( සුමතිපාල දීයගහගේ)
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනකු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් සැදීම සඳහා තමන්ට එකතු වන බවත් ඉදිරි පැය 24 තුළ සාර්ථක මෙහෙයුමක් කිරීමට බලාපොරොත්තු වන බවත් වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
ගාල්ලේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.
“ඉදිරි පැය විසි හතර තුළ සාර්ථක මෙහෙයුමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් හදන්න බැහැ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් අපට එකතු වෙනවා. අපට මුක්කුවක් ගහන්න කට්ටිය ඉන්නවා. ඒ නිසා අපි එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් හදනවා.මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අපට කිව්වේ යූඑන්පියෙන් ඉවත් වෙලා එන්න අපි එකතු වෙන්න සුදානම් කියලා.
ජනබලය තියෙන්නෙ ඒකාබද්ධ විපක්ෂය ළග. අපි දෙගොල්ල එකතුවන එක අමුතු දෙයක් නෙවි. අපි එකම කණ්ඩායමක්. වසර දෙකහමාරක් වෙන් වෙලා සිටියා. ඊළග වසර දෙකහමාර සදහා මුදල් වරදාන ගනුදෙනු වරප්‍රසාද නැතිව අපි දෙගොල්ල එකට එකතු වෙලා කටයුතු කරන්න එකගතාවය පලවී තියෙනවා.ඒ නිසා අපි එක්සත් නිදහස් සන්ධාන ආණ්ඩුවක් හදනවා. එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් අපට එනවා. මම ඒ අයගේ නම් කියන්නේ නැහැ“යැයි මුතුහෙට්ටිගම මහතා කිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදාන මොකුත් නැතුව ඔය කියන 15 දෙනා ඔබතුමාලාට එකතුවෙන්නේ කැවුම් කන්නද සර්.
පෞද්ගලික වාසිවලට එහාට, මෙහාට පැන පැන ඉන්න මේ වගේ අය මහජන නියෝජිතයෝ කියලා කියන්නත් ලැජ්ජයි.
පෞද්ගලික වාසි වලට එහාට මෙහාට පැන පැන ඉන්න මේ වගේ අය මහජන නියෝජිතයෝ කියල කියන්නත් ලැජ්ජයි.
කවුරු කොහොම මොන අර්ථ කථන දුන්නත්, අවුරුදු තුනක්වත් නැති පක්ෂයක්, ලංකාවේ මෙතෙක් තිබුණු පරණම සහ විශාලතම දේශපාලන පක්ෂ තුනක් එකවර දණ ගස්සවපු දුර්ලභ අවස්ථාවක්. එක අතකින් මහින්ද දණ ගස්සවන්නේ අනික් දේශපාලන පක්ෂ. තනි මිනිහෙක්ගේ (මහින්දගේ) පෞරුෂයට අනික් ඔක්කොම යටයි.
මේ මන්ත්‍රීවරු 15න නම් කර වටිනා ත්‍යාගයක් දිනාගන්න.
ආරංචි හැටියට සන්ධානයෙන් 15 ක් යුඑන්පියට !
මෙතුමාලගේ ප්‍රතිපත්ති මොනවද දන්නේ නැහැ. වැසි පැත්තට ගිහිල්ල රට හදනවනම් කමක් නැහැ.
තවමත් කතා කරන්නේ පනින උන් ගැන. නොදකින් මේ වගේ උන්ට ඡන්දෙ දෙන කාලකන්නියෝ.
මහින්ද ජනපති මේ වගේ මනුස්සයන්ව ගත්තොත් ඊළඟ මහා ඡන්දෙදී අබ සරණන් තමයි. මෙයාලට ගිය තැන වලම ඉන්න කියන්න.
ඔයාටත් වැඩි ආයුෂ නෑ පුතේ.....................පුලුවන් ඉක්මනට ආප්ප කඩයක් දා ගන්න බලන්න ගාල්ල ටවුන් 1 පැත්තේ..............................
අපි හිතන් නැ මහින්ද මහත්තය ඕගොල්ලොත් එක්ක එකතු වෙයි කියල ආණ්ඩු කරන්න.
හොඳයි..... මහින්ද මහතා රට පාලනය කලෙත් එක්සත් ජාතික පක්ෂයෙන් 17ක් අරගෙන. මෛත්‍රී මහතා ජනාධිපති වුනෙත් එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින් ,දැන් ඔය ගොල්ලෝ ආණ්ඩුවක් හදන්න යන්නෙත් එක්සත් ජාතික පක්ෂයෙන් කට්ටිය අරගෙන .මට මතක් වෙන්නේ අර සමහරු කියන්නේ ම ජිවත් වන්නේ ඔබේ ආධාරයෙන් කියා. හොදයි හොදායි.ජයවේවා.
මහින්ද ඔය කවුරැවත් පොහොට්ටුවට අරගෙනත් නැති බව පැහැදිලියි. ඒකාබද්දයේ කවුරැවත් සිරිසේනගෙ පිං තනතුරැ අරගෙන නැති බවත් පැහැදිලියි. අද රටේ පිළිලය රනිලුයි..... රනිලගෙ හොරු කල්ලියයි. ඉතින් පර ගැති රනිල අගමැති කමින් අයින් කරන්නයි, මහ බැංකු හොරැ අල්ලන්නය් මහින්ද සිරිසේනට වක්‍රාකාරයෙන් ඡන්දයක් තියන තෙක් සහාය දෙනවා.
