(හිගුරක්ගොඩ- ඩබි ඒ පියතිලක)
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ආදිවාසි කාන්තාවක් පසුගිය දා පැවැත් වු පළාත් පාලන මැතිවරණයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් දෙහි අත්තකන්ඩිය හේනානිගල දකුණ සහ උතුර බහු ආසනයයෙන් ජය ලැබුවාය.
ඩබ්. එම් ශිරෝමාලා නම් අපේක්ෂිකාව ඡන්ද 1369ක් ලබා ගනිමින් මෙරට ඉතිහාසයට එක්වන්නේ ප්‍රථම ආදිවාසි මහජන නියෝජිතවරිය ලෙසයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා සිටියේ තම වැදි ජනතාව වෙනුවෙන් තම සංස්කෘතිය සහ ආගම වෙනුවෙන් කටයුතු කරන බවයි. තමන් පළාත්සභා මැතිවරණයටත්, පාර්ලිමේන්තු මැතිවරණයටත් ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව තවදුරටත් පැවසුවාය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා. මහින්ද මේ නියෝජිතවරියගේ ඉදිරි දේශපාලන ගමන ශක්තිමත් කිරීමට ප්‍රමුඛතාවක් දී කටයුතු කල යුතුයි. එය පොහොට්ටුවේ ඒ පළාතේ ප්රගතියටද උදව්වක් වේවි.
ඔබට අපගේ උණුසුම් සුබපැතුම්. තම ප්‍රදේශය වෙනුවෙන් අවංකව සේවය කරන්න .කිසිදු මහජන මුදල් අවභාවිතයකට ඉඩ නොදෙන්න. එසේ වන්නේනම් ඔබව ස්වභාව ධර්මයා විසින් ආරක්ෂා කරනු ඇත.
ඔබට සුබපැතුම් නැගණිය. ජය වේවා!
අපේ රැහේ එවුන් මෙහෙම ආවේ නෑ මහත්තයෝ දුක දරාගන්න බැරිම තැන තමයි මේවා මෙහෙම වෙන්නේ
තම වරිගයාගේ අවශ්‍ය තාවයන්ට විතරක් කොටු උනොත් මෙතුමියට පාර්ලිමේන්තු යන්න බැරිවෙයි.
සොයුරිය ඔබට සුභ පැතුම්! අතට ගත් ධජය ඉදිරියටම රැගෙන යන්න වග බලා ගන්න. ස්තුතියි.
පළමුව, අපේ උණුසුම් සුභ පැතුම්. සන්හින්දියව පෙරදැරිකරගෙන නරකද වැදි භාෂාවෙන් ජාතික ගීය කියන්න ඉල්ලුවොත් . අපේ රනිල් මහත්තය බොහොම සතුටින් උදව් කරාවි.
ඉතා සතුටුදායක ආරංචියක්. සුබ පැතුම්...!
සහෝදරිය ජයවේවා, ඔබ තවදුරටත් ඔබේ අධ්‍යාපන කටයුතු නොකඩවාම කරගෙන ගියොත් පාර්ලිමේන්තු යන එක අනිවාර්යයි.
දියණියනි,ඔබට සුභපැතුම්!
අපේ රැහේ රැකගන් අක්කන්ඩි
ඊලගට පළාත් සභාවට යාමට අවස්ථාවක් ලැබේවා
ලංකා දේශයේ ජන්ම හිමිකරුවන් වන ඔබට හදවතින්ම සුභ පතනවා. වරිගයට සීමා නොවී මුළු මහත් දේශයටම සේවය කිරීමට සිත්හි තබාගන්න. නැතහොත් ඔබ ඔබටත් නොදැනීම මැකී යාවි. ඔබට ජය.
ජය වේවා සොහොයුරිය.. ඔබටත් ඔබගේ ජනතාවටත් සුභ අනාගතයක්..