තරිඳු ජයවර්ධන
පාර්ලිමේන්තු සැසිය කල් තැබීමක් සිදු නොවන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.
ජනාධිපතිපතිවරයා විසින් අති විශේෂ ගැසට්නිවේදනයක් මගින් පාර්ලිමේන්තු සැසිවාරය මාර්තු 26 වැනිදාතෙක් කල් තැබීමට යන බවට පැතිර ගිය ආරංචි ගැන ජනාධිපති ලේකම්වරයාගෙන් කළ විමසීමකදී ඔහු එසේ කීවේය.
පාර්ලිමේන්තු සැසිවාරය කල් නොතබව බවත්, හෙට දිනයේ පාර්ලිමේන්තුව පැවැත්වෙනු ඇති බවත් ජනාධිපති ලේකම්වරයා කීවේය.
අති විශේෂ ගැසට් පත්‍රයක් මුද්‍රණය කිරීමට එවන බව රජයේ මුද්‍රණාලයට කළින් දැනුම් දී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
“මහ බැංකුවේ මහා හොරකමට අධිකරණයේ සැකකරුවෙකු වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරිපත් නොවීම තුළ ඔහු හඳුන්වා දී පත්කිරීමට අනුබල දුන් අගමැති වරයා දැනටමත් එහි වග උත්තර කරුවෙකු බවට නිරායාසයෙන්ම පත්වී ඇත .”
ඇත්තටම ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ පොඩ්ඩක් හරි ඔලුව කල්පනාකර වැඩ කරනවා නම් කල යුත්තේ පාර්ලිමේන්තුව කල් තැබීමවත් අලුත් ආණ්ඩු පිහිටුවීමට සාකච්ඡා කරමින් කල්මැරීම නොවේ. මේ යහපාලන ආණ්ඩුවට එක්වීමට කැමති සියලුදෙනා එකතුකර හොඳ කැබිනට් මණ්ඩලයක් හදා වංචා, දූෂණ අවමකර ජනතාවට සහන සලසා පසුගිය රජයේ හොරුන්ට මිනීමරුවන්ට සහ අපරාධකරුවන්ට නීතිය මගින් දඬුවම්කර 2015 ජනවාරි 8 වෙනිදා ජනතාව බාරදුන් වගකීම මැනවින් ඉටුකිරිමයි.