ඩයනා උදයංගනී
ලංකාවේ බහුතර ඡන්ද දායකයන් සිය ඡන්දය භාවිත කර තිබෙන්නේ පොහොට්ටුව ලකුණෙන් තරග කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එරෙහිව බවත් එයට ලැබී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණු ඡන්ද ප්‍රමාණයට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
යහපාලන ආණ්ඩුවට 2015 ජනවාරි 08 වැනිදා පැවති ජනපතිවරණයේ දී ලැබුණු ජනවරම පළාත් පාලන මැතිවරණයේදී තවත් ශක්තිමත් වී ඇති බැවින් අගමැතිවරයා වෙනස් කිරීමේ හෝ ආණ්ඩුව ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවක් මතු වී නොමැති බව ද රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලැබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 45 කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බව පවසන අමාත්‍යවරයා එය ජනවාරි 08 මැතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයා ලබා ගත් ඡන්ද ප්‍රතිශතයට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් බව කියා සිටී.
අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය විසින් අමාත්‍යවරයාගේ අදහස් සහිතව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයෙහි මේ බව සඳහන් වේ.
තමන් ඩලස් අලහප්පෙරුම මහතා මෙන් ඇමෙරිකාවට පලා ගියේ නැතැයි පවසන අමාත්‍යවරයා ජනවරමට අනුව අපේක්ෂාවන් ඉටු කිරීමේ සටනේ තවදුරටත් රැදී සිටිමින් 2020 න් පසු ජනාධිපතිවරයා යළි පත් කිරීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා එහි සඳහන් කර තිබේ.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේ ද ප්‍රකාශ කර ඇත.
‘‘ප්‍රතිඵලය පිළිබඳව මා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් සමග සාකච්ඡා කළා. ආණ්ඩුවේ අඩු පාඩු නිවැරදි කරගෙන ඉදිරියට යාමට ඔවුන් දෙදෙනාම කැමැත්ත පළ කළා. පළාත් පාලන මැතිවරණය ජයගෙන අග්‍රාමාත්‍යවරයා වීමට හෝ මහ මැතිවරණයක් පැවැත්වීමට හිටපු ජනාධිපතිවරයා සිහිනයක සිටිය ද එය ඉටු වන්නේ නැහැ.
හිටපු ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍ය ධූරය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය මෙතෙක් යෝජනා කර නැහැ. 2015 වසරේ වත්මන් රජයට ජනවරම ලබාදී ඇත්තේ දුෂණය සහ වංචාව පිටුදැකීමටයි. එය අඛණ්ඩව ඉදිරියට සිදු කිරීමට යහපාලන රජයේ නායකයින් එකගත්වයට පැමිණ තිබෙනවා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊලඟ ඡන්දය ලංවෙනකන් කියව කියවා ඉන්න. කරන්න ඕනෑ දේවල් නොකර..
එතකොට බහුතරේ ඔහෙලට කැමැතියිද? ඊටත් වඩා බහුතරයක් ඔහෙලට කැමැති නැති බව ඒකෙන්ම පේනවා නේද? වස්තරේවත් නැතිවෙන්න කලින් ගෙදර යන්න මහත්තයෝ...
එතකොට ඔහේට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලැබිලද? ගණන් බැරි නිසයි අහන්නේ?
මේක මාර කතාවක්නේ... පොදුජන පෙරමුණට 44% එකඟයි. එ්ත් යූ එන් පී එකට එකඟ 32% නේ... එහෙම නම් ඉතින් මහින්දට වැඩිය ගොඩක් අය රජයට විරුද්ධයි. මෙය හිතන්නේ අනෙක් අය එජාපයට එ්කට එකඟයි කියලා...
නියම මපට් ෂෝ කියන්නෙ මේවට තමයි. මම හිතන් හිටියේ රටටම ඉන්නේ මපට්ලා දෙන්නයි කියල. බලන් ගියාම තුන් දෙනෙක්ම ඉන්නවා. තමන්ගේ ආසනේ, කොට්ඨාශයේ දිනා ගන්න බැරි කෙනා කොහොමද අනිත් ඒවා ගැන කතා කරන්නේ. මේවට තමයි ගොන් ජෝක් කියන්නේ...
