නිමල කොඩිතුවක්කු
යහපාලන ජාතික රජය තවදුරටත් පවත්වාගෙන යාමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපල මගින් වත්මන් ආණ්ඩුව ඉවත්ව ගෙදර යා යුතුය යන පණිවුඩය මහජනතාව ලබා දී ඇති බවත් මහජන මතයට ගරු කරමින් තීන්දුවක් ගැනීමට වත්මන් රජයට සිදුවන බවත් ඔහු කියා සිටියේය.
රාජගිරිය පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී ජාතික සංවිධාන එකමුතුව අද (13) කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ කැ`දවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මෙසේද කීය.
‘‘ මේ පළාත් පාළන මැතිවරණයේ ජයග්‍රහනය අපි දකින්නේ දේශපාලන ජයග්රහනයකට වඩා බහුතර මහජනයා කරන ලද නිහඩ විප්ලවයක් විදියටයි.
1956 සිදුවූ විප්ලවයටත් වඩා විශාල ප්‍රමාණයෙන් සිදුවු මහජන විප්ලවයක් විදියටයි අපි මෙය දකින්නේ. ඒ නිසා මෙහි ගෞරවය සම්පූර්නයෙන්ම හිමිවිය යුත්තේ මේ රටේ බහුතර ජනතාවටයි.
මේ ජයග්රහනයෙන් ජනතාව හොද පණිවුඩයක් දීලා තියෙනවා. මේ දැන් තියෙන රජය මුල ඉඳලම අවජාතක රජයක්. විජාතික කුමන්ත්රණකාරයින් බලයට ගෙන එන ලද මේ රටේ ජනතාව රවටලා ලබාගත් රජයක් මේක.
මේ රජය පත්වුන දවසේ ඉදලා කටයුතු කලේ ව්‍යවස්ථා විරෝධී විදියටයි. කොහොමද අගමැති පත්කලේ කොහොමද හිටපු අගවිනිසුරු අයින් කලේ පරාද වෙච්ච මන්ත්‍රිවරුන් අරගෙන ඇමතිකම් දීලා ව්‍යවස්ථා විරෝධී විදියට මේ රජය කටයුතු කළා. අවසානයේ මහජනතාව නියම තීන්දුවක් ලබා දීලා තියෙනවා.
මේ රජය තව කී දවසක් තියෙයිද දන්නේ නැහැ. 2020 වෙනකම් නීත්‍යානුකූලව තියෙනන් ඉඩ තියෙනවා ඊට ඉස්සෙල්ලා කඩා වැටෙන්න පුලූවන්. ඒ කෙසේ වෙතත් ඊලඟට ඇතිවන රජය සිදුකළ යුතු කටයුතු මොනවද කියලා අවබෝධ කරගෙන කටයුතු කිරීමට මහින්ද රාජපක්ෂත් රටේ ජනතාවත් සූදානම් විය යුතුයි යැයිද ඔහු පැවසීය.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පාට පක්ෂයක් නැහැ. හැබැයි මේ ප්‍රතිපලය අර්ථකථනය කරලා තියෙන විදිහට එකග වෙන්න බැහැ. පොදු පෙරමුණ, නිදහස් පක්ෂය, එජාපය ගත් ඡන්දවල ප්‍රතිශත එකතුව අනුව මහින්දට හිමි වෙලා තියෙන්නේ පරාජයක්. රජය සමස්තයක් විදිහට දිනලා. ඒ කියන්නේ ජනාධිපතිවරණයක් දිනීමේ හැකියාවක් මහින්දට නැහැ කියල ඔප්පු වෙලා තියෙනවා. ඉතින් ජනාධිපතිවරණයක් දිනන්න බැරුව රටක් පාලනය කරන්නේ කොහොමද? ජනාදිපතිට ඕනෑම වෙලාවක ඕනෑම ඇමතිකමක් පවරගන්න පුළුවන්.
මැතිවරණයේ එජාප, නිදහස් පක්ෂ, පොදු පෙරමුණ, ජවිපෙ, ටි.එන්.ඒ මුස්ලිම් කොන්ග්රස් සියලු පක්ෂවල එකතුව පොහොට්ටුවට වඩා වැඩි. මේ සියල්ලම පොහොට්ටු විරෝධි පක්ෂ. මේකෙන් කියවෙන්නේ ජනතාව බහුතරයක් තාමත් මහින්දව ප්‍රතික්ෂේප කර ඇති බවයි.
