විනීතා එම් ගමගේ
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ජෙනරල් සරත් ෆොන්සේකාට දිය යුතු යැයි පුරවැසි බලය සංවිධානය කියයි.
ඔහු මාස හයක් යද්දී හොරු අල්ලා දෙනු ඇති බවත් මේ හොරු ඇල්ලීම වෙල්ලමුල්ලිවයික්කාල් සටන වැනි එකක් බවත් එම සංවිධානය මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (15) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පුරවැසි බලය සම කැඳවුම් කරු දඹර අමිල හිමියෝ පැවැසූහ.
බය නැතිකම කාර්යක්ෂමතාවය ඇති ඔහු හොරු අල්ලනු ඇති බවත් පොලිසිය හමුදාව ඒ සඳහා සීරුවෙන් තැබිය යුතු බවත් උන් වහන්සේ කීහ.
‘‘ මේ සියලූ කටයුතු වලින් ජාතික සාමය ස්ථාපිත කළ යුතුයැයි ද එසේ නොවුනහොත් ආයෝජකයින් පැමිණීම නැතිවී රට අස්ථාවර වේ යැයි ද අමිල හිමියෝ තව දුරටත් පැවැසූහ.
හොරු අල්ලන්න යද්දි මිනිමරුවන්ට රණවිරුවන් කියල අත අරින්න බැහැ. භික්ෂුවක් කියල හොරුන්ට සමාව දෙන්නත් එපා. නීති විරෝධී වැඩ කළ අය අතඅරින්න එපා. යුද්ධය ඉවරයි. යුද්ධ කරද්දි රණවිරුවෝ වුණත් යුද්ධය අවසන් වී මිනි මරන අය රණවිරුවො නොවෙයි. එක පෙළට තියා ද්‍රෝහින්ට දඩුවම් දිය යුතුයි. ඉතිහාසයේ මොන කැපකිරීම් කරල තිබුණත් ඒක වැදගත් නැහැ. ‘‘ යයිද දඹර අමිල හිමියෝ පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා ජනමතය කියන්නේ මොකක්ද කියලවත් නොදන්නා අයට තනතුරු දීල මේ රට මේ ඇතිකරගෙන තියෙන අරාජිකත්වය ඉදිරියේදී වර්ධනය කරගන්න ඕනෙනම්, ඔය කියනවා වගේ සරත් ෆොන්සේකාට දෙන්න. ඒකෙන් ආණ්ඩුව කෙරෙහි නැගෙමින් පවතින ජන අප්‍රසාදය තෙගුණ වෙලා රටට මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගන්නවත් බැරුව යාවි.
මමත් මේ අදහසට මුළුමනින්ම එකඟ වෙනවා.
සර් ජෝන් මැතිතුමනි, ඔබ අද සිටියානම් මම උණුඋණු තාර බාල්දියක් සමග ඔබ හමුවීමට එමි.
සරත් ෆොන්සේකා මහත්තයට කාන්තා කටයුතු ඇමැතිකම දුන්නොත් නරකද?
අපි කිව්වා හූනා කියන්නා වගේ.
නියම කතාව හාමුදුරුවනේ! ඇත්තටම සරත් ෆොන්සේකාට වැඩේ බාර දුන්නා නම් යුද්දේ ඉවර කළා වගේ කොනක ඉඳන් ඉවර කරලා දායි..
ශාසනයට වැඩක් නොකර දේශපාලනකාරයන්ට කඩේ ගිහින් වස්තු සම්පත් ලබා ගන්නේ ඇයි? එහෙනම් ගිහියෙක් වෙලා දේශපාලනේ කරන්න. ළමයින්ට උගන්වන එක කරන්න. මෙහෙම තමයි සිල් රෙදි කාරයින්ව ආරක්ෂා කරන්නේ...
භික්ෂුවක් කියලා හොරුන්ට සමාව දෙන්නත් එපා. නීති විරෝධී වැඩ කළ අය අතඅරින්න එපා. වැරැදි වහන්න බැහැ.
ගුණරත්න ඔබ එහෙම ලිව්වේ අපහාසාත්මකව කියලයි අපිට හිතෙන්නේ.. එතුමා ඒ ගණයට අයත් නොවන බව දන්නෝ දනිති.
අනේ හාමුදුරුවනේ, පළමුව ඔබ වහන්සේ දැනගත යුතු කාරණය නම්, දකුණේ යුද්ධයක් නොමැති බවයි. දෙවනුව, සාගල රත්නායක යනු මහත්මයෙකි. මෙම තනතුරට, එතුමාව ආදේශ කලහැක්කේ තවත් මහත්මයෙකුගෙන් පමණි. තෙවනුව, අපගේ සංස්කෘතිය අනුව, ආගම් භේදයෙන් තොරව සියලු පැවිද්දන්ට ගරු කිරීමක් සිදුවේ. එම උත්තම ගුණාංගය ඉදිරියටත් පැවතීම උදෙසා, ඔබ වහන්සේ පරිස්සමෙන් දේශනා කරන මෙන් ගරුත්වයෙන් ඉල්ලා සිටිමි.
