නමුත් කොටි මරලා යුද්ධය දිනපු මහා රජ තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ...
ක්‍රීඩාවයි දේශපාලනයයි එකට අදා ගන්නේ නැතුව හිටියනම් හොදයි. මේ ක්‍රීඩා සමාජ දෙක රගර් පිටියේ පිළිගත් දෙකක්. ඔවුන් කවදාවත් අදක්ෂයන් කණ්ඩායමට දාල පරදින්න කැමතිවෙන එකක් නැත.
සාක්කි හංගපු හින්දා තමයි මේ හැමදාම පොලිසියේ කෙනෙක් ඇතුළට යන්නේ. එහෙම වුණේ ඇයි කියලා විස්තර කරන්න ඕනෙ නැහැනේ. ඔයාටත් ඔයාගේ පවුලේ කාටවත් මේ වගේ දෙයක් වුණේ නැති නිසා ඔයා මේ වගේ දේවල් ලියනවා. ඒත් වේදනාව දැනෙන්නේ ඒ නැතිවුණු අයට මිසක් අපිට නෙමෙයි. ඒක නිසා සාධාරණව හිතන්න. තව දෙයක්.. කොටින්ට ආයුධ දුන්නෙ බලෙන් නැගෙනහිර අල්ලගත්තු වර්ධරාජා පෙරුමාල් නැති කරන්න...
ඩේසි ආච්ච් ආවේ නැතෙයි?
ක්‍රීඩාවෙන් දිනුම පැරදුම දරාගන්න පුළුවන්නේ!