චන්ද්‍ර සේන ගමගේ
වසර දෙකක් කල් ගන්නේ නැතිව ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පවත්වා ජනතා කැමැත්තට ගරු කරන්නට මේ ආණ්ඩුව කටයුතු කළ යුතු බව හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා අද (13) තිස්සමහාරාමයේදී පැවසීය.
තිස්සමහාරාම මැතිවරණ බල ප්‍රදේශයේ පළාත් පාලන ආයතන සඳහා තරග වැදුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී හිටපු කථානායක වරයා මේ බව ප්‍රකාශ කළේය .
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ චමල් රාජපක්ෂ මහතා
‘‘ මහජනතාවගේ කැමැත්තකින් තොරව මම අගමැති කම් භාර ගන්නේ නෑ ඊට වඩා සුදුසුයි ගෙදරට වෙලා පැදුරක් එළා ගෙන බුදිය ගන්න එක. ජනාධිපතිවරයා කළ යුතුව ඇත්තේ අවුරුදු දෙකක් කල් ගන්නේ නැතිව ජනතා කැමැත්තට ඉඩ දී මැතිවරණ පවත්වා ජනතාව කැමති දේශපාලන පක්ෂයකට රට පාලනය කිරීම සඳහා ඉඩ දියු යුතු එකයි.
අපි අපෙන් ගිය කිසිවෙකු සමඟ හෝ එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගත වී ආණ්ඩුවක් පිහිටු වීමට අදහස් නොකරන බවත් පොදුජන පෙරමුණට ඡන්දය දීපු ජනතාව එය අනුමත නොකරන බවත් අපි විශ්වාස කරනවා.
අපේ වැඩ පිළිවෙල හා ප්‍රතිපත්ති අනෙක් පක්ෂ වලට වඩා වෙනස්. ඒ නිසා වෙනත් පක්ෂ සමඟ අපි එකතු වෙන්නේ නෑ . ඉදිරියේදි අපි තනිවම ආණ්ඩුවක් ගොඩ නගන්න කටයුතු කරනවා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අපේ වැඩ පිළිවෙල හා ප්‍රතිපත්ති අනෙක් පක්ෂ වලට වඩා වෙනස්" පොඩ්ඩක් පැහැදිලි කරොත් නරකද. කොහෙවත් දැක්කේ නෑ වැඩපිළිවෙලක් ගැන කතාකරනවා. බන්දුල නම් කිව්වා අපේ වැරදිගැන කිව්වා නිසා විගණකාධිපතිතුමා ඉවත් කරන්න ඕනි කියල. තමන්ට විරුද්ද, තමන්ගේ වැරදි එලි කරන අය එලවන එක ඒ ප්‍රතිපත්ති වල තිබ්බද? මට පෙන්නේ නම් පරණ ගමනම තමයි අයෙත් යන්න හදන්නේ. වටේ ඉන්න අය දැක්කාම තේරෙන්නේ එච්චරයි. මහින්දව විකුණගෙන හරි තමාගේ වැඩේ කරගන්න මෙයාල දක්ෂයි.
ජනතාව ඡන්දෙ දුන්නේ පළාත් පාලනයට නියෝජිතයින් පත් කරගන්න මිසක මහ මැතිවරණයක් ඉල්ලලා නෙවෙයි. අයෙමත් අගමැති හීනය හොල්මන් කරන්න පටන් අරගෙන වගෙයි.
මෙයා මොන පක්ෂේ සාමාජිකයෙක්ද
හීනෙන්ද?
ඇත්තම කතාව ගත්තොත් අපි මහින්ද මහත්තයට ආදරේ හින්ද මහින්ද මහත්තයා දිනුවා කියල කියනවා තමා. මමත් රතිඥ්ඥා වැලක් පත්තු කළා. ඒත් රජයට ලැබිල තියෙන ඡන්ද ප්‍රතිශතය වැඩි. අපි නිහතමානිව පරාජය පිළිඅරගෙන පක්ෂය සුද්ද කරගෙන ඉස්සරහට යන එක කරන්න ඕනේ.
දවල්ද?
ඔබතුම නිකරුනේ උද්දාමයට පත්වෙලා. ව්‍යවස්ථාව ටිකක් කියවල බලන්න. මම හිතුව රාජපක්ෂ පවුලේ ඉන්න එකම බුද්දිමතා ඔබතුමා කියල.
දුෂිතයන් කියල කියන කට්ටිය කළ අපරාධ වලට අලුතෙන් පිහිටුවන ආණ්ඩුවෙන් දඬුවම් දෙන්න කටයුතු කරනවාද?
දවල්ද ?
ඇත්තටම? තනියෙමද?
ලංකාව කවදත් නොදියුණු රටක්.
පොහොට්ටුවේ ප්‍රතිපති ප්‍රකාශය මේ කවුරුවත් දැකල තියෙනවද? ඇත්තටම එහෙම දෙයක් තියෙනවද? මහින්ද රාජපක්ෂට ලැබුනේ තනිකර පුද්ගල ඡන්දයක්. පක්ෂයකට ලැබුන එකක් නොවේ. අනිකුත් සියලුම ඡන්ද ලැබුනේ යම් කිසී දර්ශනයකට සහ ගමන් මාර්ගයකටයී.
හරියට හරි. එත් සුළු පක්ෂ ගැන ටිකක් සිතා බලන්න.