මං ඉස්කෝලෙ යන කාලෙ එක පාරක් හැම විෂයකටම වගේ වැඩි ළකුණු අරගෙන පන්තියේ පළවෙනියා වුණා. රිපෝට් එකත් අරන් එනකොට පන්තියේ දෙවෙනියයි, තුන්වෙනියයි, හතරවෙනියයි මං ළඟට ඇවිල්ලා කිව්වා. "අපි තුන් දෙනාගෙම ළකුණු එකතු කළාම ඔයාට වඩා වැඩියි. ඒ නිසා ඔයා පළවෙනියා වුණාට ඔයා පරාදයි" කියලා.
බහුතරය පොහොට්ටුවට එරෙහි බව පෙන්නලා තියෙනවා. ඔබතුමාගේ අසනයෙන්ම, අවස්ථාවාදී ප්‍රතිපතියක් නැති දේශපාලකයෝ පක්ෂ විපක්ෂ දෙපැත්තෙන්ම අතුගා දැමිය යුතුයි. මොන ආණ්ඩුව ආවත් මේයා දිනුවා. මර්වින් සිල්වාට කරපු දේ මෙයාටත් කරන්න ඕනේ...
ඕක තමයි අද ලංකාවේ දේශපාලකයින්ගේ තත්වේ. කන්න ඕනෑ වුණාම කබර ගොයත් තලගොයා කර ගන්නවා. ලැජ්ජාව ගෑවිලාවත් නැහැ.
ලංකාවේ ඡන්ද ප්‍රථිපල රැඳෙන්නේ මහින්ද වාදී සහ මහින්ද විරෝධී ලෙස විතරද එතකොට? එය ශ්‍රීලංකා එකට අකමැති ඒජාප පාක්ෂිකයින්ට කරන අසාධාරණයක්... එක එක පක්ෂවල පාක්ෂිකයෝ තමන් කැමති පක්ෂෙට ඡන්දේ දෙන්නේ වෙන පක්ෂවල අය බලේට ගේන්න නෙමේ. පුළුවන් නම් මහින්ද වගේ එජාපෙ තනියම ඉල්ලලා බහුතරයක් අරන් පෙන්වන්න.
ඇත්තනේ දොස්තර කියනකන් අපිට තේරුණේ නැහැනේ ... ඔහොම දිගටම මහා දෙන්නට උපදෙස් දෙන්න...
අඩු පාඩු නිවැරදි කර ගන්න පරදිනකන්ම හිටියද. කොහොමද ඒක
මාර විහිලුව
ඔබතුමා හරියටම හරි පොහොට්ටුවට ඡන්ද ලක්ෂ 49 ක් ලැබෙනවිට එයට විරුද්ධව ලක්ෂ 61 ක් තියෙනවා. පොහොට්ටුවට ඡන්දය දුන් අය අතර සංවිධායකයන්ගේ කෙනෙහිලි නිසා ඡන්දය දුන් එ.ජා.ප සාමාජිකයනුත් සිටින බව කිවයුතුය. එනිසා මෙය ජනතාව කල තරවටුවක් ලෙස සලකා දැන්වත් 2015 පොරොන්දු අකුරටම ඉටුකරන්න
මං ඉස්කෝලේ යන කාලේ එක පාරක් හැම විෂයටම වගේ වැඩි ලකුණු අරගෙන පන්තියෙ පළවෙනියා වුණා. රිපෝට් එකත් අරන් එනකොට පන්තියේ දෙවෙනියයි, තුන්වෙනියයි, හතරවෙනියයි මං ළඟට ඇවිල්ලා කිව්වා, "අපි තුන් දෙනාගෙම ළකුණු එකතු කරාම ඔයාට වඩා වැඩියි ඒ නිසා ඔයා පළවෙනියා වුණාට ඔයා පරාදයි" කියලා. මං හිනාවෙලා ගෙදර ආවා...
එහෙනම් එජාපය ගිය පාර මහා ඡන්දේදි 45% අරගෙන මේ සැරේ එක 32% දක්වා පහත බැහැලයි තියෙන්නේ. ඒ කියන්නේ 68% ජනතාව මේ රජය එපා කියනවා කියන එකද?