ආණ්ඩුවට මෙහෙම වුනේ ඇයි කියලා හොයලා බැලුවානම් තේරෙයි පලිගැනීම මූලික කරගෙන නීතිය හසුරවපු නිසා පරාජය වුනු බව.මේ භික්ෂුව වගේම ෆොන්සේකා ඉන්නෙත් වයිරයෙන් බව ඕනෑම කෙනෙක් නොදන්නවා නොවෙයි ..ඉතින් එහෙම කෙනෙකුට මේ වගේ අමාත්‍යාංශයක් දුන්නොත් ජනාධිපතිට පවා තර්ජනයක් වනු නොඅනුමානයි
බුදුරජාණන්වහන්සේ තමාට එදා සතර පෙරනිමිති ගැන කියලා දුන්න, පෙර තම රියදුරු චන්න වයසට ගොස් මහණවී සැරියුත් මුගලන් හිමි වරැන්ට පවා අගෞරවයෙන් වැරදි ලෙස හැසිරැනත් බුදුරජාණන්වහන්සේ පිරිවන්පානතුරැ කිසිම දඩුවමක් කලේ නෑ.තමා පිරිවන් පාපුහාම චන්න හාමුදුරුවන්ට දඩුවම් කරන්න කීවේ. ඒ තමාට උදවු කල එකට, සතර පෙර නිමිති ගැන කියලා දුන්න එකට කලගුණ සලකන්න. බුදුරජාණන්වහන්සේ තමා පිට දුන්න බෝධීන් වහන්සේට පවා කලගුණ සලකපු උතුමෙක්. එහෙම සසුනක පැවිදි වෙලා මේ අමිල හාමුදුරුවන් කියන්නේ මොන කැප කිරීම් කරලා තිබුනත් දඩුවම් දෙන්නළු.
මුලින්ම රජය බල තුලනය පිළිබඳව ඇති අර්බුදය විසඳීමටයි මුල් තැන දිය යුත්තේ. මෙය ඒ මාතෘකාව වෙනස් කිරීමට ගන්නා ජනප්‍රියවේ යයි සිතන උත්සාහයක් පමණයි.
නියමයි ඕක තමයි වෙන්න ඕන.
මිනිසුන් දාහකට වඩා මරපු අංගුලිමාලට සමාව දීපු බෞද්ධ සමාජයක, මොන වරදක් කලත් දෙමාපියන්ට ගුරැවරැනට හිතින්වත් වරදක් හිතන්නේ නැති බෞද්ධ සමාජයකට බුද්ධ ශාසනයේ සිට යමෙක් කියනවනම් මොන කැපවීම කලත් එය නොසලකා හරින්න කියලා. අනාගතයේ දරැවන් දෙමාපියන්ව ඝාතන කිරීම්, ගුරැවරැනට ශිෂ්‍යයන් පහරදීම් වැඩිවනු ඇති. එය බුදු දහමේ ඇති මුලික ඉගැන්වීම් වන සමාවදීම, ඉවසීම වැනි කාරණාවලට විරැද්ධය.
සරත් පොන්සේකා මහත්තය චන්ද කීයක් අරන්ද ඔය ඇවිත් ඉන්නේ අපේ හාමුදුරුවනේ?
ගරු හාමුදුරුවනේ, හොරාව කවුරුත් දන්නවා. ඌ සිංගප්පුරුවට පැනලා බව ඔබතුමා දන්නේ නැත්ද? රට බේරාගත් අයට හොරා කීමත්, මහා බැංකුව හොරාකාපු අයව ආරක්ෂා කරන්නත් බුදුන් දේශානා කලේ කිනම් සුත්‍රයෙන්ද? ඉතිහාසයේ මොන කැපවීම් කලත් ඔවුන්ට දඩුවම් දිය යුතු බව ඔබ වහන්සේ දේශානා කලේ, බුදු දහම අනුවද? හෝ දේශප්රේමයෙන්ද? හෝ, යම් පක්ෂයකට කඩේ යන නිසාද? නැත්නම්, පෙබරිවාරි 10 පරාජයේ දුකටද? නැත්නම්, යුද්දය කරද්දී මිනි මරුවා යයී කියන්නේ, ප්රබාහරන්ගේ පුතා මල බවට දුකෙන්ද?
මමත් සංපූර්නෙයෙන් එකග වෙනවා.
ඔබ වහන්සේගේ ප්‍රකාශයට මම සම්පුර්ණයෙන්ම එකග වෙමි .
රටේ කිසිම ජනවරමක් නැති, පිනට ඇමතිකමක් ලැබුණ මෙය දන්නේ පලිගැනීම විතරයි........ මට මතක හැටියට මේ හාමුදුරුවෝ උපවාස කරන්න ගිහින් චන්ද්‍රිකා ගේ කාලයේදී උස්සගෙන ගිහින් අතහැරලා තිබුණ. උපවාසේ එතැනින්ම අවසන්.
