(මුදිතා දයානන්ද)
ජවිපෙට ඡන්දේ දුන් ජනතාවගේ අභිලාෂයන්ට පිටුපා වෙනත් පක්ෂ සමග එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවිමට හෝ ආණ්ඩු පිහිටුවිමට හෝ කිසිවිට කටයුතු කරන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
දිසානායක මහතා මේ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි අද (15) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.
තවදුරටත් අදහස් දැක්වු දිසානායක මහතා මෙසේද පැවසීය.
“අපේ ඡන්ද ප්‍රමාණය මහමැතිවරණයට සාපේක්ෂව ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයකින් වැඩිවි තිබෙනවා. අපට ඡන්දය දුන් සියලූ දෙනාගේ අරමුණ පවතින සමාජ ආර්ථික ප්‍රතිපත්තියට එරෙහි ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමයි. ඒ වගේම මේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකම ප්‍රතික්ෂේප කරන පිරිසක් තමයි අපිට ඡන්දය ලබාදුන්නේ. එසේ තිබියදී අපිට වෙනත් පක්ෂයක් සමග එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න අයිතියක් නැහැ. අපි පළාත් පාලන ආයතන තුලදීත් ඉන් පිටතදිත් අපිට ඡුන්දය දුන් ජනතාවට කිසිදා කණගාටුවන්නට කාරණා ඉතිරි නොවන පරිදි සැබෑ මහරජන සේවකයන්ගේ කාර්යභාරය ඉටු කරනවා.
ඒ වගේම දැන් ඇතැමුන් මේ වෙලාවේ ආණ්ඩුබලය හුවමාරු කරන්න කතා කරනවා. දැන් වෙන්න පුළුවන් කාරණා තුනයි තියෙන්නේ. එක්කෝ මහින්ද රාජපක්ෂ කණ්ඩායම සමග එක්ව මෛත්‍රීපාල කණ්ඩායම ආණ්ඩුවක් හදන්න ඕන. නැත්නම් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම වෙනම ආණ්ඩුවක් හදන්න ඕන. එහෙමත් නැත්නම් තිබුණ ආණ්ඩුවම කැබිනට් සංශෝධනයක් කරලා පවත්වාගෙන යන්න ඕන. වඩාත් වැඩි ඉඩකඩක් තිබෙන්නේ තුන්වෙනි ආකාරයයි. මේ කොයි ආකාරයේ ආණ්ඩුවක් හැදුවත් රටේ ජනතාවට සිදුවන සුගතියක් නැහැ. මොකද දැන් මේ කවුරු බලය පවත්වාගෙන ගියත් 2015 වෙනස කළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකරන්න ඔවුන්ට පුලූවන්කමක් නැහැ. ඒ අභිලාෂයන් ඉටුකළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි. ඒ වෙනුවෙන් වූ ජනතා ව්‍යාපාරයක් අපි ඉදිරියේදී ගොඩනගනවා. “

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේවීපී සඳහා දේශපාලන විවේඡනයේ යෙදුණා මිසක් දුන්නු අමාත්‍යාංශයක්වත් තිස්සමහාරාමයවත් රැකගන්න බැරිවුණා. ඔය කියන ලක්ෂ දෙක පාවෙන ඡන්ද මිසක් ජවිපෙ ඡන්ද නොවේ. තිස්සමහාරාමේ හොරකම් කළා කියලා මහින්ද කියපු එකටවත් තවම උත්තර නැහැ. ජනතා විශ්වාසය දිනාගන්න මේ අයට කිසිම සැලැස්මක් නැහැ. එමනිසා කවදාවත් තුන්වැනි බලවේගයක්වත් වෙන්න බැහැ. එක් අයෙක් දූෂණ විරෝධී, තවකෙක් උමාඔය විරෝධී, අනිකා වර්ජන සයිටම් කතා විතරයි.