නරියත් මිදි ඇඹුලයි කිව්වලු ...
ඕනෑම දෙයකට උත්තර තියෙන කෙනෙක්...
රාජිතතුමා මොන තර්ක ගෙනාවත් ජනාධිපති සිරිසේන වටා රොක්ව සිටි පක්ෂ දෙකම ලබාගෙන තිබෙන්නේ ආසන 10යි. එයින් ඉතාම හොඳින් පැහැදිලි වන්නේ ජනතාව ජනාධිපති සහය දුන් අපේක්ෂකයින් ප්‍රතික්ෂේප කර ඇති බවයි. එයින් තවදුරටත් පැහැදිලි වන්නේ ජනතාව ජනාධිපතිතුමාව ප්‍රතික්ෂේප කර ඇති බවයි.
මේ වගේ එහාට පනින මෙහාට පනින කටවල්වල සංවරයක් නැති එක එක දවසට එක එක බයිලා ගහන පනීලා දෙතුන් දෙනෙක් නිසා තමා මේ ප්‍රතිඵලය ලබාගන්න සමත් වුණේ. දැන් ඉතින් පනින්න තියෙන්නේ " වලකට " තමා. ජනමතයක් නොමැතිවම පාර්ලිමේන්තුවේ මෙන්ම රජයේද තනතුරු දරන නියෝජිත ප්රජාතන්ත්රවාදය පිළිබිඹු නොවන මේවගේ අය කියන දේ අහන්නේ...
අපිට දැන් ඕනෑ අලුත් විහිලු තමයි !
මහින්ද මහත්තයට ජම්පරයක් දාන්න නේද බලන් හිටියේ.. ලැජ්ජාවක් තියෙනවා නම් පැම්පසයක්වත් ඇඳගෙන ගෙදර යන්න..
අන්ධකයිප්පු කැවිලද කොහෙද ?
2020 පොහොට්ටුව පරද්දන්න ඕනේ නම් මෙයාව පොහොට්ටුව ඇතුලට දෑත් ශක්තිමත් කරන්න යවන්න. ගියතැන විනාශයි. පුතාවත් අරගෙනම යන්න කියන්න.
මේ උත්තරවලට ප්‍රශ්න හම්බ වෙයි ඔහොම යද්දි. මහින්ද මහත්තයා මනේ ඕනේ නේද? කට්ටියට රජ කරලා බලන් උඩ පනින අයට මොකද වෙන්නේ කියලා? අර දෙමළ මිනිසුන්ට මොලේ තියනවා සිංහල මිනිසුන්ට වඩා....
මේ අැමැතිතුමාට තමයි කියන්නේ.. වැඩ බැරි ටාසන් කියලා...
මේ කියන දේවල් ගැන එච්චර හිතන්න ඕනෙ නැහැ.
පේනවනේ විකාරවල තරම. මෙයාලානේ රට පාලනය කෙරුවේ. ඒ මදිවට සෞඛ්‍ය ඇමති. රටේ ජනතාව මෙයාලව පාරට ඇදලා දානකම්ම ඉන්නවා වගේ...
ඔබතුමාට දත් කැක්කුමක් වත් හැදිලද? මුහුණ නම් වෙනදා වගේ සාඩම්බර පාටක් නැහැ.
අනේ මන්දා මෙතුමාගේ ගණිතය දැනුම නම්...
සරල ගණිතයවත් බැහැ නේ
මේ අය රට පාලනය කරන්නේ . නියමයි රටට.
මේ සැරේ ලැබුනේ බඩ බුරුල් වෙලා යන්න. ඊ ලග වතාවේ බඩ වැලුත් එක්කම යන්න හම්බ වෙයි.
රාජිත ගැන තරහක් ඇති වෙනවා දේශ පාලන වේදිකාවල කතා කරපු ආකාරය ගැන . අනික් සහෝදර දේශ පාලකයන්ට දොස් නැගපු හැටි ගැනත් ,දොස්තර වරයකු ලෙස ඔබ මිට වඩා කාරුණික විය යුතුයි යුරෝපයේ ඉන්න අපි දැනටමත් ඔබ ගැන කණගාටු වෙනවා , දේශ පාලනය ඔබතුමාට පිළිකාවක් වන්න පුළුවන් .