හාමුදුරුවනේ, ඡන්දයේ ප්‍රතිඵල සමග ඔබ වහන්සේගේ ඔලුව විකාර වෙළද? ජනතාව ප්‍රතික්ෂේප කරපු, ඊර්ෂියාව ,වෛරය ,ක්‍රෝධය මුළු සර්වන්යේම දුවන මෙවන් මිනිහෙකුට දෙන්න කියන්නේ?හාමුදුරුවනේ,ඔබ වහන්සේ බුද්ධ චීවරය ගෙන හිටියට ඉහත කී ගතිගුණ ඔබ වහන්සේටත් ඇති බව මනාව වැටහේ .
සුදුස්සට සුදුසුතැන දිය යුතුයි..................
සරත් ෆොන්සේකා මහතා තමයි මෙම තනතුරට සුදුසුම පුද්ගලයා..............
ඡන්දේ පැරදිලා පින් ඇමතිකම් ගත්ත අයට මේ වගේ ඇමතිකම් දෙනවාද? මම නම් ඇහුවමයි ඔය................
මේ වගේ අයට පහළ වෙන්නේ මේ වගේ සිතුවිලි තමයි.................
නරියට කුකුල්ලු බාර දුන්නට හපන් වෙනවා...................
වඳුරට දැලි පිහිය අහුවුණා වගේ..................
සිංහල ජනතාව අමනාප කර ගන්නා මේ රටේ මොන ජගතාටත් පරාජය නියතයි,
ඕක තමයි කියන්න තියෙන්නේ . කුජීත වෙලා ඉන්නේ. වෛරය හීතේ තියා ගෙන කතාව. භික්ෂුවක් මෙස්සේ කතා කීරීම හොඳ නැහැ.
හොඳම අදහසක්. මේක කරන්න තිබුනේ බොහොම කලින්
ඔව්, ඔව්, මෙයාල කියන විදිහට කරන්ට ගිහිල්ල තමා ආණ්ඩුව ඇන ගත්තේ.
වදුරට දැලි පිහිය දුන්න වගේ වේ
ඔබවහන්සේ හරියටම හරි. 2010යේදි ඇත්ත ජනපතිවුනෙත් ඔහුම තමා බියගුලු ඡන්දකොමසාරිස් කෙනෙක් නොහිටින්න. විනය ගරුක හමුදාවක් හදාපු සරත් ෆොන්සේකාට රටම නීතිගරුක සහ හොරුන්ගෙන් තොර කුඩුකාරයින්ගෙන් තොර දේශයක් කරන්න අපූරුවට පුළුවන්.
අඹරේ දමිල....???
තමන්ගෙ නඩුවෙ විනිසුරු තමන් නොවිය යුතුය යන මූලික නීති සිද්ධාන්තය මෙවැනි පුද්ගලයකුට තනතුරු දීම නිසා කඩවනු ඇත.
සරත් ෆොන්සේකා මහත්මයට එතුමාගේ පාඩුවේ ඉන්න අරිනවනම් තමයි හොඳ. ඒ මනුස්සය ඒ කාලේ රටට කළයුතුව තිබුණු රාජකාරිය හරියටම කරලා දුන්නනේ.
අගමැති කම දුන්නොත් නරකද.
අනේ මෙහෙමත් අම්බරුවො ඉන්නවද?
බණක් භාවනාවක් කරනම් නරකද ??
පිං සිද්ධවෙයි පන්සලට වේලා ආගම උදේසා සේවය කරන්න..
වැඩක් හරියට කරන සරත් පොන්සේකා මහතා නීතිය හා සාමය පිලිබඳ ඇමති තනතුර දීමේ යෝජනාව ඉතා කාලොචිතයි......
එතුමා ප්‍රතිඥා දුන්නා වෙනත් හමුදාපති කෙනෙකුට යුද්ධය කරන්න ඉතුරුකරන්නේ නැහැ කියලා ඔහු එසේම කළා. ඔහු සිරගතව සිටියදී එවකට හිටපු ජනාධිපතිගෙන් සමාව ඉල්ලුවොත් නිදහස් කරනවා කිවුවා. නමුත් ඔහු නොසැලී සිටියා. මහින්ද මහත්තයාටත් කෙලින්ම අභියෝග කලේ ඔහු පමණයි. මෙම තනතුරට ගැලපෙන්නේ ඔහු වගේ හයියක් තියන කොන්දක් තියන කෙනෙකුට. ඔහුට මෙම තනතුර දුන්නොත් ගොඩක් අය නීතය කඩකරන්න පෙළඹෙන එක අඩු වෙයි.
එකල ෆොන්සේකාටද පහර ගැසූ එන්.ජී.ඕ. අය රට විනාශ වෙන ඕනෑම දෙයක් කරනවා. එ් නිසා ෆොන්සේකාව යොදා ගෙන යම් කිසි පුද්ගලයින්ගෙන් පලිගන්නත් සූදානම් වෙනවා.
අපේ ගොවිපොළේ හරක බාන බලා ගන්න කෙනෙක් නැහැ. එම තනතුර දෙන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි කට්ටිය කැමති ද? දන්නේ නැහැ..