( රංජිත් රාජපක්‍ෂ )
ලංකා කම්කරු කොංග‍්‍රසයේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතා අද (16) පක්ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වු බව එම පක්ෂයේ උප සභාපති හා භාණ්ඩාගාරික මධ්‍යම පළාත් අමාත්‍ය එම්.රාමේෂ්වරන් මහතා පවසයි.
මාධ්‍යයට විශේෂ ප‍්‍රකාශයක් කරමින් රාමේෂ්වරන් මහතා පැවසුවේ මුත්තු සිවලිංගම් මහතා රෝගි තත්ත්වයෙන් පසුවන නිසා මෙම තීරණය ගෙන ඇති බවයි.
මුත්තු සිවලිංගම් මහතා මෙතෙක් කල් ලංකා කම්කරු කොංග‍්‍රසයට කළ සේවය වෙනුවෙන් ඔහු එම පක්ෂයේ අනුශාසක වශයෙන් කටයුතු කරනු ඇති බවද රාමේෂ්වරන් මහතා ප්‍රකාශ කරයි.
කොටගල ලංකා කම්කරු කොංග‍්‍රස් මුලස්ථානයේ දී අද (16) පැවති එම පක්ෂයේ කෘත්‍යාධීකාරි රැස්වීමේදී පක්ෂයේ සභාපති හා මහා ලේකම් වශයෙන් අරුමුගන් තොන්ඩමන් මහතා පත් කෙරුණු බවත් මෙතෙක් භාණ්ඩාගාරික තනතුරක් නොතිබු බැවින් අද සිට තමන් භාණ්ඩාගාරික වශයෙන් පත් කරනු ලැබූ බවත් ඒ මහතා පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම පක්ෂයක්. පක්ෂ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික තනතුරු තුනම එකම පුද්ගලයකු සතුයී.