ගොන්නුත් දැකල තියනවා මේ වගේ ගොනෙක් දැකල නෑ කවදාවත්
අගමැතිවරයාට unp පක්ෂයේ නායකත්වයේ වෙනසසක් දැනුනේ ඡන්දය පරාද උනාට පස්සෙද. ඔබ අගමැතිට ඇතුලේ කියපුව එළියේ කියපු කතාවෙන් තේරෙනවා ඇතුලාන්තය.
ගල් අගුරු, පැනමා පේපර්ස් කිව්වහම ඇති නොදන්නා කෙනෙක් නැහැ.
බහුතර මතය පිළිගන්න බැරිනම් මොලේ අවුලක්. පොහොට්ටුවට 72% යූ.ඇන්. පී.ට 47% ඕක හදාගන්න බැරි කාටද, ?
කට විතරයි. බේරුවලට මොකද උනේ..? සේරටම කලින් ඒක දිනලා පෙන්වන්න.
සිත නිවන කතා
මේ වගේ අය ගෙදර යවන්න ක්‍රමයක් නැහැනේ...
කියන කතා අපි මොකට ගණන් ගන්නවද?
මේ ඉන්නේ දැක්කත් තරහ යන කෙනෙක්.
ලංකාවේ තිබ්බේ ප්‍රාදේශීය හා නගර සභා ඡන්දයක් මිසක් මහින්ද හිතයිශී හා මහින්ද විරෝදී ඡන්දයක් නොවේ .
විලි ලැජ්ජාවක් කියන නාමයක්වත් ගැවිලා නෑ. තමුන්ගේ ආසනෙත් උඩින්ම පරාදයි. ඔබේ ප්‍රදේශයේ ජනතාව ඔබ තුමාව ප්‍රතික්ෂේප කරලයි තියෙන්නේ. කරුණාකර ඉල්ලා අස් වනන්න.
රටේම ඡන්දය එකපාර තියපු එකම රටේ ජනතාවගේ ජයග්‍රහණයක්. කොටස් වශයෙන් තියල ආණ්ඩුවේ සියලුම බලය යොදවල ඡන්දය තිබ්බ හැටි මතකද? ආණ්ඩු විරෝධය ගියේ වැරදි අතට. ඉතිරු වසර දෙක තීරණාත්මකයි. අපි බලමු. ඔයගොල්ලෝ පාරට බැහැල බොරුවට ඡන්දයක් තියන්න කියල උත්ගොෂනය් කරනකොට බස් වල යන අය ආණ්ඩුවටද ඔයාලටද බනින්නේ කියල?
අනුකම්පා කරමු....
බොහොම හොඳයි. සෙනගක් මැද්දට ගිහින් ඕක කියන්න. හොඳ හුවක් හම්බ වෙයි.
මෙයා පිස්සුවෙන් වගේ හිතේ දුකට කියෙව්වට, මෙතන ඊළග ඡන්දෙදි මහින්දට හිතන්න පොයින්ට් එකක් තියනවා..
අර සයිටම් කාරයාගේ ජරාව කාලා... වෛද්‍ය ශිෂ්‍යයින්ට දුන්න වදේ...
තමන්ගේ සිට් එකත් පැරදිච්ච එක්කෙනෙක් කෑගහන්නේ. ලැජ්ජාවක් නැති දේශපාලකයෝ.
රනිල් ගෙදර ඇර සජිත්, නවීන්, ගෙන එන්ඩ දිනුම්.
2015 මහමැතිවරණයෙන් මෙයාගේ ආසනය වැඩි චන්ද 15000 කින් දිනුවා. මේපාර වැඩි චන්ද 13000 කින් පරාද වෙලා බොරු කියන විට තමන්ගේ ප්‍රති රුපය විනාශවෙන එක ගැනවත් හිතන්න
යහපාලනය ගෙදර යවන්න මූලික වුන චරිතයක් තමයි. වාචාල කටවල් වලට කරන්න පුලුවන් දෙයක් නෑ කියන එක තාමත් තේරුණේ නැද්ද මන්දා.