මහින්ද මහත්තයා පැරදුණු දවසේ ඉඳලා උත්සාහ කලේ නැවත කුමන ආකාරයකට හෝ බලයට ඇවිල්ලා තමන්ට සහ පවුලේ අයට ඇති චෝදනා යට ගහන්න. ජනතාවට දෙයක් කරන්න නෙමේ. රනිලුත් පම්පෝරි ගැහුවට කරපු දෙයක් නැහැ. ජනපති සිරිසේනට වැදගත් ශ්රීලනිපය විතරයි. දැන් තමන්ට පිස්සු නෑ කියලා ඔප්පු කරපු එකම මන්ත්‍රී කියනවා තව බයිලයක්. මේ කරන්නේ ජනතාව වෙනුවෙන්ද? මහජනතාව ගැන අනුකම්පාවක් නැද්ද?
මුදල් වරදාන වරප්‍රසාද මොකටද? මහින්දගේ කාලේ හම්බ කර ගත්ත ඒවා තියන කොට...
එක්සත් ජාතික පක්ෂය නැතුව මේ කිසිම් කෙනෙකුට ආණ්ඩු කරන්න බැරි බව මෑත ඉතිහාසය පුරාවටම පෙනුණ දෙයක්. කොහොම වුණත් නැවත හැදෙන්න තිබුණටත් අන්ත කලවම් ආණ්ඩුවක්. අනේ මන්දා අපේ රටට ඉතින් දෙයියන්ගේ පිහිටවත් නැහැනේ.. හැබෑටම ඒකත් යහපාලනයක්ද?
"ඊළඟ වසර දෙකහමාර සඳහා මුදල් වරදාන ගණුදෙණු වරප්‍රසාද නැතිව අපි දෙගොල්ලන් එකට එකතු වෙලා කටයුතු කරන්න එකඟතාවය පලවී තියෙනවා". මෙම ප්රකාශයෙන්ම පැහැදිලි වෙනවා වසර දෙකහමාරකට පසුව සියලු වරදාන මුදල් වරප්‍රසාද ලබාගන්න බව නේද?
මේ වගේ මොලේ අමාරුකාරයෙක් කියන එ්වත් ඔබලා අහනවනේ ඉතින්.
කතාවක් තියෙනවා 'මිනිස්සුන්ගේ හැටියටයි ආණ්ඩුව' කියලා. අපට ගැලපෙන්නේ මේ වගේ විකාර පොරවල් සහිත ආණ්ඩුවක් තමයි.
ගෙම්බො වගේ මෙයාලා දෙපැත්තට පනීවි.. සල්ලි ලැබෙයි වැඩි වැඩියෙන් පනින තරමට...
සිහින දකින එක කාගේත් අයිතිවාසිකමක්. ඒත් මේ දවල් සිහින? අනේ මන්දා...
ඔන්න පටන් ගත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්දේසිය, ලාබයි ලාබයි.. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලාබයි, කෝටියයි දෙකයි තුනයි.. ඈවරයි දෑවරයි.. අයි.පී.එල් එකේ ක්‍රීඩකයෝ වෙන්දේසිය වගේ... අනේ අප්පේ අපේ අතිගරු මන්ත්‍රීතුමාට ගිය කලක්..
අපේ ගමේ ඇමති තුමාගේ වැඩ කොහොමද,චන්දෙ දෙන ජනතාව මෝඩයෝ කියල මෙහාදය ජනතාවටම කියනවා, අම්මප මුන්ට දෙන චන්දෙ...
හා හා ළමයි කෑ ගහන්න එපා.. අපිටත් කීයක් හරි හම්බ කර ගන්න තියන වෙලාව නේ.
සියල්ලන් බලාගෙන ඉන්නෙේ ඉදිරි පැය ගණන තුළ කුමක්ද වෙන්නෙේ කියලා. ඒත් කවුරුත් දන්නැති විදියට කරූ ජයසූරිය අගමැති වෙනවා. ඊළග මහ මැතිවරණය වෙනකම්. රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයේ තව දුරටත් ඉන්නවා. ජනාධිපතිවරයාගේ මහින්ද විවිරෝධී වැඩ පිළිවෙල තවදුරටත් පවතිනවා. ජනතව ලෙස අපි මිරිගුව දෙස බලාගෙන ඉන්නවා .රට තව තවත් වසර ගණනාවක් පස්සට යනවා. ඇත්තටම අපෙේ රටෙේ ජනතාව වාසනාවන්ත යැයි කිවුවට පුදුම අවාසනාවන්ත කොටසක්.
එදා සිරිසේන මහතාගේ වේදිකාව ගිනිබත් කළාට ඇමතිකම් ලැබුණා. පොහොට්ටුව පිපෙන්නේ නැත කිව්වා. දැන් ආපසු මහින්ද මහත්තයාට ආවඩනවා වාසි බලාගෙන. අනේ මේ වගේ දේපත් නයි...
මහින්ද මහත්තයා පැරදුණු දවසේ ඉඳලා උත්සාහ කලේ නැවත කුමන ආකාරයකට හෝ බලයට ඇවිල්ලා තමන්ට සහ පවුලේ අයට ඇති චෝදනා යට ගහන්න.