ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ
අද අලුයම 3.00 පමණ තලංගම විමලතිස්ස මාවතේ නිවසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් (51) හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇත.
සිද්ධියෙන් ඔහුගේ (48) හැවරදි බිරිඳ ද බරපතල තුවා ලබා ඇති බව පොලිසිය කියයි.සැමියා මියගොස් ඇත්තේ බරපතල තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනකු නිවසට පැමිණ මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවට තොරතුරු ලැබි ඇත.
එම ස්ථානයේ තිබී හිස් පතුරොම් තුනක් පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර තලංගම පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය දින කිහිපයකදීම වෙඩි තැබීම වැඩි වුණා. සාගල ඇමතිතුමා අස්වන නිසාදෝ කියා සැක සිතේ..
සක්කිලි දේශපාලනයක් තමයි.. ආරංචි විදිහට මේක කරලා තියෙන්නේ, කඩුවෙල උඩින්ම පරාදවුණු කට්ටියක් තමයි. ප්‍රාදේශීය සභාවක් පැරදුණා කියලා මිනී මරන සමාජයක් මේක... කුඩු කාරයින්ට, මිනී මරුවන්ට දේශපාලනේට ඉඩ දුන්නම මෙහෙම දේවල් වෙනවා. පොහොට්ටුවේ ආධාර කරුවෙක්ගේ යාලුවෙක්ට තමා මෙහෙම කරලා තියෙන්නේ... සක්කිලි ශ්‍රී ලංකා දේශපාලනයක් තමයි තියෙන්නේ...
මේ ආණ්ඩුව ආපු හැමදාම පාතාලයට රජ මගුල්. ආණ්ඩුව නීතියක් ගේන්න ඕනෑ පාතාලය ඇතුළු සියළුම නීති විරෝධී අවිආයුධ රජයට බාරදෙන්න. එහෙම නොවුණොත් රටේ සාමාන්‍ය මනුස්සයාටත් ජීවත් වෙන්න බැරි වෙනවා. මේ වගේ වෙලාවට තමයි රාජපක්ෂ යුගය හොඳයි කියලා හිතෙන්නේ.