ජනවරම පළාත් පාලනයට මිස රට පාලනයට නොවේ. මෙය බල තන්හාව ප්‍රදර්ශනය කිරීමකි.
හා කරලා බලන්නකෝ. ජයග්‍රහණයට අයිතිකාරයෝ ගොඩයි.
අනේ ඔයාලගේ ආණ්ඩුව වෙනස් කියල අපි දන්නවා...
ඔබතුමාගේ කාලේ මහජන මතයට ගරු කිරීමක් තිබ්බේ නැහැනේ. දැන් එනවා බන කියන්නට
මොකද්ද ප්‍රතිපත්තිය, පවුල මිසක දැන් තමයි නියම පවුල් පක්ෂේ
ඉක්මන කොටයි, ඉස්සෙල්ලාම තමන්ට අහිමි කරපු පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරය දිනාගන්න බලන්න. මහ මැතිවරණයකට තව අවුරුදු දෙකක් තිබෙනවා.
ගොඩනගපු කලින් ආණ්ඩුවෙන් කරපු වැඩ වලට ඔබතුමාට පිං සිද්ධ වෙනවා.
බලය තිබුණු එක කාලේ කරපු හොඳ, ඒ වගේම නරක අපිට තවම අමතක නැහැ. කරපු නරක පාපොච්චාරණයක් කරලා ඒවා අයෙත් නොකරන බවට පොරොන්දුවක් කවුරු කවුරුත් දීලාම ආවොත් ඉතින් කාරියක් නැහැ. අපිටත් ඕන යහා පාලනයක්.
ඔය එන්නේ පවුල් ගසේ අතු ලියලලා
ඔබතුමාලාගේ පවුලේ අය ඉස්සර කොමිස් ගහපු මුදල් වියදම් කරනවා නම් අපිත් කැමතියි. ඡන්දයකට අපරාදේ ජනතාවගේ මුදල් නාස්ති කරන්න එපා ඔබතුමාලාට ඕනෑ පවුල රැකගෙන ආණ්ඩුවේ මුදල් කාබාසිනියා කර සැප ගන්න මැරෙනතුරා... ඉන්පස්සේ යන්නේ අට මහා නරකයටයි.
එය එක්සත්, තමිල්, මුස්ලිම් ජාතික පෙරමුණු පක්ෂයේ සභාපති රනිල් මහත්තයා ඡන්ද ප්‍රතිඵල සිතියමේ පේනවා. ප්‍රධාන කාර්යාලය පිට කෝට්ටේ...
ඔබතුමාලා එකක් මතක තියාගන්න.. අපි මේ ආණ්ඩුවට ඡන්දෙ දැම්මේ නැත්තේ කිව්ව දේවල් හරියට කරපු නැති නිසා හොඳ කනේ පාරක් දෙන්න. අඩුමගානේ ඉතුරු අවුරුදු 2 හොඳට කරයි බයට. එහෙමයි කියලා 2020 පොහොට්ටුවට ඡන්දෙ දෙන්නේ නෑ. හොරු ටික හිරේ දැම්මේ නැති නිසා තමයි ඔබතුමාලගේ වේදිකාවේ කෑ ගහන්න හරි කට්ටිය ඉතුරු වුණේ...
හොරු ටික දෙනෙක් පන්නලා.. හොරු නඩයක් ආයෙත් රට බාරගන්නවා නම් බොහොම හොඳයි. සුබ අනාගතයක්..
හිතෙන හිතෙන විදියට නියමිත කාලයට කලින් ඡන්ද කරන්න කොහේ තියෙන සල්ලිද? මේක ඔබතුමාලාගේ පවුලේ හොඳකමට ලැබුණු ජයග්‍රහණයක් නෙවෙයි. එකම එක සාමාජිකයෙක් රට වෙනුවෙන් යමක් කළා කියන දේ මතක තිබුණු නිසා ජනතාව රටගැන හිතලා දීපු වරමක්... නැතිව මේ රට කාගේවත් පවුලේ නින්දගමක් නෙවෙයි
ගෙදරට වෙලා පැදුරක් එළා ගෙන බුදිය ගන්න විට මෙයාටත් ලස්සන, සුන්දර හීනයක් පෙනිලා වගෙයි. මෙයාලගේ මාලිගාවලට ගියොත් පෙනේවි පැදුරුවල බුදිය ගන්න... අනේ මගේ කට!! මේ පවුල් සංස්ථාවේ අය අතරින් මෙයාගේ හොරනෑව විතරයි නිහඬව තිබුනේ. දැන් එ්කත් අවදිවෙලා !!! අවුරුදු ගණනාවක් තිස්සේ රටේ තුන්වැනි උසස්ම තනතුර වන "කතානායක" පදවිය දැරූ මෙයා කියපු මේ කතාව අහලා අපි හිතුව "විනෝද සමය" ආපහු ඇවිල්ලා කියලා.... (ජනාධිපතිවරයා කළ යුතුව ඇත්තේ අවුරුදු දෙකක් කල් ගන්නේ නැතිව ජනතා කැමැත්තට ඉඩ දී මැතිවරණ පවත්වා ජනතාව කැමති දේශපාලන පක්ෂයකට රට පාලනය කිරීම සඳහා ඉඩ දියු යුතු එකයි.) හිටපු කතානායකවරයෙක් දන්නේ නැද්ද මීළඟ ඡන්දය පැවැත්විය යුතුව තිබෙන්නේ 2020 දී බව? කවුද මෙයාට එම උසස් තනතුර බාර දුන්නේ?