ඔබලා අතින් ඉතිහාසයේ වුණු වැරදි නැවත නැවතත් නොකරන්න. හවුලේ කරපු කිසිම දෙයක් මේ ලංකාවේ හරි ගියේ නැහැ. ඔබලාගේ උදවුවෙන් චන්ද්‍රිකා, මහින්ද, රනිල්, මෛත්‍රි කරලියට ඇවිල්ලා කරපු දේ දන්නවනේ. මහජනතාවට සියලු පක්ෂ එපාවුණු මේ වෙලාවේ බිම් මට්ටමේ ඉඳලා සංවිධානය වෙලා කෙසේ හෝ පළාත් සභා මැතිවරණයෙන් ස්ථාවරයක් හදාගන්න. මේ රටේ ජනතාවට අනුකම්පා කරලා බොරුව, ඩීල්, දූෂණයට එරෙහිව නැගී සිටින්න.
ලපයා.. මොනවා කිව්වත් දැන් මිනිස්සු ගණන් ගන්නේ නැහැ. මේ ගේම්ස් මුළු ලංකාවම දන්නවා..
පැති මාරු කරන මැති ඇමැතිවරුන්ගේ අවම මිල රු. කෝටි 20 ක් දක්වා ලංසු නැගලයි තියෙන්නේ සහෝදරයා. කජු ඇටද? කොස් ඇටද? ගෙවුම් කරුවන් පෝළිං ගැහිලා බලාගෙන ඉන්නේ මඩිස්සලා සේරම දිලිහි දිලිහී තියෙන අලුත්ම අලුත් නෝට්ටුවලින් පුරවාගෙන. මීටින් වලදී “මං 10 වෙනිදායින් පසු දූෂිතයන් සමග ආණ්ඩු හදන්නේ නැතැයි“ කියපු කතාව තවමත් වලංගුද මන්දා...
ඡන්දෙ දුන්නේ නෑ කියලා මිනිස්සුන්ට දොස් කිව්ව එකේ , අනිත් පක්ෂ ගන්නේ නෑ කිව්වනං හොඳ නැද්ද?
ශ්‍රී ලංකාව දියුණු කරන්න බැරි වුණේ පාලක කණ්ඩායම් හින්දා... කෝටි 2ක් තරම් ජනතාවක් ඉන්න රටට.. මන්ත්‍රීවරු 225ක් මොකටද? ඒ මදිවට පළාත් සභා, ප්‍රාදේශීය සභා ඇතුළු මන්ත්‍රීවරු මොකටද? පාර්ලිමේන්තුව රඟහලක්... රඟපෑමක් විතරයි. ඇත්තටම අතිවිශාල වෙනසක් අවශ්‍යයි රටට..
අපිට ඕනෙත් හරියට වැඩකරන ජවිපෙ එකක්...
ඇත්ත.. අායිත් නම් කවුරුවත් මිනී මරුවන් සමග එක් වෙන එකක් නැහැ.
පව් අප්පා ජනතා විමුක්ති පෙරමුණ...
"ප්රගතිශීලි පාලකයන් පත්කර ගැනීමට පෙර ප්රගතිශීලී ඡන්ද දායකයන් පිරිසක් බිහි කරගත යුතුයැයි" බර්ටෝල් මොකද්දෝ වැඩකටයුත්තකදී කියල තිබ්බ වගේ මතකයි සහෝදරයා. දන්නවා ඇති නේද එයා කවුද කියලා?
ඔය දේ තිස්සමහාරාම දිනපු වෙලාවේ කර නම් සමහරවිට JVP පාලන පක්ෂය වෙන්න ඉඩ තිබුන
ඔබගේ පක්ෂයට අවුරුදු 50ක් පිරෙන්න කිට්ටු වෙලත් තවම සුගතියක් නැත්තේ කියාලා පරික්ෂා කර බැලුවොත් නරකද?
"අයියණ්ඩි බියනොවන්න. ඔබ මැරෙන හැටි මම බලාගෙන ඉන්නම්". 88 - 89 වකවානුවල මේ වගේ කියමනක් එළියට ඇවිල්ලා තිබුණා වගේ මතකයි.