(ෂෙහාන් චාමික සිල්වා)
නාමල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කර ඇත.
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ විමර්ශන වලදී පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරමින් කොළඹ කොටුව මහේත්‍රාත් අධිකරණයේදී අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම අවසර ලබාදීම සිදු කර ඇත.
පෙබ 24 සිට මැයි 18 දක්වා පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු තරුණ සමුළුවටත් නේපාලයේ සහ රුසියාවේ පැවැත්වෙන තරුණ සමුළු සඳහා සහභාගීවීමට අදාළව මෙම විදේශ ගමන් තහනම ඉවත් තරන ලදී.
නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිඥ සම්පත් මෙන්ඩිස් සහ නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි. මෙයා වගේ උගත්තු විදේශ වලම තියන එක රටට සුබදායකයි.
කට්ටිය ටිකක් බය වෙලා වගේ දැන් ඉතින් බය වෙව්ලම ඇතිව තමයි ඉන්න වෙන්නෙ .
මෙතුමා ස්වාසිලන්තයට යන්න අවසර ඉල්ලා තිබ්බා නේද පහුගිය දාක...? දැන් ගියහැකියි.
කට රැකගෙන යන විදේශ ගමනක් නොගියොත් තාත්තාට මේ පාරත් මෙයාගේ අඳබාල කතා නිසා ගෙදර යන්න වේවි!!!
දැන් නීති මේ අයට අදාල නෑ.
මේවා තමා නියම චන්ද ප්‍රතිපල.
පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු තරුණ සමුළුවට යවන්න .. නියම ආදර්ශය, අනේ ලංකාවේ ඉන්න තරුණ ළමයි ගණන එයාලා දන්නවා නම් මොනවා කරයිද?
දැන් ඉතින් භාරත ලක්ෂ්මන් එයම වෙඩිතියා ගන්න වෙයි. තාජුඩීන් රිය අනතුරකින් මැරුණා වෙයි. වැලිකඩ සිද්දිය රැඳවියන් පලායාමට ගත් උත්සහයක් වෙයි. අතුරුදහන් වූ උදවිය කොටි වෙයි. අයිතිකාරයෝ නැති ගෙවල්වලට අයිතිකාරයෝ මතු වෙයි. මෙව්වා පාලන ආණ්ඩුව වේදිකා නාට්‍යවලට පමණක් සිමා කිරීම මෙම පරාජයට එකම හේතුවයි.
තාත්තා ඇත්තටම වෙර දරලා අන්ත අපහාස විඳලා ගත්ත ඡන්ද ටික 2020 දක්වා රැකගන්න නම් නරකද ඔයා දේශපාලනයෙන් විශ්‍රාම ගත්තොත්?
නඩු කැලේ, නාමල් දිලේ . ජනතා පැතුම ඔබයි.
අගෙයි අගෙයි අවංක නිහතමානී දැන උගත් ලංකාවට සිටින එකම එක ආදර්ශමත් තරුණයාට ජය වේවා
හොඳ වැඩක්, මේ වගේ කීර්තිමත් අය කුමන හෝ ක්‍රමයකට නීතිය නවල හරි රට යවන්න. බැංකු ගිණුම් ටිකත් බලල මහජන මුදලින් විනෝද වෙලා එන්න.
මෙයාව පිටරට යන්න දීලා එන්න තහනම් කොරන්න බැරිද ?