අනේ බොරු සෝබන නැතුව ඉන්න අනේ. ඔයාලට ඔය ඡන්ද ටිකෙන් ජනාධිපතිවරනයක් දිනන්න බැහැනේ? ඔයා ජනාධිපතිවරණෙකට ගියහම එජාප , අත, බුලත් කොලේ , කුකුළා , ගස් ඔය සේරම එක පැත්තක්. ඔයාට ඇපත් නැහැ. හැමවෙලේම ඡන්ද වලට යන්න කියන්නේ ඔය දන්නවද කොච්චර මුදලක් ඒවාට වියදම් වෙනවද කියල. ඒවා මහජන බදු මුදල්. ඔයා සල්ලි දෙන්නේ නැහැනේ?
ප්‍රාදේශීය සභා ඡන්දයක් පැරදුනාම ආණ්ඩුව ගෙදර යන්නෙ මොකටද? දිනපු කට්ටිය දැන් ඉතින් වැඩ කරගෙන යන්න.
යුඑන්පී එකට නම් තව රජයකට රට බාර දෙනකල් ඉන්න වත් අයිතියක් තියෙනවා... ජනාධිපති තුමා නම් අදම යන්න ඕනේ. එතුමා දැන් 4% ක ජනාධිපතිතුමා.
මේක මහා මැතිවරණයක් වත්, ජනාධිපතිවරණයක් වත් නෙවෙයි. මේක පළාත් මැතිවරණයක්... අනික වයසට ගියා කියලා තමන්ට තියෙන ගරුත්වය නැති කරගන්න එපා. තව ටිකේ දොහකින් උන්නැහේගේ තත්වයත් එක්ක මොනවා වෙයිද දන්නේ නැහැ. පන්සලකට ගිහින් බණක් භාවනාවක් කරගෙන නිවන් යන්න මගක් හෙව්වානම් නේද හොඳ අප්පොච්චි....?
අනේ යන්න... ඔයා කියනකම් තමයි හිටියේ...
ජනාධිපති කව්රුන් විය යුතුද තීරණය කිරීම සදහා ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තුව සඳහා මහා මැතිවරණයකුත් තියෙනවා. ප්‍රාදේශීය සභාව දිනපු පලියට රට කරවන්න වරමක් ලැබුනා කියා රැවටෙන්න නම් එපා .
ඔබතුමාට දැන් කරන්න තියෙන හොඳම දේ තමයි මේ වගේ මඩ ගොඩවල්වල එරෙන්නේ නැතුව යන තැනකට අරගෙන යන්න ... පින් ටිකක් රැස්කර ගන්න එක.
මහත්මයා ඔබතුමාට දැන් වයසයි. කල්පනාව මදි.. පළාත් පාලන ආයතන පරාද වුණා කියලා රජයක් අස්විය යුතුද? රටේම පරාද අනෙකුත් නැහැනේ අපි මෙහෙම කරමු. මහින්ද පරාද උතුරු, නැගෙනහිර නැතිව ඉතිරි ඒවායේ ඡන්දය තියමු... රට නිකන්ම බෙදිලා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දුන්නේ, ගත්ත ණය ඉවර කරගන්න වැඩ ගන්න මිස, මහා මැතිවරණ තියලා තවත් රට ණය කරවන්න නොවේ. ඉවසිල්ලෙන් වැඩ කරලා පෙන්නුවොත් තම ඔයගාවට ඡන්දය දෙන්නේ. කයිවාරු නැතිව හම්බ වෙච්ච එකෙන් වැඩ කරලා පෙන්නන්නකො.
ඒ ගැන තීරණය කරන්න ඔබට ඇති බලය කුමක්ද?
අයිතියක් නැති වැඩම තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම අය කරන්නේ යන්න හදන අයත් එහෙමයි ඒ තරම් මේ දේසපාලනේ අද පල් වෙලා
ඒ මොකද
රජයට ගෙනයන්න අයිතියක් දුන්නේ 2015 ජනවරමේ. එකයි-මේකයි කිසිම සම්බන්දයක් නෑ. ඔබට දුන්නේ ගමේ කුණු ප්‍රශ්න, පාරවල් ප්‍රශ්න විසදන්න මිසක් ආණ්ඩුවක් පිහිටුවන්න නොවෙයි.
