මනෝප‍්‍රිය ගුණසේකර
වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්‍ෂ 39 ක මුදලක් සාපරාධි අන්දමින් පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ක‍්‍රීඩා අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන 27 වැනිදා තෙක් කල් තැබීය. එදිනට නීතීඥවරයෙකු ඉදිරිපත් නොවුණහොත් තමන්ගේ නඩුවට තමන් පෞද්ගලිකව හෝ පෙනී සිටිය යුතු බව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අද (15) දැනුම් දුන්නේය.
මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුව සම්බන්ධයෙන් තම නීතීඥවරයාට උපදෙස් ලැබී ඇත්තේ මීට දින කිහිපයකට මත්තෙන් නිසා මෙම නඩුවේ විභාගය වෙනත් දිනයකට කල් තබන්නැයි කළ ඉල්ලීමක් සළකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළේය.
2012 ඔක්තෝම්බර් 31 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ, නාවල ජයවර්ධපුර සහ කෝට්ටේ යන ස්ථාන වලදී ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය යන වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්‍ෂ 39ක මුදලක් සාපරාධි අන්දමින් පරිහරණය කිරීම හා එම මුදල සම්බන්ධයෙන් විශ්වාසය කඩ කළ බවට නීතීපතිවරයා විත්තිකාර මහින්දානන්ද අලුත් ගමගේ මහතාට එරෙහිව නඩු පවරා තිබිණි.
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොන්ග‍්‍රසය නමැති වෘත්තීය සමිතිය විත්තිකරුගේ බාරයට පත් කොට තිබු රුපියල් ලක්‍ෂ 39ක මුදලක් වංක ලෙස සිය ප‍්‍රයෝජනයට ගෙන ඇති බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී තිබිණි. විත්තිකරුට එරෙහි මෙම චෝදනා සනාථ කිරීම සඳහා සාක්කිකරුවන් 20 දෙනෙකු හා ලේඛණ 08ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී තිබිණි.
මෙම නඩුවේ විභාගය ලබන 27 වැනිදා තෙක් කල් තැබු විනිසුරුවරයා එදින අධිකරණයට පැමිණෙන ලෙස මෙම නඩුවේ සාක්කි දීම සඳහා විදේශ රටක සිට ලංකාවට පැමිණි සාක්කිකරුට හා විත්තිකාර මහින්දානන්ද අලුත් ගමගේ මහතාට ලබන 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මණට මොනවා හරි කලේ නැත්තන් මහන්සිය වතුරේ යයි වගේ. අපරාදේ ඡන්දෙ දුන්න කට්ටිය.
එයාට එන්න කියන්නේ passport තහනම තාවකාලිකව අයින් කරන්න!
උසාවි ඇවිත් විතරක් නම් හරියන්නේ නැහැ. සාක්ෂි ඔප්පු කරලා ඉක්මනට දඩුවම් දෙන්න. එහෙම නොකල එකේ ප්‍රතිපල දැක්කනේ
අපේ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වය කොහොමද බලන්න හොදම උදාහරණය පහුගිය ඡන්දය තමයි .මොකද මේ ඒකාබද්ධයේ හොරුන්ට ඡන්දය දීල නැවත කරලියට ගෙනාවනේ.මොවුන් ගසා කපු මුදල් මොනතරම් ප්‍රකෝටි ගනම්ද?මේක රටේ මහා අවාසනාවක්.
පොහොට්ටුව පිපිලා තියෙන තරම මුහුණෙන් පේනවා. ඔය නඩුවත් මස 6 කල් යනවා.