(හැටන් රංජිත් රාජපක්ෂ)
හැටන් ලංගම ඩිපෝවේ පාලන බලය එම ඩිපෝවේ සේවකයින් පිරිසක් අතට පත් කර ගැනිම නිසා එම ඩිපෝවේ පාරිපාලනය බිද වැටි ආදායම පහත වැටී ඇති බව ඩිපෝ පරික්ෂක රෝහන සිල්වා මහතා පවසයි.
පළාත් පාලන මැතිවරණය අවසන් විමත් සමඟ එම ඩිපෝවේ ඇතැම් සේවකයින් පාලන බලය බලහත්කාරයෙන් තමන් අතට ගැනිම නිසා දිනකට ධාවනය වු බස් ලංගම බස් රථ සීයෙන් අද දින ධාවනය වී ඇත්තේ බස් හතලිහක් පමණි.
රුපියල් ලක්ෂ පහළොව වන හැටන් ලංගම දෛනික ආදායම රුපියල් ලක්ෂ අට දක්වා පහත වැටි ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලංගම ගම්පොළ පිහිටි ප්‍රධාන කාර්යාලය සහ හැටන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා හැටන්. මේක දීප ව්‍යාප්තව කරමු. ආණ්ඩුව යවමු. අපි උඩහමුල්ල ඩිපෝව.
ගෝත්‍රිකයෝ කළින්ම වැඩට බැහැලා වගෙයි..
මොන විකාර කතාවක්ද මේ? රටේ නීතියක් ඇත්තෙම නැත්ද? නැත්නම් නීතිය රකින අය පන්න පන්න ගහන්නේ අසරණයින්ව විතරද? මේ ජනතා අපේ සල්ලිනේ...
මේ පොහොට්ටු බයියන්ගේ වැඩ පේනවද?
එතකොට ආණ්ඩුවක් මොකක්ද කරන්නේ...?
මහින්ද කිව්වද වැඩ නවත්තන්න කියලා?
පක්ෂවලට බෙදිලා තමාගේ රැකියාව හරි හැටි නොකරන ඔක්කොම ගෙදර යවන්න ඕනෑ. මේ අය හිතාගෙන ඉන්නේ මේ වගෙන් ආණ්ඩුවට පාඩු වෙනවා කියලා. ඒ අයගේම බඩට වදින්නේ කියලා දන්නේ නෑ. ලංගමයේ ගොඩක් ඩිපෝ මෙහෙම තමයි...
අපිට ප්‍රවාහන සේවය දෙන්නෙ ඔයාද? මහ ආත්මාර්ථකාමී කෙනෙක්නේ. රටක් නංවන්නේ කොහොමද ඔයාලා වගේ අය ඉන්නකොට. පොඩ්ඩක් ඉන්න හමුදාව එනකන්. අනේ ජේ ආර් වගේ ජනාධිපති කෙනෙක් හිටියා නම්...
ඔය එන්නේ කස කාරයෝ... පෙරහැර තාම මග... දැන් තේරෙනවද කට්ටියට?
ඔය පෙනෙනවා නේද... නිල් බලකායේ අමන වැඩ..?
මානසික රෝහලේ සිටියයුතු අය ඩිපෝවේ. දැන් වැටුප් නැත. මුදල් නැත වැඩ වර්ජනයකට යාමට කාලය ළඟදීම උදාවේවි !!!