පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළකාලමින් පනවා තිබූ නියෝගය ලබන 28 දක්වා තවදුරටත් දීර්ඝ කරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
ඩී.ඒ රාජපක්ෂ පිළිරුව ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිතා කිරීමට අදාළව පොලිස් මූල්‍ය අපරාධ කොමිසම තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති හෙයින් එය වළක්වන ලෙස ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ගොනුකර තිබූ පෙත්සම සලකා බැලූ අභායාචනාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සුරසේන සහ ශිරාන් ගුණරත්න යන මහත්වරු විසින් අදාළ තීන්දුව ලබා දුන්නේය.
මෙම පෙත්සම ලබන 27 වැනිදා විභාග කිරීමට ද විනිසුරු මඩුල්ල නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශිරාන් කියන්නේ භාරත ඝාතන නඩුවේදී දුමින්ද සිල්වා සියලු වැරදි වලින් නිදොස් කොට නිදහස් කල විනිසුරුවරයායි. එහෙව් විනිසුරුවරයෙක් මෙහෙම නියෝගයක් දීපු එක අහන්නත් දෙයක්ද? රටේ නීතිය නැමූ තවත් එක් සොඳුරු අවස්ථාවක් !
දැන් එතකොට මැරෙනකල් දූෂකයින්ට දඬුවම් දෙන්න ගන්නා උත්සාහය නවත්වන්නේ නෑ කියලා නේද කිව්වේ? මෙහෙම ගියොත් මැරෙනකල්ම උත්සාහ කර කර ඉන්න තමයි වෙන්නේ.
කවුද නැහැ කියන්නේ? යහපාලන ආණ්ඩුව යහපත් විදියට වැඩ කරන් යන්නේ...
මාර නිතියක්නේ මේක, මොලේ අමාරුවක් කියලා අයින්වෙලා ඇමරිකාවට ගිහින් එහෙ පුරවැසිභාවයත් අරගෙන ඇවිල්ලා කරපු දේවල් වහගන්න මෙහෙ ලබන වරප්‍රසාද ... සාමාන්‍ය මිනිහටත් පොදු දේපලක් අයථා ලෙස අපහරණය කොට මෙහෙම අපේක්ෂිත ඇප දික් කර කර ගතහැකිද?
ඔන්න ඔය වගේ තක්කඩි වැඩ කරපු නිසා තමයි රජය ජනතාව ප්‍රතික්ෂේප කළේ. පැහැදිලිවම පේනවා මේ නීතිය නවන ආකාරය. දැන්වත් නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන්න..