සීයට 45 අරන් කොමද 2015 ජනමතය එයට යට කරන්නේ ආණ්ඩුව ඉදිරියට යායුතුයි
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල පිළිඹිබු කළේ රටේ අභ්‍යන්තර දේශීය ජනමතය. ඒත් මේ ආණ්ඩුව 2015 දි බලයට පත්වුණේ හුදෙක් දේශීය ජනමතයකට වඩා පුළුල් ලෝක ජනමතයකින්. තාම ජාත්‍යන්තර ජනමතය නම් ඒ හැටි වෙනස් වී නැහැ. ඒ නිසා ඔබතුමාගෙ ඔය දේශීය විග්රහයට නොහොත් රාජ්‍ය භාෂාවෙන් නම් දූපත් මානසිකත්වයට අනුව තීරණ ගන්නට යාම නුවණට හුරු නැහැ.
සහෝදර සමාගමට දෙන්නද කියන්නේ ?
අර දකුණේ කාගෙද ඇමතියෙක්ගේ මොලේ තියෙන්නෙ කොහෙද බැලුවා වගේ... ඒ බව පරීක්ෂා කරලා බැලුවොත් නරකද? රටේ ඉන්න නූගත් ගෝත්‍රිකයෝ කුලප්පු කරන අය තමයි.
ඔබතුමා කියව කියවා ඉන්න. ඒක කාටවත් ඇහෙන්නේ නැහැ. කව්රුත් ගණන් ගන්නෙත් නැහැ.
දත් දොස්තර මහත්තයාට කවුද පළාත් පාලන මැතිවරණය ආණ්ඩු පෙරලන එකක් කියලා දිරච්ච ලණුවක් දුන්නේ? සම්මුති ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයෙන්ම ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා දෙපාර්ශවය නියෝජනය වන පරිදි කැබිනට් අනු කමිටුවක් පත් කර ඇති අතර අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිගටම කටයුතු කිරීමට13 රාත්‍රී තීන්දු කරලයි තියෙන්නේ. පළාත් පාලන ආයතන පිහිටුවීමේ දී එජාපෙ සහ ශ්‍රීලනිප-එජනිස කණ්ඩායම් දෙක එකතු වුණොත් ආයතන 190ක් පමණ සංඛ්‍යාවක් පිහිටුවිය හැකි බවටයි දැන් ගණන් බලා තියෙන්නේ මහත්තයෝ. මහරගමට පරණ බයිසිකලයකින් ඉල්ලපු කුරුණෑගල පදිංචි කට්ටිය දැන් මොකද කලයුත්තේ කියලා හොඳවායින් උපදේශයක් දුන්නොත් ආණ්ඩු පෙරලන්න දඟල දඟලා කාලය නාස්ති කරනවාට වැඩිය ගොඩක් ප්‍රයෝජනවත් වෙයි නේද?
අයියෝ ආචාර්යතුමෝ, පොඩ්ඩක් ඔය ගතානුගතික ක්‍රමයෙන් බැහැර වෙන්න. ඔයාගේ මුණුබුරෙක්ටවත් මේ රට දියුණු වෙනවා බලන්න දෙන්න. ලංකාවේ සාක්ෂරතාවය 98% යි. ඒත් මොලේ පාවිච්චි කරන අය 6% - 10% ත් අතර ඉන්නේ. මෙවර පළාත් පාලන ඡන්දේදි වැඩි පිරිසක් ඡන්දෙ දුන්නේ තමන්ගේ ආසනේට අදාල පුද්ගලයා කව්ද කියලවත් නොදැනයි. අර නායකයා දිනවන්න, මේ නායකයා දිනවන්න. මේකද දේශපාලනය කියන්නේ? කවද්ද ලංකාවේ මිනිස්සු මොලේ කල්පනා කරලා තමන්ගේ රට ගැන හිතල ඡන්දයක් දෙන්නේ? අනික අමරසේකර මහත්තයෝ ඔයාගේ ඔය ගොන් මොලේට තේරෙන්නේ නැද්ද 2015 ඡන්දෙ දුන්නේ 2020 වෙනකම් රට පාලනය කරන්න කියලා (2015 දීපු පොරොන්දු ඉටු නොකර කට්ටියම එකතුවෙලා රට කාපුඑක වෙනමම දෙයක්)
ඔය වගේ නපුරු කතා නොකියා පරලොවට යමක් කරගත්තොත් නරකද?