(ඞී.කේ.රත්න සහ ප්‍රසාද් රුක්මල්)
දියතලාව යුද හමුදා කඳවුරේ සේවයේ යෙදී සිටි නිලධාරීන් පිරිසක් මතට අද (15) තාප්පයක් කඩා වැටීමෙන් යුද හමුදා නිලධාරීන් හතර දෙනකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම නිලධාරීන් දියතලාව යුද හමුදා කඳවුරේ සංචාරක බංගලාවක් අසල කාණුවක් ඉදිකරමින් සිටියදී එම තාප්පය කඩා වැටී තිබිණි.
මෙම අනතුරින් තුවාල නිලධාරීන්ගේ තත්ත්වය බරපතල නොමැති බව දියතලාව රෝහල් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවාසනාවන්ත කාලයක්. එහෙන් ඡන්ද පරදිනවා, මෙහෙන් ගොඩනැගිලි, ස්වභාවික විපත් සිද්ධවෙනවා.