(කටුනායක ටී.කේ.ජී.කපිල සහ ඉන්දිකා රාමනායක)
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12 වැනිදා) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය. උදෑසන 8.10 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. - 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය .
පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ හිටපු ආරක්ෂක ලේකම්වරයා “ජනතාව රවටාගෙන හැමදාම ඉන්න බෑ“ යයි කියා සිටියේය.
“අපගේ උත්තරීතර මාතෘභූමියේ අනාගතය සුරක්ෂිත කිරීම ස ඳහා ඔබ සැම එකා මෙන් කැපවීමෙන් යුතුව සියලු බාධක අභිබවා මෙම ජයග්‍රහණය උදෙසා දැක්වූ සහයෝගයට සියලු ශ්‍රී ලාංකිකයන්ට මාගේ ප්‍රණාමය පුද කරමි“ යයි පොදුජන පෙරමුණේ ජයග්‍රහණයට සුබපැතුම් එක්කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මුහුණු පොතේ පණිවුඩයක් තබා තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ අනාගත ජනාධිපතිතුමා....
මේ ඡන්දය ඔබලාට 2020 දී අවාසිදායක එකක් වෙන්න ඉඩ තිබෙනවා UNP ය පරාජය තේරුම් ගත්තොත්.
ඇයි මහත්තයෝ පැනලා ගියේ? ඡන්දේ දිනනකොට එනවා. කලින් බැසිල් පැන්නා.
දිනන්නම ඕනෑ මව් රටට එන්න. මේ වගේ අයට තාවකාලිකව අහුවෙන මිිනිස්සු අපේ රටේ ඕනැ තරම් ඉන්නවා. පව්.!
පරදින බව දුටුවිට පැණ යයි. දිණපුවාම නැවත එයි. මරු සහෝදරවරු.
දැන් රටේ ජනමතය හැමෝම දැන ගත්තනේ, මිනිස්සු කැමති නැහැ යුද්ධය අවසන් කල නායකයන් දේපල වන ඔබ තුමන්ලාට හිරිහැරයක් වෙනවට. ඒ වගේම අනවශ්‍ය විදියට රටේ දේපල විදේශයන්ට විකුනන්න, රටට අවාසිදායක ගිවිසුම් වලට බැදෙනවටත් මිනිස්සු තමන්ගේ මතය ප්‍රකාශ කරා. ඔබතුමාට දැන් තියෙන්නේ නැවත වතාවක් පෙර පරිදිම සැලසුම් කරා රට මේ අවුරුදු දෙකට වැටුන තැනින් නැගිටුවන්න.
පුළුවන් නම් ඇමරිකන් පුරවැසි කම අයින් කරගෙනම එන්නකෝ
මෙය "ගෝඨාභය යළි දෙවැනි මව්බිමට එයි" ලෙසින් නිවැරදි වියය යුතුයි.
මෙන්න නියම මිනිස්සු. ගානට වෙලාවට තමා එන්ටර් වෙන්නේ.
ඇමෙරිකානු පුරවැසිකම ඉවත් කරගන්න.
දේශප්‍රේමී නම් පැනල යන්නේ මොකද මන්ද ?
වෙලාව හරි සටනට එන්න...
ඔබ තමයි අපිට ඉතුරුවෙලා තියෙන එකම සිහිනය, ඔබට මිනිසුන් මහින්ද මහත්තයටත් වඩා ආදරෙයි... ඒ නිසා ඔබ ඔබේ රටට ආදරෙයිනේ... ඊලඟට රට බාරගන්න සූදානම් වෙන්න. ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කරගෙන දැන්මම 2020ට සූදානම් වෙන්න. තෙරුවන් සරණයි....
ඡන්දෙවත් දාන්නේ නැතුව කොහෙද පැනලා හිටියේ?
මව්බිමෙන් එයි වෙන්න ඕන
ඡන්දෙ ලංවෙනකොට යනවා, දින්නොත් එනවා. ඔබතුමා කල සේවයට මිනිස්සු ඔබතුමාට ආදරෙයි
මෙතුමාගෙන් රටට කොපමණ වැඩක් ගන්න පුළුවන් කෙනෙක්ද? දැන් ඉන්න 254 ගේ හැකියාව මෙතුමාට සම කරන්න බැහැ
පවුලේ කට්ටියම එකතු වෙන්න යන්නේ... රට හදන්න ආයේ පටන් ගන්නද?
කට්ටිය සෙට් වෙලා රටම ආයෙත් කන්නයි යන්නේ.... ඡන්දය දීපු අයට ජය වේවා !!!
ලඟදී ලංකාවට මිනී මෝරෙක් ඇවිල්ලා... මාධ්‍යවේදීන් එහෙම පරිස්සමෙන්...
මම ඇමරිකානු පුරවැසියෙක්. මට ශ්‍රී ලංකාවේ අගමැති වෙන්න බෑ“ යයි අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය නියෝජිතයන් හමුවේ පැවසීය'''' මෙය තේරුම් ගන්න ඔය මෝඩ කොමන්ට්ස් දාන අය...
අනේ එක ඇත්ත විපුල දැන් ඉන්න 254 ගේ හැකියාව මෙතුමාට සම කරන්න බැහැ !!
බැසිල් මහත්තය ආවේ නැද්දේ.
මහා බැංකු අධිපති වෙන්න පුළුවනි නේද