( තිළිණි ද සිල්වා )
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ යළිත් වරක් ජනාධිපති ධූරය බාරගෙන කටයුතු කළ යුතු බව ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායක සුබ්‍රමනියම් ස්වාමි පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සුබ්‍රමනියම් ස්වාමි පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සුබපැතුම් එක්කර තිබේ .එම සුබ පැතුම් එක් කරමින් හෙතෙම මේ බව කියා සිටී.
හැකි ඉක්මණින් හිටපු ජනාධිපතිවරයා යළි ජනාධිපති ධූරයේ දිවුරුම්දිය යුතු බවද ඔහු ප්‍රකාශ කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කරමු එයලානේ කියන්නේ
අපේ මිනිස්සුන්ට අගේ නැති උනාට... දන්නෝ දනිති .
ජාතිවාදය හරහා බලය ලැබීම ඉන්දියානුවෙකුගේ සතුටට හේතුවීම බොහෝදුරට ආර්ථික වාසිය සඳහා විය හැකිය. ශ්‍රී ලංකාවේ ජාතිවාදී නොවන පක්ෂවල පසු බැසීම මේ මැතිවරණදී කැපී පෙනෙන්නකි.
සුබ්‍රමනියම් ස්වාමි කියන්නේ ජයලලිතට විරුද්ධව දුෂණ චෝදනා එල්ල කරපු කෙනෙක්, කොටින්ට විරුද්ධ හොද දේශපාලකයෙක්
මම මේ පාරත් මෙතුමාට විරුද්ධව ඡන්දය දුන්නේ. හැබැයි මගේ මතය බහුතර මතය නෙමෙයි. ඔක්කොටම වඩා වැදගත් ප්රජාතන්ත්රවාදයේ ප්‍රධානම අංගය වන බහුතර මතයට ගරු කිරීම. ඒකෙන් කියන්නේ නෑ සුළුතර මතය පාගන්න ඕන කියන එක. මේ ආණ්ඩුව පරාද වුනේ ආණ්ඩුවෙම වැරදි හින්දා මිසක් වෙන මිනිස්සු වැරදි කරල නෙමෙයිනෙ.
එහෙනම් ඉන්දියන් ජනතාවත් ඉල්ලන්නේ මහින්දව.
ප්‍රාදේශීය සභා ඡන්දෙන් ද දන්නේ නැහැ ඉන්දියාවේ ජනාධිපති පත් කරන්නේ
ඉන්දියාවෙ ජනාධිපතිවරණයක් තියෙනවද?? අනේ හොඳා...
මේ හාදයා කවුද අපේ රටේ ප්‍රශ්නවලට උත්තර දෙන්න? මේ කලවැද්දෝ හිතන්නේ අපි ඒ අයගේ ප්‍රාන්තයක් කියලා වෙන්න ඇති. අපි ඔහේලගෙ පාලනයට අරයා හොඳා... මෙයා හොඳ නැහැ කියලත්, නැහැ කියන්නෙත් නැහැ. ඔහෙලා ඔහෙලගේ වැඩක් බලා ගන්නකෝ... අපි අපේ වැඩක් බලාගන්නම්...
භාරතීය ජනතා පක්ෂයේ "ජ්‍යේෂ්ඨ නායක" සුබ්‍රමනියම් ස්වාමි උන්නැහේ පක්ෂේ නායකය වෙලත් කියන්නේ මැටිමෝල් කතා තමයි! හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ යළිත් වරක් ජනාධිපති ධුරය බාරගෙන කටයුතු කළ යුතු බව කියන්නේ, ශ්‍රී ලංකාවේ ජනපතිකම රිදී බන්දේසියක තියලා මහින්දගේ ඉදිරියේ තියන්න ඕන කියන එකද? එයා දන්නේ නැහැ වගෙයි සෙනසුරාදා පැවැත්වුනේ පුංචි මැතිවරණ කිහිපයක් නිසා ඒකෙන් මහින්දට ජනපතිකම පුදන්න ඡන්ද දායකයන් වරම් දුන්නේ නැහැ කියලා! ඒකනේ මෙහෙම බහුභූත දේවල් ලෝකයටම දන්වන්නේ: "හැකි ඉක්මණින් හිටපු ජනාධිපතිවරයා යළි ජනාධිපති ධුරයේ දිවුරුම්දිය යුතු බව" ඔහු ප්‍රකාශ කර සිටී!!! 2020දි තමා අපේ රටේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබෙන්නේ, කියලා මෙයාට කියලා දුන්නොත් නරකද?
ඔන්න එහෙනම් යන්න එහෙට.
මාර වැඩක් නේද මේක. ඉන්දියන්කාරයෝ ලංකාව පාලනය කරන්නේ කොහොමද?
ගන්න ගන්න. ඉක්මණටම ගන්න.
ඉන්දියාව චිනේටයි, ඇමරිකාවටයි බය හින්දද. ඉන්දියාවට ඕනේ විදියට වැඩ කරව ගන්න පුළුවන්නේ.
ඉන්දියාවේ ප්‍රාදේශීය සභා ඡන්දෙන්ද ජනාධිපති පත්වෙන්නේ
ඉතින් කැඳවා ගන්නකො මහත්තයෝ!
අපේ ව්‍යවස්ථාව ගැනවත් නොදන්න කෙනෙක්, ඔන්න මහින්දගෙ යාළුවො...
ඔච්චර ඕනෑ නම් ඉන්දියාවට අරගෙන ගිහින් එහෙ ජනධිපතිකම දෙන්නකෝ... අපිට පව් නොදී...
නියම නායකත්වය කව්ද කියලා හැමොම දන්නවා
අනේ හොදා!!! එතුමා භාරතයේ රජු කරොත් ඒක කාටත් සතුටු වෙන්න පුළුවන්!
ඒ අයගේ රටේ තියෙන ප්‍රශ්නවත් හරියට විසදගන්නබැරුවයි මේ කයිවාරු ගහන්නේ?
ඇත්තටම ඉන්දියන්කාරයෝ මේ තරම් මෝඩ බව මම මීට කලින් දැන සිටියේ නැහැ.
මේ වන විට රටම ඉල්ලන්නෙත් මහින්ද මහතායි.
මේයාට කියලා දෙන්න ලංකාවේ වැඩවලට ඇඟිලි ගහන්න ගිහින් රජීව් ගාන්දි නාගත්තා කියලා. ඇරත් අපේ ව්‍යවස්තාවේ 3 පාරක් බැහැ කියලත්
ලෝකෙටම එකයි අප්පච්චි
මෙයාට අමතකද දන්නේ නැහැ රජීව් ගාන්ධි ලංකාවේ වැඩවලට ඇඟිලි ගහන්න ගිහිල්ල වෙච්ච දෙය. මොනවා වුනත් අපි බලාගන්නම් ලංකාවේ දේශපාලනේ. ඉන්දියානු ව්‍යාප්ත වාදය ගැන අපි හොඳට දන්නවා.